(පුෂ්පකුමාර ජයරත්න)
බීමට ජලය සොයා ඉබ්බාගමුව කුඹුක්වැව නගරයට වන අලින් පස් දෙනකු අද (12) අලුයම පැමිණිම හේතුවෙන් ප්රදේශවාසීන් දැඩි ලෙස බියට පත්වූහ.
පවතින දැඩි නියඟය නිසා මෙම අලි රංචුව ජලය සොයා මෙපමණ දුරකට එන්නට ඇතැයි කියැවේ.
එම අලින් ආපසු යාමට නොහැකිව කුඹුක්වැව නගරයේ වත්තක රැඳී සිටි අතර අද පස්වරුවේ වන ජීවී නිලධාරීන් අලින් පලවා හැරීමට නියමිත ය.මෙම ප්රදේශයට අලි රංචුවක් පැමිණි ප්රථම අවස්ථාව මෙය බව කියැවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුක් වැව යනු මා කුඩා කාලයේ ඇති දැඩි වුණු ගම වන තිහවට ඉතා ආසන්න ප්රදේශයකි. දැනට වසර 35 කට පමණ පෙරද අලි කිහිපදෙනෙකු අපේ වත්තට ඉහත්තාවෙහි පිහිටි කලෝටුවා හින්න කන්දට පැමිණ ඔවුන් කුඹුක්වැව ඔස්සේ පලවා හරිනු ලැබූ බව මා අසා ඇත. දැනට වසර 70 කට පමණ පෙරද තිහව ඉහළවැව වෙත පැමිණි අලි අපේ පොල් ගස් පවා තලා දමා ගියා. එම සතුන් එවකට මහා වන පෙදෙසක් වූ ලෙවුගොල්ල නම් පෙදෙසට - ගිනි මල ගැසීමෙන් සහ මහා ඝෝෂා නැගීමෙන් පලවා හරිනු ලැබූ බව මම දනිමි. දැන් ලෙවුගොල්ල පෙදෙස මහා ජනපදයකි.