(රංජන් කස්තුරි)
මෙතෙක් නොගත් තීරණාත්මක තීන්දු තීරණ කිහිපයකට මෙම මාසයේදී එළඹීමට රජය කටයුතු කරනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (16) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡුාවේදී පැවැසීය.
යහපාලන ආණ්ඩුවට වසර දෙකක් තිස්සේ ගත නොහැකිවූ ඓතිහාසික තීන්දු මේ මාසයේදී ගන්නා බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.
ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මෙසේද පැවැසීය.
මම කලින් කිව්වා අගෝස්තු මාසෙ තීරණාත්මකයි කියලා. දැන් බලන්න මොකද වෙන්න යන්නෙ කියලා. අපට අවුරුදු දෙකක් තිස්සේ ගන්න බැරිවුණ තීන්දු තීරණ ගන්නවා. ආණ්ඩුවට දුන්නු ජනවරම ප්රතිමූර්තිමත් කරන ආකාරයේ පියවර අපි ගන්නවා යැයිද රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඇත්තටම වේද? දෙස පාලන බේදයෙන් තොරව පලවෙනි වරට දේසපාලන හොරෙක් හිරේට සිරි ලංකාවේ . පසුපෙළ මන්තිරිවරු පාරට බැස ජනතාව සමග ඉල්ලන්න.
කියක් ඔට්ටුද ? ඕක ඔයාට බෑ.
"ආණ්ඩුවට දුන්නු ජනවරම ප්රතිමූර්තිමත්...." මෙහෙම වෙන්නනම් ඉතින් ඉස්සෙල්ලම ඔබතුමාට විරුද්දව තමා නඩු දන්නා වෙන්නේ. සයිටම් රජයට පවරාගත්ත කියල බොරු ලියවිල්ලක් අත්සන් කරලා බදු මුදල් කෝටි ගානක් සයිටම් රෝහල නඩත්තුවට යොදවනවට.
30 වසරක යුද්ධය අවසන් කර දුන ඒ මහා යුග පුරුෂයාගෙන් පළිගත් නරුමයින් ,හොරුන් සිරගත කරන්නේ කවදාද? සිංහල ජාතිය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සදා වන්දනා කරමු.
අය්යෝ පව්. ඇමතිතුමා හිතාගෙන ඉන්නේ තාම මිනිස්සු එයාලත් එක්ක ඉන්නවා කියල. වෙන්න ඕන ඔක්කොම වෙලා රටටත් කෙලවුනාට පස්සෙද කලින්ම කරන්න තිබිච්ච දේවල් කරන්න යන්නේ? බාලගිරි දෝෂය අද නොවෙයී හෙට. හේ හේ හෙඑඑඑ...
කම්බ හොරු කොහොමද අනිත් හොරුන්ට දඩුවම් දෙන්නේ? මේගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් මෙයාලව පත් කලේ හොරු අල්ලන්න විතරක් කියල මෙයත් ඉන්න ඕනේ එහෙනම් හිරේ..ආර්ථිකය විනාස කරලා රටේ කන්න හාල් නැහැ ..උතුරේ නැවත කලබල..හිතන්න එපා මහත්තයෝ මිනිස්සු හැමදාම රවටෙය් කියල
සචිත් ඔබගේ අදහස නිවැරදිය.
ඕක ඔයාගේ මන්ත්‍රී පුතාට කියලා කියෙව්වා නම් අපි පිලිගන්නවා.
2017 අගෝස්තු මාසෙත් දැන් බාගයක් ඉවරයි ඇමති තුමා! තව දවස් 14 යි තියෙන්නේ! ඔය කියන්න මොන අවුරුද්දේ අගෝස්තු මාසයක් ගැනද ??
අනේද කියන්නේ.. ඔය වගේ මාධ්‍ය සංදර්ශන කොතෙක්නම් තියන්න ඇත්ද..? තාම බතල හිටවනවා.
මෙයා මීට මාස ගාණකට කලින් කිව්වා නේද සති දෙකක් ඇතුළත තාජුඩීන් ඝාතනයට සම්බන්ධ ප්‍රභූ පුතෙකුත් අල්ලනවා කියලා.
රනිල් අගමැති ධුරයේ ඉන්නකම්, කවදාවත් ඕක වෙන්නම නැහැ.
ඇමැතිතුමනි, අවුරුදු 2ක කාලයක් අපිත් බලාගෙන හිටියා හොරු අල්ලනකම්.. දැන් අපට තේරෙනවා ඊට වඩා කම්බ හොරු මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා.. පහුගිය ආණ්ඩුවේ හිටියේ රටට යම්කිසි වැඩක්කල හොරු ටිකක්.. නමුත් යහපාලන ආණ්ඩුවේ ඉන්නේ රටට වැඩක් නොකර, කතාවට දක්ෂ, රට විකුණන්කන හොරු ටිකක්. දැන් ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් නැහැ... පසුගිය රජයේ හොරු ගැන. මොකද ප්රශ්නය එකතැනක තියෙද්දී වටේ කැරකෙන බව හැමෝම දන්නවා. ඔය එෆ්.සී.අයි.ඩී. එකට යනඑන ඒවා අහලා අපිට එපාවෙලා.. අහිංසක මිනිහෙක් කන්න නැතිව කෙහෙල් කැනක් කැපුවොත් පොලිසිය හරිම උනන්දුවෙන් සුදුසු ක්‍රියාමාර්ග ඉතාමත් ඉක්මනින් ගන්නවා.. එ්ක හොඳයි නමුත් මහජනතාවගේ කෝටිගණන් මුදල් ගසාකන අය ගැනත් ඒ විදිහට ක්‍රියා කලොත් තමයි හොඳ.. ....
අර නැව් ජාවාරම් කරපු ඇමතිට දඬුවම් දෙන්නේ කවද්ද ?
මේ පුද්ගලයා ගැන අපි නොදන්නවාද? කිව්වොත් ඉතින් කෙබරයක්ම තමයි. හැබැයි හිතන් ඉන්නේ නම් මහ කෙරුමෙක් කියලයි. හැබැයි ළමයි ටිකක් ආවහම සාකච්ඡා කරන්න.. එතකොට නම් රිංගන්නේ මෙසේ යටටයි.
වචාලයෙකුට ඕනෑම දෙයක් කිය හැකියි. එ්ත් ජනතාව කොහොම පිළිගනීද? ප්‍රතිමූර්තිය මෙය හදාගන්න වගේ බලන්නේ.
මෙම ඇමතිවරයාගේ බොරු කයිවාරු විතරයි. සෞඛ්‍ය සේවය වලපල්ලටම ගිහින්. රෝගීන් දහස් ගණනින් රෝහල් වල ඇඳක් වත් නැතුව බිම ගාල් වෙලා. ජනතාව නැගී සිට මෙවැනි ව්‍යාජ වීරයන් ගල් ගසා පන්නා දැමිය යුතුයි. මොහු දිවා රෑ වෙහෙසෙන්නේ සයිටම් රැක ගැනීමට පමණයි.
ඔව්, ඉස්සරහට මොනවා වෙයිද කියල කවුද දන්නේ? මහ බැංකු බැඳුම්කරය වගේ ගේම් දෙක තුනක් හනික කර ගත්තොත් ගොඩ තමයි...