(රංජන් කස්තුරි)
ආනයනික සීනි කිලෝවක් සඳහා මෙතෙක් අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 8කින් ඉහළ නංවා ඇති බව මුදල් ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.
මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ සීනි කිලෝවක මිල රුපියල් 10න් පමණ අඩු වී ඇති නිසා සීනි බද්ද වැඩි වුවද දේශීය සීනි මිලෙහි වෙනසක් සිදු නොවන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සතුටුයිද දැන්?
ඇයි දියවැඩියාව අඩු කරන්න නෙවෙයිද සීනි බදු ඉහල දාන්නේ. ගාන වැඩි නොවෙන කතාව වෙළෙන්දන්ටත් කියනවාද?
සීනි අඩු වුන කියල වැඩියෙන් කන්නේ නැහැනේ . වැඩි වුණා කියල අඩුවෙන් කන්නෙත් නැහැ . මාර දේශපාලකයෝ තමයි රටේ ඉන්නේ
රුපියල් 8කින් අඩුවෙයිද කින් අඩුවෙයිද 8 වැඩි වෙයිද කියල තව සුමානෙකින් බලාගන්න පුලුවන්.
අපේ රටේ ඉතිහාසම මෙහම තමයි. ලෝක වෙළඳ පොලේ මිල අඩු වුනත්, මෙහෙ මිල අඩු කරන්නෙත් නැහැ. නමුත් ලෝක වෙළඳ පොලේ මිල වැඩි වුනොත්, ක්ෂණික මෙහෙ වැඩි කරනවා. මේ දේ කරන්න ඇමති කෙනක් අවශ්‍යද?
පැමිණි දුක් පැණි රසයි කියලා දැන් ඉතින් සීනි නැතුව තේ බොන්න
මේ ආණ්ඩුව සිතාගෙන සිටින්නේ ජනතාව ඉස්කෝලේ යන 5වසර ළමයෙකුගේ තරම් වත් ගණිතය පිළිබඳව බුද්ධියක් නැතැයි කියාය. නැතිනම් සීනි මිල වැඩි කිරීමට හේතුව ලෝක වෙළඳ පොලේ සීනි මිල අඩුවීම යයි නොකියනු ඇත. මම සිතනවා මාධ්‍ය සකච්ඡාවකදී මාධ්‍ය වේදීන් අදාල වගකිව යුත්තන්ගෙන් මෙය විමසාවි කියා.
අපේ වෙළද පොලේ තිබෙන සීනි වල ප්‍රමිතිය බොහොම අඩුයි. ධනවත් රටවල භාවිතා කරන සීනි එක හැන්දක් අපේ රටේ සීනි හැඳි එක හමාරට සමානයි.