යෝජිත නව ව්‍යවස්ථාව සකස්කිරීමෙන් පසුව ඒ සඳහා ජනමත විචාරයක් පවත්වා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා එකඟවු බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව අනිකුත් මැතිවරණයන් පැවැත්වීමට පෙර ජනමත විචාරයක් පැවැත්වෙනු ඇති බවද අමාත්‍යවරායා පැවසීය.
හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය අද(15දා) විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වු සත්‍යග්‍රහයට එක්වෙමින් අමැතිවරයා එසේ කීවේය.
‘‘එක් අයෙකු වටා තිබෙන බලතල මේරටේ මිනිසුන්ට බෙදී යන ආකාරයේ නව ව්‍යවස්ථාවක් අපි හදනවා. පාර්ලිමේන්තුව ව්‍යවසථාදායක මණ්ඩලයක් බවට පත්කර තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදනය ආරම්භකර තිබෙනවා. විමල්ගේ කණ්ඩායම හැරෙන්න මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයත් එහි සමාජිකයෝ. මේ ව්‍යවස්තාව සම්බන්ධයෙන් ජනමත විචාරයකට යන්න තිබෙන්නේ දැන්. අද වෙනකොට ජනාධිපතිතුමාත් එකඟවෙලා තිබෙනවා මේ ජනමත විචාරය පවත්වන්න‘ යැයි අමාත්‍යවරයා කීවේය.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙස ආණ්ඩුව බලයට ගෙනඒමට දායකවු සිවිල් සංවිධාන සමාජිතයන් සහ ජනතාවය එක්ව ආණ්ඩුවට බලකරීම සඳහා මෙම සත්‍යග්‍රහය පැවැත්විණි.
අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා , මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ , ජයම්පති වික්‍රමරත්න මහත්වරු ද ඊට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට වෙන කෙනෙක් කියාවි ජනපති එහෙම දෙයකට එකග නැහැ කියල .... ලක්ෂ 62 චන්දෙ හම්බුනා කියල කිව්වට වැඩක් නැහැ, ඒ 62 රැක ගන්න පුළුවන් වෙලා තියේද කියල බලන්න.... ඕක පරදින ජනමත විචාරණයක්.... අපරාදේ සල්ලි... නැවු ගිලපු එවුන්ලුනේ මුන් .... රටත් ගිලීවී...
අපි නොදන්නවාද මෙයාගේ කෙරුවාවල් ගැන.
ජනමත විචාරණයේදී වෙන්නේ උතුරු නැගෙනහිර පක්ෂවත් අනෙක් පළාත් විපක්ෂවත් ඡන්ද පාවිච්චි කිරීමයි. අවසානයේ මෙන්න දකුණේ ඉන්නේ අන්තවාදීන් අපිට ස්වයං නිර්ණය කිරීමේ අයිතිය දෙන්න කියල උතුරේ දේශපාලකයන් අනුකම්පාව දිනාගන්න හදනවා. රට එකතු වීම කෙසේ වෙතත් තවත් දෙකඩ වීමට අත්තිවාරමක්. ඒ වගේම ප්‍රතිපල දැන දැනම කරන මහජන මුදල් නාස්තියක්.
ජනමත විචාරණයකට ගියොත් කාට කාටත් බලා ගත හැකි තම තමන්ගේ තරම. එදාටවත් ඔය වාචලයින්ගේ කටවල් වලට ඉබි යතුරු වැටේවි.
පවත්වන්න,පවත්වන්න ජනමත විචාරණයක් අපිත් මේ ජනමත විචාරණයක් එනකම් තමයි බලාඉන්නේ
ප - රා - ද - යි .
ඇමති තුමා වේලාසනින්ම සිය දිවි නසාගෙන්න වගෙ.
අප පාසල් යන අවදියේ ජීව විද්‍යාව විෂය බාර ගුරුතුමා මනුස්ස ශරීරයේ කොටස් විස්තර කිරිමෙදේ " අධෝමුකය " ගැන පැහැදිලිකිරෙමෙදේ මනුස්යාට එමගින් කිසිවිට කතාකිරීමට නොහැකි බව අපහට හොදින් අවදාරණය කලබව අපහට තාමත් මතකය.නමුත් මෙය කියවිමෙදේ අපගේ ගුරුතුමා අපහට කියාදුන් පාඩම සත්‍යද යන්න ප්රශ්නයකි.මක්නිසාදයත් මේ යස අගේට එය බාවිතා කරමින් කතා කරන්නේ.
තුනෙන් දෙකක් ජනතාවගේ කැමැත්තෙන් බලයට නොපැමිණි පක්ෂයක නායකයකු, තමන් විසින්ම නම්කළ ලැයිස්තුවකින් තෝරාගත් පිරිසකුත්, අවභෝදත ගිවිසුම හරහා කුලියට ගත පිරිසකුත්, හරහා රටේ විධායක බලය සියතට ගැනීමට කරන මේ උප්පරවැට්ටියට අසුඋනොත් එය රටෙත් ජාතියේත් අවසානය බව සියල්ලෝම තේරුම් ගනිත්වා... ජනාධිපති බලතල පාර්ලිමේන්තුවට ගෙන එන මුවාවෙන් මේ සුදානම් වන්නේ පාර්ලිමේන්තුවේ මුදලට ගතහැකි හොරුන්ගේ චන්දයකින් අගමැති විධායක අගමැති බවට පත්කර ගැනීමටයි. අවසානයේ වන්නේ ඉන්දියාවට රට විකිණීමටත්, උතුර වෙන්කර වෙනමම රාජ්‍යයක් බිහිකිරීමටත් අවශ්‍ය බලතල මේ ඒකාධිපති වියරුවෙන් පෙලෙන් අගමැති වරයාට ලබාදීමයි. අපේක්ෂකයන්ගේ ලැයිස්තුවට පොදු ජනතාවට ඇතුළුවීමට ඇති මන් අහුරා ඇති ව්‍යවස්ථාවක් තුල අගමැති වරයාට විධායක බලතල ලබාදුනහොත් රටේ ප්‍රධාන විධායකයා සහ ප්‍රධාන අණදෙන නිලධාරියා මෙන්ම රජ්යනයකය මහා මැතිවරණයකින් තොර පත්කරගැනීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසිවීම නොවැලක්විය හැකිය. කල්පනාකාරීව මේ කපටියාගෙන් ගැලවීමට හැකියාව ලැබේව....
එක පරාද කරන්න ඕන. මොකධ පුරවැසි පෙරමුණට ඕන විදියට නෙමෙයි ආණ්ඩුවක් අරන් යන්න ඕන, රටවැසියන්ට ඕන විදියට.
ලක්ෂ 62 ට ජවිපෙ 5,93,544 ඡන්දෙත් තියෙනවා . එක ජනමතේ විචාරෙන්දී අඩුකරල ලක්ෂ 57 ට එකතුකර බලන්න ඕක දිනන්න පුලුවන්ද කියල. ජවිපෙ ඡන්ද නැතුව.!!!! ජවිපෙ තම 20/20 ජනාදිපති තීරණය කරන්නේ. නොර්ත් සහ නැගෙනහිර නෙමේ.
තියලම බලන්නකෝ වෙන දේ බලාගන්න හැකිවේවි ..
ඔන්න කස කාරයා එනව වගේ, කවුරු කවුරුත් පෙරහැර බලන්න සූදානම් වෙමු එහෙනං. ආවත් ව්‍යවස්ථාව සම්මත කරන තුරු පළාත් සභා, පලාත් පාලන ඡන්ද එන්නැහැ කියලා නේද මේ නොකියා කියන්නෙ?
මේ වෙනකොට හැට දෙලක්ෂය ලෙල්ලට බැහැල බව ඡන්දයක් තිබ්බ නැම් දැනගත හැකියි
62 ලක්ෂය දැන් බැහැලා ළුෑණු බිකක් තරම් වත් නෑ.
ජනමත විචාරණයට දින දෙකකට කලින් රනිල් මහතාට කියලා ප්‍රකාශයක් කරවන්න ජනමත විචාරණයෙන් ආණ්ඩුව පරදිනවා කියලා. එතකොට මිනිස්සු පෝලිමේ ඇවිත් ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දේවි...!!!
තියන්නකෝ ඔය විචාරණය... අපි දෙන්නම් ජම්බු !
හරි හමන් පක්ෂයක්වත් නැති මිනිසෙක් කියන දේවල් මිනිසුන් පිළිගනියිද?