රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීමෙන් හිස්වූ විදේශ අමාත්‍ය ධුරයට තිලක් මාරපන මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.
පොලිසිය භාර නීතිය හා සාමය අමැතිවරයා ලෙස කටයුතු කළ මාරපන මහතා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ සිදුවීමකින් පසු ඉල්ලා අස් විය. පසුගිය කැබිනට් සංශෝධනයේ දී සංවර්ධන ව්‍යාපෘති ඇමැතිවරයා ලෙස මාරපන මහතා පත් කරනු ලැබීය.
ඉදිරි දින කිහිපය තුළ මාරපන මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
- 265

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගෙයි.
අගමැති කේවට්ටයන්ට අල්ලන මෙවැන්නවුන් නිසා තමයි මේ රජය මේ තරම් දුර්මුඛ වෙලා තියෙන්නේ? දැන්වත් අගමැතිතුමනි ඉගෙන ගන්න.. අලුත් අයට අවස්ථාව දෙන්න ඔය පක්ෂේ කරගෙන යන්න. මොකද නවීන් දිසානායක ඇමතිතුමා දැම්මොත් නරකද? එකවරක් ඉල්ලා අස්වෙච්ච කෙනෙක්ට නැවත විදේශ අමාත්‍යංශ දෙන එක නුවණට හුරු ද? නවීන් වගේ තරුණ නායකයකුට ඒ අවස්ථාව දෙන එක තමයි හොඳ?
වර්ෂ 2030 විදෙස් රටක ප්රවෘත්ති ප්‍රකාශයකින් උපුටා ගැනේ "ශ්‍රීලංකාව පාලනය කිරීම සඳහා හවුල් රජයක් ඇති කර ගැනීමට ඉන්දියාව හා චීනය එකඟතා ගිවිසුමකට අද දින එළඹී ඇත.
ඒක ඊට හපන්. හොරුන්ගේ හොරු කම්බ හොරු කියලා තමයි කියන්න වෙන්නේ.
එකකින් යවාගත්තෙත් බොහොම අමාරුවෙන්. දැන් තවත් එකක් විදේශඇමති කියන රාජ්‍ය දූත මෙහෙවර කරන්න සුදුස්සෙක් ඇත්තෙම නැද්ද?
හරියට දාම් අදිනවා වගේ. එක ඉත්තෙක් පස්සට ගන්න කොට අනික ඉස්සරහට දානවා. ඒක කැපෙන්න එනකොට පස්සට ඇදලා. කලින් පස්සට ඇදපු ඉත්තා ඉස්සරහට දානවා. කොහොම හරි එක ඉත්තෙක්වත් කැපෙන්නේ නැතිව බේරාගන්නවා. වටේ ඉන්න අය හුරේ දදා බලන් ඉන්නවා.
දක්ෂකම සහ පළපුරුද්ද බලා දුන්නනම් හොඳයි
මකුණෝ ඉවර කරලා බලද්දී ... මැක්කෝ වහන්න පටන් අරගෙන.
මේ අයගේ තියෙන්නේ නරිවාඩම විතරයි. තවම බැරිවුණා ඔයකියපු ගිය ආණ්ඩුවේ එක්කෙනෙක්වත් අල්ලගන්න. ඒ වුණාට මහින්දගේ කට්ටිය මේ ආණ්ඩුවේ ඇමැති කෙනෙකුත් දොට්ට දැම්මා. කොහොමද වැඩ?
ඉගෙන ගත් කෙනා නිතරම බලන්නේ ඉගෙන ගත් දැනුමෙන් හොරකම් කරන්න මිස එ් දැනුමෙන් රටට, ජනතාවට ඵලදායි සේවයක් කිරීමට නොවෙයි. එබැව් මුළු ඉතිහාසය පුරාම සාක්ෂි සපයනවා.
ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතිපදම් අබත් තියෙනවා. ඇතිපදම් මිනිසුන් නොමල ගෙවලුත් තියෙනවා. නමුත් එවන් ගෙයකින් අබමිටක් ඉල්ලන්න නූතන පටාචාරාලාට හිත හදාගන්න තමයි තවම බැරිවෙලා තියෙන්නේ. තමන් මලත් කමක් නැහැ දෙමව්පියන් විසින් පෙන්වපු පාරවල් දෙකේ පමණක් මාරුවෙන් මාරුවට ගිහින් හැම ගේකින්ම අබ ඉල්ලනවා. ඒත් ඒ හැම ගෙයක්ම එකයි. අඩු තරමින් 2020 වත් ඔවුන් හරි පාර හොයාගත්තොත් රටේ අනාගත දූදරුවන්ගේ වාසනාව....
හර්ෂ ද සිල්වාට ඕක දුන්නා නම් මොකද වෙන්නේ? උගත්කමත් තිබෙනවා. හැමදාම පරණ මිනිස්සුන්ටම ඕවා දීලා හරියන්නේ නැහැ. තරුණයන්ට තැනක් දිය යුතුයි.
වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද?
"අනේ මෙහෙම තණ්හාවක්.. අනේ මෙහෙම ආශාවක්... ඇමැතියෝ ලබයිද ඉන් සැනසීමක්.. සුනිල් එදිරිසිංහ මහතාගේ මේ මනහර හිතාය වෙනස් කලාට සමව අයැද සිටිමි.. එහෙත් මේ සින්දුවම්යි යහපාලන ඇමතිලාට ගැලපෙන්නේ."
පොඩ්ඩක් කල්පනා කරන්නකෝ අපේ රට ලෝකයා ඉදිරියේ තියන්න තෝරාගෙන තියෙන පුද්ගලයා ගැන. වයස ගැටළුවක් නැහැ. ඒත් තමන්ට කියලවත් හරිහමන් දේශපාලනික ස්ථාවරත්වයක් නැති ආණ්ඩුව කියන ඕනෑම වෙලාවක ඉල්ලා අස්වෙලා යන්න බලාගෙන ඉන්න කෙනෙක්ව මෙහෙම තනතුරකට දාන එකෙන්ම පේනවා ආණ්ඩුව මේ රට ගැන හිතන ආකාරය...
දේශපාලන හිඟන්නෝ.. රට නැති වෙනකන් පක්ෂයයි, ඇමැතිකමයි මාරු කර කර රටම කනවා.
කොච්චර ප්‍රවීන දේශපාලඥයෙක් වුණත්, ඔය සම්බන්ධව අගමැතිවරයාගේ ක්‍රියා කලාපය ඉතාමත් ප්‍රාථමිකයි. නැතහොත් පහුගිය ආණ්ඩුවේ උදවියට අවශ්‍ය පසුබිම හදනවා. මොකද අද වෙනකම්, මේ ...පක්ෂවරුන්ට කිසිම දඬුවමක් නැහැ. පුවත්පත්වලින් "මේන් ගන්නවා" සද්දේ විතරයි. ආණ්ඩුව පැත්තෙන් සෘණයි. මෙය, යහපාලන ආණ්ඩුවකට දරදිය ඇද්දා, ප්‍රශස්ථ බුද්ධිමත් ජනතාවට කරන නිගාවක් වගේම කළගුණ සැලකීමකුත් නොවන බව කිවමනාය. ඔය කියන ඇමතිවරයා ඔය තනතුරට පත්වුණොත් සියයට 20 ක පසුබිමක් දූශිතයින්ට අවශ්‍ය විදේශ රටවල සැකසේවි. අගමැතිවරයා කොයිවිදිහට කයිය ගැහුවත්, රටේ සහ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඔහු කටයුතු නොකරන බව නම් සහතිකයි. ජනපතිවරයා බහුතර එජාප ඡන්දවලින් පත්වුණත්, රට සහ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ඔහුටත් බැරෑරුම් යුතුකමක් තියෙනවා කරන්න. පහුගිය ආණ්ඩුවේ දුෂිතයින්ට වහාම දඬුවම් නොකලොත්, උද්ඝෝෂණ සහ පෙළපාලි වගේ ආණ්ඩුවට විරුද්ධ දේවල් තව තවත් නව මුහුණුවරකින් පෙළ ගැහේවි. ඒ දූශිතයින්ට දඬුවම් දීම පමා කිරීමේ තුරුම්පු වෙන්නත් පුළුවන් නිසා.... එ් නිසා වහාම අධිකරණ අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කර, ෆොන්සේකා මැතිතුමා පත්කරන්න. රටට අවශ්‍ය වෙනස ඉක්මණින්ම සිදුවේවි!!!
ජී එල් පීරිස් මහතා නැවත අඬගහලා විදේශ ඇමතිකම දෙන්න.. අර පොහොට්ටු පක්ෂයත් දාලා එයා පැනලා එයි
ඉල්ලා අස් වුණ කෙනා ආයෙත් එනවා. ඉතින් ඉල්ලා අස්වෙන එකේ තේරුම මොකක්ද? දිගටම හිටියා නම් ඉවරයිනේ රට්ටු රවටන්නේ නැතුව.
කාට කාටත් හිටපු කම්බා හොරු රැල අමතක වෙලා වගේ.
රනිල්ගේ පණ ... මාර පණ ... මල්බොකේ එකක් අරන් කොටි බලන්න ගියානේ...
රවී ඉඳගත්ත හැම පුටුවක්ම අබ්ලික්... මොකද ඉඳගත්ත හැම කෙනාටම පොදුජන මුදල් හොරා කන්නමයි හිතදෙන්නේ.
අයියෝ! අයියෝ! රවී කරුණානායකට කරපු මේ අපරාදේ මොකක්ද ? රටේ ඉන්න පිරිසිදුම පිරිසිදු එකම දේශපාලකයා. ජනාදිපතිතුමෝ, ඔය අහිංසකයාට දෙන්නකෝ තිලක් ළඟ තිබුණු සංවර්ධන ව්‍යාපෘති අමාත්‍යාංශයට අර ඉස්සර කාටදෝ තිබුණා වගේ සීමාවක් නැති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් එකතු කරලා. මිනිහනම් හරියට වැඩේ කොරයි... ඕන්... !!!
අගමැතිතුමනි අපේ අපේක්ෂා භංග කරන්ඩ එපා. අැයි තරුණයින්ට තැනක් නොදෙන්නේ? ලෙවින්, සජිත්, බුද්ධික, නලින්, අසෝක යන මහත්වරුන්ට උපනායක කමක් දුන්නොත් පක්ෂය රැකේවි.
ඇත්තටම මේ තනතුරට වෙන සුදුස්සෙකු ලංකාවේ නැද්ද?
හොරෙකුගේ පුටුවකට තවත් හොරෙක් පත්කළා වගේ...වෙයි.
ඕක නවීන්ට දුන්නානම් ඉවරයිනේ...
අලිබබා සහ හොරු 40ද?