ඉහළ සිට පහළට වංචාව හොරකම සහ දූෂණය ගලාගිය මේ රටේ දේශපාලන සංස්කෘතිය එකවර වෙනස්කළ නොහැකි නමුත් අවංකව කටයුතු කරන සහ රටට ආදරය කරන දේශපාලනඥයින් පිරිසක් බිහි කිරීමේ දුෂ්කර කටයුත්තට වත්මන් රජය උරදී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කුමන නින්දා අපහාස සහ චෝදනා හමුවේ වුවද එම අභියෝගය ජය ගනිමින් ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතිය රට තුළ ගොඩනැගීමට කටයුතු කරන බව ද ජනපතිවරයා පැවසීය.
විවේචන සහ චෝදනා කොතෙක් එල්ලවුවද කිසිදු රජයක් ඉටු නොකළ වැඩකොටසක් වත්මන් රජය ඉතා කෙටි කලක් තුළ රටටත් සහ ජනතාවට ඉටුකළ බව ද සිරිසේන මහතා පවසයි.
රජය ප්‍රමුඛතාවය ලබාදී තිබෙන්නේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කර ඒ තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගීමේ කාර්යය සඳහා බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
ජනපතිවරයා මේ බව පැවසුවේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ප්රදානය වෙනුවෙන් අද (12) තලාව කී‍්‍රඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
මෙම උත්සවයෙන් අනතුරුව එප්පාවල සමූපකාර සමිති පරිශ්‍රය වෙත ගිය ජනපතිවරයා තමා එහි සැපයුම් නිලධාරියකු ලෙස සේවය කළ අවධියේ තමන් සමග කටයුතු කළ හිතවත් සේවකයින් හමුවී සුහද කථා බහක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අඟහරු ලෝකේ තියෙන ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියද කොහෙද මේ කතාකරන්නේ? පෘථිවි ගෝලයේ තියෙන ශ්‍රී ලංකාවේ නම් උඩම ඉන්න තක්කඩියාගේ සිට පහලම ඉන්න තක්කඩියා වෙනකම් හොරකම්ම තමයි.
හොරකම විතරක් නෙවෙයි. අපි පස් පව් සලකන විට බොරු කීමත් අති භයානක වැරදි වැඩ. බොරු කීම සහ රැවටීම. ඒක වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කළ හැක. මම හිතන විදිහට ද්‍රෝහි කමත් මේ ගණයට වැටෙනවා. මම කෙළින් සඳහන් නො කෙරුවාට මේවා සිදුකළ පුද්ගලයන් කවුද කියළා කවුරුත් දන්නවා.
අපිට සතුටුයි ගොවි ජනතාවට ඉචම් ඔප්පු ප්රදානය කිරීම පිළිබඳව. පහුගිය රජය කාලේ මැති ඇමැතිවරු සහ ඔවුන්ගේ පවුලේ අය රජයේ ඉඩම් තමන්ගේ නමින් ලියාගත්තා.
අමතක කරන්න එපා... ඔබතුමා මේ රටේ සුපිරි බලතල සහිත විධායක ජනාධිපති බව. කඩුව දුන්නේ යුද්ධකිරීමට මිස කොස් කොටන්න නොවෙයි. මේ ජරාජීර්ණවූ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න.
ඉස්සෙල්ලාම ඔබතුමා අසලම ඉන්න ඡන්දෙනුත් පැරදිච්ච හොර භූතයෝ ටික අයින් කර ගත්තොත් ඔය කතාවේ තේරුමක් තියනවා.
මට පෙනෙන විදිහට ජනාධිපතිතුමාගේ සිහිබුද්ධියේ මොකක හරි අවුලක් වගේ... ගිය ආණ්ඩුවේ හොරුන් ඇල්ලීම කෙසේවෙතත් මේ ආණ්ඩුවේ දැන් හතු පිපෙන්නා වගේ අලුත් හොරු බෝවෙලා මහා බැංකුවත් හොර කාලා. ඉස්සර 8%- 9% තිබුණු ව්‍යාපාරික සහ නිවාස ණය දැන් 16%-19% එම නිසා වියපර වැඩි දියුණු කිරීම, අලුතෙන් ආරම්භ කිරීම අඩාල වෙලා , රටේ රැකියා ප්‍රශ්න වැඩි වෙලා, දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝද රථයටත්, යතුරු පැදියටත් නොසෑහෙන ලෙස බදු වැඩි කල, පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වාහන වලටත් අමතර බදු ගහනවා. රට කරවන ඔබතුමා ඇතුළු ලොක්කෝ ගොඩක් ප්‍රශ්න වලදී කෙලින් තීරණ නොගෙන කාලයට ප්‍රශ්න විසඳීමට ඉඩදී පැත්තකට වී සිටීම නිසා රටේ ආර්ථිකය කඩා වැටිලා ජනතාවට ප්‍රශ්න මතුවෙලා. අපි ජිවත් වෙන්නේ කොහොමද? අලිබබා කල්ලිය රට පාලනය කරන කාලයේ හොරකම් කළත් රටේ යම්කිසි සංවර්ධනයක් වුණා. මිනිස්සු අතේ සල්ලි ගැවසුණා. ජනතාව අතේ සල්ලි සංසරණය වෙනකොට රජයට බදු අාදායම් ලැබුණා.
එහෙමනම් ඇයි දැන දැනම කිසිසේත්ම සම්බන්ධ නැති ලොතරැයි මණ්ඩලය රවීගේ විදේශ අමාත්‍යාංශයට පැවරුවේ ඇයි?
උඩ ඉඳන් යටටම හොරකම . .......? ඒ කියන්නේ ඩී පී ව්‍යාපෘතියේ අංක එකෙන් දැක්වෙන මහා පෝරිසාදයාගේ ඉඳලා අන්තිම පුරුක වන පී.එස්. එකට රිංග ගන්න අන්තිම කෙනා දක්වා ලංකාවේ ඉන්නේ හොරු කියන එකනේ... එ්කෙන් තමුන්වත් ගැලවෙන්නේ නෑ කියන එක නේද ගම්‍ය වෙන්නේ? කතාව ඇත්ත. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැනේ අනේ අනේ මගේ රටට ගිය කල දසාවක් පත්තරවල කාටුන් බලලා වත් කියවලාවත් අපේ මිනිස්සුන්ට හැදෙනට බෑනේ....
ඔබතුමා බලතල මීට වඩා පාවිච්චි කරන්න. හොඳ අධිකරණ ඇමැතිවරයෙක් පත්කොට සියලුම හොරුන්ට ඉක්මනින් දැඩි දඬුවම් දෙන්න. දැන් නම් අපට කතාවක් නොව ක්‍රියාවන් අවශයි. අපි තවමත් යහ පාලනයට කැප වෙමු.
"යා දෙක නොකර රත "එකට පෑහීමක් නැත" කිසිම දින...
මේ අවුරුදු 2ට හොරකම අඩුවුණාද ? වැඩි වුණාද? ගත්තු ණය මුදල් සහ මේ ටිකට කෙරුණු වැඩ ප්‍රමාණයෙන් ඉතාම පැහැදිලියි නේ හොරකම වැඩිවුණු බව... ඒක තවත් හොඳටම ඔප්පු වෙලා තියෙනවානේ...මහබැංකු හොරකමෙන්. තවමත් මේ රටේ ජනතාව ගොනාට අන්දන්නද හදන්නේ?
සමහරවිට රවී ලොතරයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශයට අරගෙන ගිය එක ජනාධිපතිතුමා දැනගන්න ඇත්තේ පත්තරේ බලපුවහමයි.
මේ රටේ සියලු අවංක ජනතාව ජනාධිපතිතුමා සමග එක්වෙමු. රටේ ජනතාව බලගන්වමු.
අාප්ප කාලා පනින එකත් නියම හොරකමක් තමයි. මහබැංකුව වගේම... ඔක්කොම වෙනසට මෙයත් වග කියන්න ඕනෑ...
ඕස්ට්‍රේලියාවේ ගහපු ඒවා කව්රුත් මතක් කරන්න. ඔක්කොම හොරු...
මොන බොරුද ගාමිණි.... රටේ ජනතාවට අද වෙලා තියෙන්නේ ගලෙහි පහරපු බල්ලාට වුණ දේ තමයි.
ඒක තමයි හිටං.. මහත්තයෝ. මෙයා නම් හොරකම් ගැන දන්නේ නැහැ. පව් හුරතල් පාටයි.
ඔබතුමාගේ කතාව නම් තියනවා ලංකාවේ ඉන්න වැඩිදෙනෙක් මෝඩ මිනිස්සු රවට්ටන්න පුළුවන් විදියට... එ්කනේ ඔබතුමා ඇතුලත් ආණ්ඩුව අද අපිට ලස්සනට බර පටවල හොඳට හොරා කන්නේ. මතක තියාගන්න ඔබතුමාගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ ලංකාවේ පත්වුණු හොඳම බොරු කියපු ජනාධිපති විදියට කියන එක....
ජනාධිපතිතුමනි, ආණ්ඩුව බලයට පත්වීමට පෙර පොරොන්දු වූ පරිදි දූෂණ වංචා ගැන සෙවීමට විශේෂ අධිකරණයක් මෙතෙක් පිහිටුවා නොමැත. පිහිටුවන්න. රට ගැන සිතන්න. ජාතිය ගැන සිතන්න. දූෂිතයන් පන්නා දමන්න. විනිවිද භාවයෙන් කටයතු කරන ලෙස මැති ඇමතිවරුන්ට නිතර නිතර කියන්න.
මෙයා කටවහගෙන ඉන්න තරමට මෙයාටත් හොඳයි රටේ ජනතාවටත් හොදයි. මොකද මෙයාලා බොරු කියලා පව් පුරවා ගන්නවා. ජනතාව කෝප වෙලා පව් පුරවා ගන්නවා.
අැයි රවීට ඇමති පහසුකම් දෙන්නේ. හොරුන්ව සදාකාලිකවම දේශපාලන භූමියෙන් අතු ගා දමමු. රජ වුණත් හොරා නම් හොරාමයි. කියකියා ඉන්නේ නැතුව වැඩේට බහින්න ඕනෑ.
එ්කට තමා ජනතාව ඔබතුමා ගැන බලාපොරොත්තු තියලා ඡන්දේ දුන්නේ. දැන් ඕවා අපිට කියලා වැඩක් නැහැ. හොරු එළවලා වැඩේ හරියට කරලා පෙන්නන්න ඕනේ. එ්ත් එහෙම වෙන බවක් නම් පෙනෙන්න නැහැ. ආපු ගමන්ම කලේ ඡන්දෙන් පරදවලා ගෙදර යවපු හොරු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත එකයි. ඒ වගේ කෙනෙකුට මුදල් ඇමතිකමත් දුන්නා. පරදේශිකයෙකුට මහබැංකු අධිපතිකම දුන්නා. දැන් ප්‍රතිඵල පෙනෙනවා නේද ? මේවට ඔබතුමාත් 50% ක් වගකියන්න ඕනේ.
කියන එකත් ඉන්නේ ඔය කියන ලයිස්තුවේ උඩම තමා දැන් සුදාන වෙන්න හැදුවට.