ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝ
හලක දරුවන් 60දෙනකු දින පහක් තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.
ඔක්සිජන් සැපයුම්කරුට බිල්පත් ගෙවීම පමාවීම හේතුවෙන් සැපයුම නතර කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පිළිගෙන ඇතත් ඔවුන් පවසන්නේ දරුවන් මියයෑමට එකම හේතුව එය නොවන බවයි. අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවන් ස්වාභාවික හේතූන් මත මියගිය බව ඔවුන් පවසා ඇත.
මෙලෙස මියගොස් ඇති දරුවන්ගෙන් වැඩිදෙනෙක් අළුත උපන් බිළිඳන් බව කියැවේ.බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් 30දෙනකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ දරිද්‍රතාවය ඉහළ කළාපයක් වන මෙම ප්‍රදේශයේ වසරකට එන්සෙෆලයිටීස් වැනි රෝග හේතුවෙන් දරුවන් සියගණනක් මියයන බව පැවසේ.
සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට ඔක්සිජන් දීගන්න බැරි අපිට නොමිලයේ ඇම්බියුලන්ස් දෙනවා. මේක පුදුම ලෝකයක්.
ඔන්න පේනවා නේද ඉන්දියාවේ පෞද්ගලික රෝහලක කෙරුවාව. කාගේත් දරුවෝ- මෙහෙම අකාලේ මියයනකොට... කව්ද වගකියන්නේ. දෙමව්පියන් කොහොමද මේවා දරාගන්නේ? මේම රෝහල් වල වැඩකරන දොස්තරලා, ඇතුළු අනිකුත් සියළුම කාර්යය මණ්ඩලය උපාධි ලබාගෙන තියෙන්නේ ලාබෙට විකුණන උපාධි කඩවලින්.. ඔවුනට සල්ලි මිස මිනිස් ජිවිත වටින්නේ නැහැ. බොරුනම් ඔබ අඳුනන ඉන්දියන් වැසියකුගෙන් අහලා බලන්න.
ඉතාමත් කණගාටුදායක තත්වයක්. අලුත උපන් දරුවෙක් වෙනුවෙන් ඒ අම්මලා තාත්තලා කොයිතරම් බලාපොරොත්තු තියන් ඉන්න ඇත්ද? සෞඛ්‍යය මුදලට විකිණීමේ විපාක තමයි මේ. සෞඛ්‍යය සහ අධ්‍යාපනය නොමිලේ සමසේ ලබාගැනීම වෙනුවෙන් ජනතාව සටන් කල යුතුවන්නේ මේ නිසයි.
කෝ අර ඉන්දියාවේ සෞඛ්‍ය සේවය ගැන පාරම්බාපු උදවියද?
අපේ ලංකාවේ මොන ප්‍රශ්න තිබුණත් වෙලාවකට හිතෙනවා අපි කොච්චර වාසනාවන්තද කියලා...
යෝගී ආදිත්‍යනාත්, උත්තර ප්‍රදේශයේ මහඇමති වුණාට පස්සේ එම ප්‍රදේශයේ අපරාධ වැඩිවුණා. ගවයින්ට ඇම්බියුලන්ස් දෙනවා. ඒ වුණාට ඇම්බියුලන්ස් නැතුව නොදරුවන් මහමඟ මැරෙනවා දකින්න පුළුවන්.
ප්‍රධානම දේ තමයි අපිට තියෙන නිදහස් සෞඛ්‍ය, අධ්‍යාපනය රැක ගැනීම, පෞද්ගලික ලාභ පරමාර්ථ මුල් වුන් පසු මිනිසුන්ගේ හැසිරීම බොහෝවිට සැහැසියි. අපිට තියෙන දේ අගේ නැතිව අපි විනාශ කරමින් පවතිනවා. ඉතාම ඉක්මණින් ලංකාවෙත් මේ තත්වය ඇති නොවුණොත් තමයි පුදුම...