රවී කරුණානායක මහතා විදේශ ඇමැති ලෙස පත්වීමෙන් පසු විදේශ අමාත්‍යංශය යටතට පැවරූ ලොතරැයි මණ්ඩලය යලි මුදල් අමාත්‍යංශයට ලබා දීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මංගල සමරවීර මහතාය.
ලොතරැයි මණ්ඩලය මීට පෙර තිබුණේ මුදල් අමාත්‍යංශය යටතේය. පසුගියදා සිදු කළ කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යංශය යටතට වැරැරිණි.
විදේශ ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා ඊයේ ඉල්ලා අස් විය.
- 265

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කුමක් හෝ වරදක් සිදුව ඇති බව පෙනෙනවා නේද?
එහෙම එනවා නම් රවී නියෝජ්‍ය ඇමතිකම වුණත් භාරගනියි.
එතකොට ඕක රවීට දීලා, ජනාධිපතිතුමා කරලා තියෙන්නේ රවී බබා නලවපු එකද?
මේ වගේ විකාර වැඩ කරන ආණ්ඩුවක්... හොඳම වැඩේ ජනාධිපතිතුමා යටතට ගැනීමයි.
ලොතරැයි මණ්ඩලය තියෙන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ නැතුව විදෙස් කටයුතු කරන කෙනෙක් ගාව නෙමෙයිනේ මේ නම් නියම හොරු. අනේ අම්මපා ගිය එකමයි හොඳ. ලැජ්ජාව කියලා එකක් ඇත්තෙම නෑ....
වැරැද්ද වුණේ ජනවාරි 08 වැනිදා. ජනතාව නොමඟ ගිය එදා යහපාලනය කියන වචනය ඉදිරිපිටයි.
"මේවාට කියන්නේ ගොන් පාර්ට් කියලයි" ස්වාධීන තීරණයක් ගන්න බැරි මිනිසුන්ට බලය ලැබුණාම මේ දේ තමයි වෙන්නේ.
මෙතන කර තියෙන්නේ සිදුවූ වරද නිවැරැදි කරලයි තියෙන්නේ. මංගල ඇමතිතුමා ගේ දෑත පිරිසිදුයි. ඒ නිසා ඔබතුමාට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා ආශීර්වාද පතනවා. ජනතාවට සහන සහ දෙපයින් නැගී සිටීමට අවශ්‍ය දේවල් රජයක් හැටියට කල යුතු යුතුකම් ඉටුකර. රටට හිතකර අයවැයක් ඉදිරිපත් කරන්න. මිල පාලනයන් අවම කර ජනතාවට ඇති බර අඩු කරන්න. අතලොස්සක් වූ දේශීය වෙළඳුන් රකිනවාද? එයාලව පෝසත් කරනවද? නැත්නම් මිලියන් ගණන් ඉන්න ජනතාව සුරකිනවද? දේශීය කියා ගන්න සමහරුන් කලේ රටේ ජනතාවගෙන් සූරා කපු එක, මොකද ඒ දේ පිට රටින් ගෙනාවම ගොඩක් අඩු ගාණට පාරිභෝගිකයන්ට ගැනීමට හැකියාව තියෙනවා. ඒ ඉතිරිවෙන මුදලින් රටේ ජනතාවට වෙනත් දේවල් ගත හැකියි. මේ දේවල් දකින්නේ නැතුව බොරුවට සිරිලක දේ සිරිසැප දෙන්නේ අර කිව්ව අතලොස්සක් වූ වෙළඳුන්ටයි.
අපිට සජිත් ඕනා. දුප්පතාගේ හිතවතා තමයි ප්‍රේමදාස ජනාධිපතිතුමා....
මංගල ඇමතිතුමා කෙලින් වැඩ කරන, හොරකම් නොකරන, වංචනික දේශපාලකයන්ගේ පගා සහ තර්ජන සතයකට මායිම් නොකර ඔවුන්ව කලින්ම ගෙදර යවන්න නොබියව මුලික වූ කෙනෙක්. මෙවන් නායකයෝ තමයි රටට අවශ්‍ය...
විදේශ ඇමැතිතුමා පිටරටවල් වලට ටිකට් විකුණලයි තියෙන්නේ.. ලොකුම දිනුම ගියේ චීනෙට, සුපිරි ආ....!!!
ආණ්ඩුවම අච්චාරුවක් නේද?