නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ කොළඹ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් එක්ව අද (11) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී මන්නාරම, එලුතූර් මන්සංදියේදී කේරළ ගංජා කිලෝග්රෑම් 30 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd