තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව බව මේ වනවිට තහවුරු වී ඇති නිසා එම ව්‍යාපෘතිය වහාම අත්හිටුවන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන් පිරිසක් සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා සිය නිවාස සහ වගාබිම් වලට හානි සිදුවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට හමුවට ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කරන ලදී.
සිසිර ද ආබෘ ,ප්‍රියන්ත ජයවර්ධන සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
නිසි පරිසර ඇගයීම් වාර්තාවක් නොමැතිව ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව තහවුරු වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවද එම දිවුරුම් ප්‍රකාශ මඟින් ඔවූහු අධිකරණයට දැන්වූහ.
පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. ඩී.රොද්‍රිගු මහතා මහතා මෙම පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා සිටියේය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් අසරණභාවයට පත් ජනතාව වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව දෙන්නැයි ජනාධිපති නීතීඥවරයා කීවේය.
විශාල පාරිසරික හානියක් සිදු කරමින් ජනජීවිතයට විශාල පාඩුවක් සිදු කරමින් දියත් කර ඇති මෙම සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලෙස ද ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් තමන් ඉල්ලා සිටින බව ජනාධිපති නීතීඥ ඩබ්ලිව් .ඩී.රොද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
අදාළ ඉල්ලීම් සම්බන්ධ කරුණු සලකා බැලීමට මෙම පෙත්සම සැප්තැම්බර් 29 වැනිදා කැඳවීමට තීරණය කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මුළු පලාතක්ම ජනදිවියට බලපාන ප්‍රශ්ණයක් උදෙසා ඇති මෙවැනි නඩු කටයුත්තක් සැප්තම්බර් වැනි මාසයකටත් වඩා වැඩි කාලයක් පසුපසට නොදමා ඉතා ඉක්මණින් සලකා බලන ලෙස ගරු අධිකරණයේ විනිශ්චයකාර තුමන්ලාගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි.
මහරජා ඕක පටන් ගන්න කොට ඔය නීති වැඩි බාප්පලා කොහේද හිටියේ?
මේ ටනල් එකේ වැඩ 85% ඉවර කරලයි තියෙන්නේ. දැන් මේක නවත්වනවා කියන්නේ ටනල් එකට උඩින් තියෙන ඉඩම්වල මිනිස්සුන්ට පරණ ජීවන තත්වයට පත්වෙන්න අවුරුදු 100ක් වත් යනවා කියන එකයි. නමුත් ටනල් එක ඇතුලට ජලය කාන්දු වෙන තැන් හොඳටම සීල් කරලා උසස් ප්‍රමිතියට හැදුවොත් අවුරුදු 10 කට වඩා අඩු කාලයකින් සියලුම ඉඩම් පරණ තත්වයට පත්වෙනවා. එහෙම නැතුව ටනල් එක පස් වලින් වැහුවත් ජලය කාන්දුවීම වලක්වන්න බැහැ. ඒක කොන්ක්‍රීට් වලින් වැහුවොත් ලංකාව ආර්ථිකය අවුරුදු 10කින් පස්සට යනවා.
ඇත්තටම ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති තත්වය ඛේදනීයයි. ඇත්තටම මේ ප්‍රශ්නයට ඇගයිම් වාර්තාවක් සකස්කලා යැයි කියන ජයවර්ධනපුර සරසවියේ උගතුන් තම වගකීම් නිසි ලෙස ඉටුකර තිබේද? වර්තමානයේ මහා දේශප්‍රේමිත්වයක් තම මතවාද එළිදක්වන මැති අැමැතීන්, මන්ත්‍රීවරුන්, මාධ්‍ය ඔස්තාර්ලා සිටියේ කොහේද? ව්‍යාපෘතිය ආරම්භකරන විට නිසි විවේචනයක් කිරීමට තරම් ආත්ම ශක්තියත් නොතිබූවන්ගෙන් දැන් ඇති වැඩේ කුමක්ද?
අයහපත් අරමුණින් මේ ව්‍යාපාරය පටන්ගෙන ලංකාවේ සුන්දරම පරිසරයක ජීවත්වූ ස්වයංපෝෂිත ගුණගරුක ජන සමුහයකට කල විපතට මෙයට මුලික වූවන් ලබන ආත්මෙත් හම්බන්තොටට කිට්ටුවම උපදීවා...!!!
ඔව් සනත් හරි...