(තරිඳු ජයවර්ධන)
පොලිස්පතිවරයාගේ විනය සම්බන්ධ කාරණයක් ගැන විමර්ශනය කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.
පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවකුගේ කමිස කොලරයෙන් ඇද බැණ වැදුනැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවෙන් විමර්ශනයක් සිදු නොවන බව ද කුරේ මහතා කීවේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවට බලය ඇත්තේ පොලිස්පතිවරයා හැර සෙසු නිලධාරීන්ගේ විනය සම්බන්ධ ක්‍රියා ගැන සොයා බැලීමට බව ද ඒ මහතා සඳහන් කළේය.
පොලිස්පතිවරයා පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් බවත්, පොලිස්පතිට චෝදනාපත්‍රයක් දීමට හෝ කොමිසමට බලයක් නැති බවත් ආරියදාස කුරේ මහතා කීවේය.
භාවනා නොකළැයි පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්රියාකරුවකුගේ කොළරයෙන් ඇද බැණ වැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිට චෝදනා එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් ගෙනෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිට විධායක බලය පැවරුවට පස්සේ පාර්ලිමේන්තුවට කියන්න ඉතිරිවෙන්නෙත් ඔය ටිකම තමයි.
ලොක්කෙක් කතාකළානම් යස් සර්, ඇරෙස්ට් කරන්නේ නැහැ සර්, පොඩි මිනිහගේ කොලරයෙන් අල්ලලා කතා කරන්නේ... මේක දැක්කම මට පරණ ගීතයක් මතක් වුණා. උස් තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ, නිවටුන් බව සිතමින්නේ, මගේ පුතා ලොකු වෙන්නේ !!!
භාවනා කරන්න කියන එක වරදක්ද .? හොද දේවල් කරන්න මිනිසුන්ට බලෙන් හරි පුරුදු කරන්න ඕන
මේ මනුස්සය කරන භාවනාවෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මෙහෙම මිනිස්සුන්ට තඩි බානවා නම්, භාවනාවේ ඇති ප්‍රයෝජනය හික්මීම වැඩීමයි. වැරදි ආදර්ශයක් දුන්නේ මොහු රටටම, වහාම මොහු ජාතියෙන් සමාව ඉල්ලුවා නම් හොඳයි... වැඩේ දුර දිග යන්න කලින්..
ෆේස් බුකියෙන් මොනතරම් උගතා, සිල්වතා, වැඩකාරයා කියලා පුම්බගත්තත් වැඩ පෙන්වන වෙලාව එන විට ඇත්ත එලියට එනවා. මේකට තමයි කියන්නේ කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන විටයි කියලා.
බැලූ බැල්මට වැරදිය.. නමුත් විනය ඇතිව ආයතනයක කටයුතු කරන්න ඕනේ හැම තැනම අනේ පනේ කියලා වැඩ කරන්න බැහැ... හොඳින් හෝ නරකින් හොඳ දෙය කරන්න උගන්නන්න ඕනේ... පොලිස්පතිතුමා හරි... ඔය දියවන්නාවේ ඉන්න අය තමයි වෛද්‍ය සිසුන්ගේ 450 කගේ පමණ ඔලු පැලුවේ. එ්ක වැරදියි. ඉස්සරලම දියවන්නාවේ ඉන්න යට ඔය වැඩේ කලා නම් හරි පොලිස්පතිතුමා මම නම් එකඟයි. ඔබතුමාගේ වැඩේට හැබැයි අසාධාරණයට කරන්න එපා හොඳේ... ඔබතුමා අපේ මිනිහෙක්... අපේ පළාතේ... සරසවිය අපේ සහෝදරයෙකුගේ, ඉහළ අවුරුද්දේ... හැබැයි හරි දේ කරන්න. තදින් නැතුව බැහැ.
මෙය නීතිය නමලද?භාවනාව විවිධ ක්‍රම වලින් කළහැකි දෙයක්.එය එක තැනක ඉදගෙනම කලයුතු නැහැ.පොලිස්පතිට දැන්වත් දහම්පාසල් ගියොත් තමයි හොද.
මේ විදියට වෙන නිසයි මුළු ලෝකයම ලංකාව මානව හිමිකම් උල්ලංගනය කරතියි කියන චෝදනාව නගා තිබෙන්නේ . මේවා හොඳම සාධක ලංකාව අහිංසක ජනයාට තලා පෙලීම වගේම ආණ්ඩුව විසින් එම චුදිතයන්ට දඬුවම් නොකර ඔවුන්ව ආරක්ෂා කරනවා කියන්න . මොවුන්ට නිසි දඬුවම් පවතින රජය විසින් ප්‍රතිෂේප කරනවානම් අපි විසින් මේවා ලොවටම හෙලිකරදී නිසි දඬුවම් ඔවුන්ට ලබා දිය යුතුයි .
මේ පොලිස්පති තුමා ඇමති කෙනෙක් කතා කරනකොට දෙකට තුනට නැමෙන හැටි අපි දැකල තියෙනවා. මේ අහිංසක මිනිස්සුන්ට කරදර කරන තිරිසන් මිනිස්සුන්ව එලවල දන්නා කලේ හරි. නීතිය අතට ගන්න කලේ හරි වගේ. මෙය බාවන කලේ නැත්තන් එකට රාජකාරිය අනුව විනය පියවරක් ගන්නවා මිසක් මෙහෙම කොලර් එකෙන් අල්ලලා අවමන් කරන්න මෙයා කවුද.
අනේ මන්දා මෙහෙමත් රටක්
නව ව්‍යවස්ථාව අනුමත වුණොත් රටේ අගමැතිවරයාටත් හිමිවන්නේ පොලිස්පතිවරයා හා සමාන නීතිමය තත්ත්වයක්. ජනාධිපතිවරයාටත් පාරලිමේන්තුවටත් එදාට කියන්න වෙන්නෙ ඔය පොලිස් කොමිසම කියන කතාවමයි. දැනටමත් වත්මන් අගමැතිවරයාට තම පක්ෂය තුළ ඊට සම තත්ත්වයක් හිමිව තිබීම නිසා එය තවත් භයානකයි.
පොලිස් කොමිසමට බැරිවුණාට, සාගලට පුළුවන් වේවි.
පොලිසියේ සී.ටී.සී. කැමරා වල තිබිච්ච දේ මාධ්‍යයට ගියේ කොහොමද? ඉදිරි ආරක්ෂාව වෙනුවෙන් ඉක්මන් පියවරක් ගතයුතුයි. මේවා රටට හොඳද...? කොටින්ටත් පොලිසියේ රහස් ගියේ මේ අයගෙන් බව පැහැදිලියි. ලංකා පොලීසිය අපේ රට මුදලට පාවාදීමක් අනුමත කල හැකිද? ගරු ජනාධිපතිතුමනි.. ගරු අගමැතිතුමනි... ඔබ තුමන්ලාගේ අවධානය පිණිසයි...
කොලරයෙන් ඇද්දම මෙහෙම නම්. මේවගේ වීඩියෝ එක දැම්මා නම්... දාපු කෙනාට බඩුම තමයි. බුදුසරණයි ..!!
අපි මෙය දකින්නේ පොලිස්පතිතුමාට කරපු අගෞරවයක් ලෙස නෙමෙයි. ලැජ්ජයි මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම.... අවූරුදු 30ක් කොටින්ට රට මුදල් වලට පාවා දුන්නේ ...මෙන්න ක්‍රමය පොලිසියේ නීතිගරුක මහතුනි, එඩිතර වන්න... සී.සී.ටී. කැමරා වල දර්ශන කොහොමද මාධ්‍යයට ගියේ? සොයන්න. නීතිය ඉදිරියට රැගෙන යන්න. පොලිසියේ ගරුත්වය රකින්න. මෙය හෙට ඔබට විය හැක ..