(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් රජය සමයේ සිදුවූ වංචා දුෂණ පිළිබඳ මාතෘකාව ඊයේ (15) පැවැති කැබිනට් රැස්වීම උණුසුම් කළ බව වාර්තාවේ.
වත්මන් රජය පත්වී වසර දෙක හමාරක් පමණ ගතවී ඇතත් පසුගිය රජයේ සිදුවූ වංචා දුෂණ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැති බව ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී මැතිවරණවලටද යාමට තිබියදී එම දුෂණ වංචාවලට එරෙහිව පියවරක් නොගැනීම ගැටලූවක් බවත් මෙම තත්ත්වය හමුවේ ඇමැතිවරුන් වශයෙන් පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව පැවැසේ.
එබැවින් පසුගිය රජය සමයේ සිදුවූ වංචා දුෂණවලට එරෙහිව වහාම පියවර ගන්නැයි ජයවික්‍රම පෙරේරා මහතා ඉල්ලීමක් කර ඇත.
රාජිත සේනාරත්න, පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව දැනගන්නට ඇත.
ඉකුත් රජයේ සිදුවී ඇති වංචා දුෂණ ගැන සෙවීමට විශේෂ අධිකරණයක් පිහිටුවන්නැයිද එම ඇමැතිවරුන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.
වංචා දුෂණ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය භාර ඇමැති සාගල රත්නායක මහතාගෙන් විමසීමක් කර ඇති අතර ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන බව සාගල රත්නායක මහතා පවසා ඇත.
වංචා දුෂණ නඩු ඇසීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඇමැතිවරුන් ඉදිරිපත් කළ යෝජනාව තමා නීතිපතිවරයාට යොමුකළ බව පවසා ඇති අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඒ සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි නීතිපතිවරයා දන්වා එවා තිබූ බවද ප්‍රකාශ කර ඇත.
එබැවින් ව්‍යවස්ථාව සංශෝධනය කර දෙන්නේ නම් තමාට වෙනම අධිකරණයක් පිහිටුවීමට පියවර ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා පවසා ඇතැයිද වාර්තාවේ.
නව විදේශ ඇමැති ලෙස පත්වූ තිලක් මාරපන මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශේෂ උසාවිය පිහුටුවා දුෂිතයින් නිර්දෝෂී නම් නිදහස් කරන්ඩ. නැත්නම් ....
අවුරුදු දෙකහමාරක් ගිහිල්ලත් තාම කටින් බතල හිටවනවා නේද... ? ක්‍රියාත්මක වීමක් නැහැ. ජනතාව යහපාලනෙට චන්දෙ දුන්නේ, ඔහොම කල් මරන්න නෙමෙයි. ඔය විශේෂ අධිකරණ අවශ්‍ය නැහැ. දැනටමත් කල්ගියා වැඩීයි. ජනාධිපති කොමිසමක් පත්කර සාධාරණ විභාගයක් කරලා වහාම දඬුවම් පැමිණවිය යුතුයි. රට සංවර්ධනය කරන්න දියුණු කරන්න බැරිනම්, අඩුම තරමින් රටට සහ ජනතාවට සාධාරණය හරි කරපල්ලා. ඔහොම්මම බයිලා ගහන් ඉන්න ගියොත්, ඉතිරි ටික කාලයත් නොදැනීම ගෙවිලා යාවි. ඔය කැබිනට් එකේම ඉන්නා, සමහරක් " දෙපිට කාට්ටුවන්ට " අවශ්‍ය වෙලා තියෙන්නෙත් ඔය ටිකම තමා. ජනතාව චන්දෙ දුන්නේ ජනපතිවරයටයි. එනිසා වගකීම ගන්නොනෙත්, ජනපතිවරයාමයි.
යහපාලනයක් උදාකරගන්න කියල කප්පරක් බොරු වලට රැවටිලා ආණ්ඩුවට ඡන්දෙ දීපු මෝඩයන්ට දෙයියන්ගේම පිහිටයි. අපිට තියෙන දුක මේ ආණ්ඩුවට ඡන්දෙ නොදීපු අයටත් විදවීමට සිදුවීමයි .
ගහපු පදෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.මෙහෙම ගියොත් ඉදිරි චන්දෙදි යහපාලනයට බින්දුව තමායි.
මේ දේශපාලනය කරන අය විටින් විට එක එක ලස්සන නම් යොදාගෙන පක්ෂ හදලා විවිධ බොරු ඇද බෑමෙන් ජනතාව මුලා කරනවා. නමුත් මේ ගැන වැටහුණු කෙනෙක් රටේ නැති නිසා නැවතත් දෙපැත්තේ බොරු කාරයන්ට අහුවෙනවා. ඊට පස්සේ නැවතත් හූල්ල හූල්ල ඉන්නවා.
මූලිකව කළ යුත්තේ රටට නව නායකයෙක් සොයා ගැනීමයි. ඒ වගේම මේ හොරු රැළද ප්‍රතික්ෂේප කළ යුතුයි. යහපාලන රජය අප පත් කර ගත්තේ දැඩි විශ්වාසයකින්, මේ ගැන සිතන විට අප අපටම දොස් නගා ගත යුතුයි.
මොනවා කරන්නත් රටකට නායකයෙකුත් ඉන්න ඕනේ... රටක් අරාජිත වෙන්නේ පාලකයෙක් නැති හින්දා නේද?
ඔබලාට රජයක් පාලනය කරන්න බැහැ පාලකයනි. අපිත් ඡන්දෙ දුන්න. අනුන්ගේ වැරදි හොයා හොයා ඉන්නේ නැතුව තමන් හරියට කරන්න පාලකයනි.
මේ රත් උන එකෙනුත් කරන්නේ අයලගේ රොටි පුච්ච ගන්න එක මිසක් ජනතාවට යහපතක් කරන එක නෙවෙයි.