බුලත්සිංහල නායයාමෙන් නවයක් මරුට බුලත්සිංහල බෝගහවත්ත කන්ද නාය යාමෙන් මිය ගිය නව දෙනෙකුගේ සිරුරු පිඹුර රෝහලට අැතුළත් කළ බව වෛද්‍ය අධිකාරි ජි.ඩී.ආර්.රුද්‍රිගු මහතා පවසයි. 26 May 2017
වර්ෂාව වැඩිවී ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ගංගාවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟින බැවින් ප්‍රධාන ගංගා දෙපස ජීවත්වන ජනයාට ඒ සම්බන්ධයෙන් ආධානයෙන් සිටින ලෙස උපදෙසක් දී තිබේ. 26 May 2017
සබරගමුවේ පාසල් වසයි පවතින අධික වර්ෂව නිසා පස් කඳු කඩාවැටිමේ හා ජල ගැලීමේ හේතවෙන් සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමූ බව පළාත් අධ්‍යාපන කර්යාලය පවසයි 26 May 2017
මව සහ දියණිය පස් කන්දට බිලි සපුගස්කන්ද හෙයියන්තඩුවේ නිවෙසක් මතට පස්කන්දක් කඩාවැටිමෙන් මවක සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 26 May 2017
ගසක් කඩා වැටී අයෙක් මරුට කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදලගම ජනපදය ග්‍රාම නිළධාරී වසමේ අඩි පාරක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ සිරුරට ගසක් කඩා වැකහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදලගම ජනපදය ග්‍රාම නිළධාරී වසමේ අඩි පාරක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ සිරුරට ගසක් කඩා වැටිමෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.ටිමෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් ඇතැයි කහවත්ත පොලිසිය පවසයි. 25 May 2017
ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි ගිංගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාමේ අවධානමක් ඇතැයි ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතා කියයි. 25 May 2017
බ්‍රිගේඩියර් ගුණවර්ධන 31 දා තෙක් රිමාන්ඩ් ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ යුද හමුදා කණ්ඩායම බාරව සිටි බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද (25) නියෝග කළේය. 25 May 2017
ප්‍රසන්නගෙන් ජනපතිට රහසිගත ලිපියක් තමන් 2015 වසරේ මුලදී ජනාධිපතිවරයා දැනුම්වත් කරන්නට උත්සාහ ගත් කාරණය අද වනවිට දෙනෙත් ඉදිරියේ සැබෑවක් වී ලක් දෙරණේ දේශපාලන කෙහෙළි බිමෙහි ජය කෙහෙලි නැංවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රුවල් කැඩුණු නැවක් සේ අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් පවසයි. 25 May 2017
එක් කෝටි විසි ලක්ෂයක මත්ද්‍රව්‍ය අල්ලයි ජර්මන් ජාතිකයකු විසින් ලන්ඩනයේ සිට නැව් මගින් මෙරටට ගෙන්වන ලද රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා කොකේන් ග්‍රෑම් 55ක් සහ මත් පෙති 3500ක් රේගු මධ්‍යම විමර්ශන ඒකකය මගින් අද(25) ගාල්ල පෞද්ගලික භාණ්ඩ නිෂ්කාශන ආයතනයක දී අත්අඩංගුවට ගනු ලැබීය. 25 May 2017
වෛද්‍ය පාදෙණිය නිතරගයෙන්ම යළි සභාපති තනතුරට විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා අඛණ්ඩව 7 වැනි වරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට පත්වීමට නියමිත ය. 25 May 2017
ඥානසාර හිමි අල්ලන්න පොලිස් මෙහෙයුමක් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 May 2017
මැන්චෙස්ටර්හි පාර්සලය බෝම්බයක් නොවන බව හෙළිවෙයි මැන්චෙස්ටර් හි හල්ම් වීදියේ තිබූ සැක සහිත පාර්සලයක් නිසා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය විශේෂඥයන් කැඳවන ලදි. 25 May 2017
වෛද්‍යවරියගේ මරණය ගැන විවෘත තීන්දුවක් නුවරඑළිය මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ නිල නිවාසයේදී මිය ගිය එම රෝහලේ නිර්වින්ද වෛද්‍යවරියගේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර මෘත ශරීරයේ කොටස් ගණනාවක් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙස මහනුවර අධිකරණ විශේෂඥ වෙද්‍ය එම්. සිවසුබ්රමණියම් මහතා පොලීසියට උපදෙස් දී ඇත. 25 May 2017
ගිං ගඟ පිටාර මට්ටම ආසන්නයේ ඉකුත් පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය වූමි.මි.197.5 ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයට ඇදහැලී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2017
රතුපස්වල සිද්ධියට බ්‍රිගේඩියර් ගුණවර්ධන අත්අඩංගුවට රතුපස්වල පානීය ජලය ඉල්ලු ප්‍රදේශවාසීන්ට වෙඩි තැබූ කණ්ඩායම මෙහෙයවූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. 25 May 2017
සිරි ගුණසිංහයෝ දිවිගමනේ ඉම දකිති ප්‍රකට කවියකු හා නවකතාකරුවකු වූ සිරි ගුණසිංහ මහතා අද(25) අභාවප්‍රාප්ත විය. 25 May 2017
මහින්දානන්දට ඇප උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් මිලියන 27කින් බොරැල්ලේ නිවසක් මිලට ගැනීමේ සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(25) නියෝග කළේය. 25 May 2017
ශෂී වීරවංශගේ හැඳුනුම්පතත් ගමන් බලපත්‍රයත් අධිකරණයේදි අස්ථානගතවෙයි විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට බාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) අධිකරණයේ දී කරුණු වාර්තා විය. 25 May 2017
අන්තවාදීන්ට නීතිය ක්‍රියාත්මකදැයි මනෝ ගනේෂන් අවධානයෙන් ජාතීන් අතර අසමගියක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රියාවල නිරත අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වීම පිළිබඳ තමා දැඩි අවධානයෙන් පසුවන බව ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. 25 May 2017
පොලිසිය අතින් පොලිසියටම වෙඩි පත්තුවෙයි කෑගල්ලේ දී ලක්ෂ 30 ක කප්පමක් ගැනීමට ආ අයකු පොලිස් වැටලිමකදි පැන යන්නට උත්සාහ දරද්දි පොලිස් පරික්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වි පොලිස් නිලධාරියෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත. 25 May 2017
ශ්‍රී ලංකාව - ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එරට අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුවක් අද(25) කැන්බරා නුවර ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි. 25 May 2017
ලක්ෂපාන අසලින් මවකගේ හා දැරියකගේ සිරුරු හමුවෙයි ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් පිහිටි පෞද්ගලික කුඩා ජල විදුලිබලාගාරයක් අසල තිබී බිළිඳියකගේ සහ කාන්තාවකගේ මළ සිරුරු සොයාගත් බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි. 25 May 2017
මධ්‍යම පළාත් මන්ත්‍රීගේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි මහනුවර ජනාධිපති මන්දිරියේ ප්‍රවේශ මාර්ගයට බාධා ඇතිවන පරිදි ඉදිකෙරෙමින් පවතින පස් මහල් ගොඩනැගිල්ලක වැඩකටයුතු වහා අත් හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය නියෝග කර ඇත. 25 May 2017
රත්නපුරේ පවුල් 60ක් ඉවත් කරයි රත්නපුර දිස්ත්‍රික්කයට මේවන විට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ඉදිරියේදී අපදා තත්වයක් ඇති වීමට හැකි බව රත්නපුර ආපදා මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ මුදිත මංජුල මහතා පවසයි. 24 May 2017
කටුනායකදී කෝටි 4 ක හෙරොයින් අල්ලයි රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් බව කියන හෙරොයින් මත්කුඩු තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පාකිස්තාන අඹුසැමි යුවළක් කටුනායක ගුවන් තොටුපොලේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාර යුවළ සතුව හොරොයින් මත්කුඩු කිලෝ 4.218 ක් තිබී ඇත. 24 May 2017
ධීවර යාත්‍රා 19 ම ගොඩබිමට එයි ධීවර කටයුතු සදහා මඩකලපුව එරාවුර් ප්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන්ව සිටි කුඩා ධීවර යාත්‍රා (ඩිංගි බෝට්ටු) 19 අද (24) සවස නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත පැමිණි බව නාවික හමුදාව කියයි. 24 May 2017
දියණිය කෙළෙසූ පියාට වසර 45 ක සිරදඬුවම් සිය බාල වයස්කාර දියණිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 45 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 24 May 2017
හිමාල පෙදෙසේ බසයක් පෙරළී සංචාරකයෝ 21 ක් මියයති ඉන්දියාවේ හිමාල පෙදෙසේ උත්තරකාන්ද් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් බසයේ ගමන්ගත් සංචාරකයින් 21 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ධරාසු නගරය ආසන්නයේදී බස් රථය පාරෙන් ඉවතට පැන දුර්ගයකට පෙරළී ඇතැයි බලධාරීහු පවසති. සංචාරකයන් මධ්‍ය ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර අනතුරින් හත්දෙනකු තුවාල ලබා ඇත. 24 May 2017
අල්ලස් ගත් නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයට කුඹුරු ඉඩම් කොටසක භුක්තිය සදහා නිත්‍යානුකූල අවසරය ලබා ගැනීමට කටයුතු කර දීමට රුපියල් 10,000ක් අල්ලස් වශයෙන් ඉල්ලා එය රුපියල් 5000කට අඩුකර ලබාගත් බව කියන අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජනපද නිලධාරීවරයකු ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (24) නියෝග කළේය. 24 May 2017
එරාවූර්හි බෝට්ටු 19ක් ආගිය අතක් නැහැ එරාවුර්හි මුහුදු ගිය ධීවර බෝට්ටු 19ක් ආගිය අතක් නැතැයි නාවික හමුදා ආරංචිමාර්ග කියයි.එම බෝට්ටු සොයා නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 24 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026