(පාලිත ආරියවංශ )
එක්සත් ජාතික පක්ෂයෙන් එළවනවා නම් ඒකාබද්ධයේ ‘ලණු කන්නේ නැතිව‘ මෛත්රීපාල සිරිසේන මහතා වෙත එන්නැයි ඇමති විජේදාස රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව මහාමාර්ග රාජ්ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කීවේ හාලිඇල කුඩුමහවෙල අද (13 ) පැවැති පාක්ෂික හමුවකදීය .
“ විජේදාස රාජපක්ෂ මහත්තයා හිටියේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ .වර්තමාන කෝප් කමිටුවට ඉස්සෙල්ලා තිබුණ කෝප් කමිටුවේ සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයා .එතකොට මාත් ඒ කෝප් එකේ සාමාජිකයෙක් .එතුමා හොරෙක් නොවෙයි .කෙළින් කතාකරන මිනිහෙක් .එතුමල අපි එකතුවෙලා එම කෝප් කමිටුව තුළින් හොරු ගැන වංචාකාරයෝ ගැන විශාල හෙළිදරව් කීපයක් කළා .එනිසාම එතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට යන්න වුණා.“
“එතුමා එළියට ගියාට පස්සේ හිටපු ජනාධිපතිතුමාගේ ප්රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ තිබු රැස්වීමකදී එතුමාව පට්ට ගැහුවා අද ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් එතුමාට එන්න කියල ආරාධනය කරන අය.විජේදාස රාජපක්ෂ මහත්තයා අනික් පැත්තයට ගියාට පසුවත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරිපිට විජේදාස මහත්තයා වෙනුවෙන් පෙනී සිටියේ මම විතරයි .“
“ඊයේ මට කටිනුයි තියෙන හැම පැත්තකින්ම හිනා ගියා විජේදාස රාජපක්ෂ මහත්තයාගේ ඉහේ ඉදල පහළට පට්ට ගහපු එවුන් දැන් කියනවා විජේදාස රාජපක්ෂ මහත්තයට අනේ එන්න කියලා.ගම්මන්පිලලා පිනුම් පිට පිනුම් ගැහුවත් විජේදාස රාජපක්ෂ මහත්තයෝ ලණූ කන්න එපා යූ.එන්.පි යෙන් ඔබතුමා එළවනවානම් මෛත්රීපාල සිරිසේන ජනපතිවරයා ගාවට එන්න“ යැයි ද ඒ මහතා ප්රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේ ඔහේලත් බොරදියේ මාළු බානවා. ඒ උන්නැහේලත් බොරදියේ මාළු බානවා. අපගේ ආදරණිය ලංකා මාතාව එකතැන පල්වෙනවා. රටට හෙණ ගැහැව්වත් කම් නැත. අපි බලයේ සිටියාම හරි.... කොළ, රතු, නිල් උන්නැහේලා ඔක්කොමගේ සිතුවිල්ල එය තමයි. ඉතින් රටක් කෙසේ දියුණු වෙයිද?
හැමදාම කියන්නේ විකාර. එහෙත් මේ අදහස හොඳයි. මහින්ද මහත්තයා පව් කාරයින්ට එකාබද්ධයෙන් කියා තිබුණා පව් හෝදා ගන්න. විජේදාස මහත්තයා එහෙම නැහැ.
මුලින්ම විජේදාස මහත්මයාට එජාපයෙන් යන්න වුනොත් ඒකට හේතුව මොකක්ද? හම්බන්තොට වරාය චීනයට දීම ඇතුළු, යහපාලන රජයේ සමහර ක්රියාකාරකම් වලට එතුමා විරුද්ධ වීම. ඉතින් එතුමා අවංක නම් එජාපයෙන් ඉවත් වෙලා යහපාලන ප්රතිපත්තිම අනුගමනය කරන, ඒවාට අත උස්සන ආණ්ඩුවේම තව පක්ෂෙකට සම්බන්ධ වෙන්න පුලුවන්ද?
යා දෙක නොකර රත එකට පෑහීමක් නැත හරි ගිහින් දැන් මේ මත එජාප ශ්රීලනිප එකට මත දෙදරලා දැන් මැති ඇමති සිත
මොන කතාද මේ. මේක තමා අද රටේ දේශපාලනය. මිනිස්සු පිස්සෝ වගේ පක්ෂ වලට මරා ගන්නවා. මෙන්න ලොක්කෝ. ලොක්කෝ නෙමේ අපේ රට කන්න ඉපදුන අය.
මේ මොන ජොකියෙක්ද මන් දන්නේ නැහැ...
ජනාධිපති තුමත් ඉන්නේ මෙතුමාව පන්නන්න ! යන්න තියෙන්නේ එක තැනයි. ඒ හොර කල්ලිය ළඟ තමයි. ඇවන්ට් ගාර්ඩ් එහෙම මතක නැතුව ඇති නේ. අර ඇමරිකාවේ හමර් එකක උන්නැහේගේ පවුල පිටින් නැගන් හිටියේ
විජේදාස රාජපක්ෂ කියන්නේ එහෙන්පිටින්ම ලොන්ඩරියක්. මෙයා රාජපක්ෂලාගේ රෙදි හෝදලා ආණ්ඩුවට බිල යවනවා වගේ වැඩක් කරන්නේ. රෙදි හෝදන්න ඕඩරේ දුන්නේ ආණ්ඩුවෙන්මද දන්නෙත් නැහැ. අන්තෝ ජටා බහි ජටා කියන්නේ මෙවලට තමයි.
ඇවන්ට් ගාර්ඩ් මහත්තයා එක්ක විජේදාස මහත්තයා පක්ෂයක් පිහිටෙව්වා නම් ඒකාබද්ධෙට හොද තරගයක් ඇති වේවි.
මෙයා කතා කරන්නේ පක්ෂ නායකයාගේ අනුදැනුම ඇතුවද, නැත්නම් නිකම් කටට ආවටද? කොහෙන් හරි මොකක් හරි නිසා විසිවෙන කුණු රොඩු අහුලගෙන තමන්ගේ ගෙදර අස්සේ දාගන්න නම් දෙගොල්ලම හරි හපන්නු.
දී කිරට බළල්ලුත් සාක්කිලු!
දිලාන් බය වෙලාද මන්දා මට මොකද වෙන්නෙයි කියලා..