(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි තමා දන්නේ නැතැයි පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (16) පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදු වුයේ කුමක්දැයි නොදැනීම බරපතල සිද්ධියකැයි දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශ වලට සිදුවුයේ කුමක්දැයි සොයා බලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ පළිසේන මහතා සාක්කි දෙමින් එම සමාගමේ මුල්‍ය වාර්තා පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
‘ඔබ සමාගමේ අධ්යක්ෂවරයෙක් ද?‘යැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා සාක්කිකාර පළිසේන මහතාගෙන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් පළිසේන මහතා පැවසුවේ තමා පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ විධායක නොවන අධ්යක්ෂවරයකු බවත් තමා සමාගමේ රැස්වීම් වලටද සහභාගි වන බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ "ප්‍රභූවරුන්ගේ" අලුත්ම සහ හොඳම පිළිතුරු තමා "මම කිසිවක් දන්නේ නෑ, මට අතීතය අමතකයි, මට මේවා ඉබේ ලැබුණා" වැනි දේ කීම. රටේ සාමාන්‍ය පුරවැසියෙකුටත් තමන්ගේ නිදහසට මෙවැනි පිළිතුරු දිය හැකිද?
සියල්ල පැහැදිලිය නේද? මේ මුදල්ද ඇතුළුව විශාල මුදල් ප්‍රමාණයක් පහුගිය මැතිවරණය වෙනුවෙන් වියදම් කල බව. මේවා වියදම් කර ලබා ගත් මාධ්‍ය ආයතන රූපවාහිනී නාලිකා මේ සියල්ල ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් සැලසුම් කල දේවල්.. පාර්ලිමේන්තුවේ මේ සිදුවීම යට ගහන්න නොකළ දෙයක් නැහැ.. මේ සියල්ල පිටුපස සිටින මහා මොළකරු කවුද?තීරණය ඔබට බාරයි ..
අනේ මෙහෙම තණ්හාවක් ! අනේ මෙහෙම ආශාවක්! මිනිසුනි ,නුඹලාට ලැබේද මින් සැනසීමක්.
ඉදිරියේදී එන ජනමත විචාරණයෙන්, පොඩි සෙල්ලමක් දාලා, අගමැතිට විධායක බලතල පවරන ව්‍යවස්ථාවට වැඩි චන්ද දාගත්තට පස්සේ, පාර්ලිමේන්තුවෙන් එක සම්මත කරගන්න ඕන. එකට පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ගේ පක්ෂේ ගෝල බාලයින්ගෙන් ප්‍රශ්නයක් නැති උනාට, අර අවභෝදත ගිවිසුම යටතේ කුලියට ගත්තු කට්ටිය ටිකක් නටන්න ඉඩ තිබෙනවා. ඉතින් මහමතිවරණේ ජනාධිපති වරනෙත් එක්කල කියපුවම උන්ව ටිකක් කොන්ට්‍රෝල් කරගන්න පුළුවනි. නමුත් ඉතින් කියක් හරි දෙන්නත් වෙනවනේ. එකට තමයි මේ සල්ලි තියල තියෙන්නේ. කශ්වලින් තියල තියන්න උනේ භාණ්ඩාගාරේට අහුවෙන නිසා. පසුගිය දවස්වල අරයට මන්දිරයක් අරන්දෙන්න ගෙව්වෙත් එව්වගෙන්ම තමයි. අනේ වැඩි විස්තරනම් අහන්න එපා.
මෙහෙම හොරකම් කරලද මුන් මුන්ගේ ළමයින්ට කන්න බොන්න දීල තිබෙන්නේ ? ලැජ්ජයි ...
ලංකාවේ "ප්‍රභූවරුන්" කියල කොටසක් නැත. ඉන්නේ මොන ක්‍රමයෙන් හෝ සල්ලි හොයාගෙන ළඟදී පොහොසත් උන කොටසක්. ඔවුනට ප්‍රභූ තතුරු දී තමන් නිවට වෙන්න එපා. සමහර ප්‍රභූවරුන් පාසල් ගිය රබර් සෙරප්පු දාගෙන ඒකාලේ ඔවුනට බයිසිකලයක් වත් තිබුනේ නැත. සමහරු කෝච්චිවල මාල කඩපු අය .
උනේ මොකක් ද කියල මතක නැතුව ඇති?
සල්ලි දෙවියන්ටත් ඉහළින් තබා වන්දනා කරන්න රටට ඉගැන්වූ ජේ ආර් වැන්නකුගේ සිට ඒ ප්‍රතිපත්තිය දිගටම පෝෂණය කළ මෙතෙක් රට කෑ හැම දේශපාලකයෙකුටම මෙන්ම නිලධාරියෙකුටම ශාප වේවා! මොවුන් හොරකම් කරන මේ මුදල් අපායේදී මාරුකර ගත හැකියයි මොවුන් සිතනවා විය හැකියි
Thilina හරි. ඇලෝසියස් පහුගිය ජන්ද කාලේ වෙනකල් හොදම මිතුරා විදිහට ඇසුරු කරපු නාමල් ගෙන විමර්ශනයක් අවශ්‍යයි.
අයියෝ මේ ලුණු බිකක් ගැන හොයන්නේ මොකටද ?. ඩුබායි වල තියන ඩොලර් බිලියන 1,800 ගැන හොයන්න මේ අවුරුදු 2,1/2 ටම බැරි වෙච්ච එකේ එක හොයන්න කෝ. හිටපු ලොක්ක කිවුව එක ජනතාවට ගන්න කියලත්. නිකන් දෙන එක හොයන්නේ නැතුව තවත් මතක නැති, දන්නෙත් නැති, අනුන්ගේ පවුලේ ප්‍රශනයක් හොයනවා. බිරිද ගත්ත දේවල් ස්වාමියට ප්‍රශනයක් නැත්නම් රට්ටුන්ට තියන ප්‍රශ්නේ මොකක්ද.?...
ප්රශ්නය: ඉතාම ආරක්ෂාකාරී වචන හතර කුමක්ද? පිළිතුර: “මම කිසිවක් දන්නෙ නැහැ“ ප්රශ්නය : ඉතාම ආරක්ෂාකාරී වචන තුන කුමක්ද? පිළිතුර : “මම නො දනිමි“ ප්රශ්නය , ඉතාම ආරක්ෂාකාරී වචන දෙක කුමක්ද? පිළිතුර : “ මා නොවෙයි“ ප්රශ්නය: ඉතාම ආරක්ෂාකාරී වචනය කුමක්ද? පිළිතුර : “නැහැ“
මන් දන්නෑ, මට මතක නෑ, නෝන තමයි දන්නේ,දෙයියො දුන්නා. ඔන්න යුගයේ උත්තර.
මේ කියන දේ පැහැදිලි මදි. දන්නෙ නැත්තේ ලාභාංශ ආදායම යෙදවූ හැටිද එහෙම නැත්නම් ප්‍රකාශිත ලාභාංශයට වෙච්ච දේද? මේ ප්රශ්නය විමසන්න ඕන ආයතනයක ප්‍රධාන මූල්‍ය නිලධාරියාගෙන්. මුදල් ප්‍රවාහ විශ්ලේශනයකින් කරුණු සනාථ කරන්න පුළුවන්.
එහෙනම් "මම දන්නේ නෑ" "මට මතක නෑ" කියන උත්තරේ විභාග ප්‍රශ්න පත්තරවලටත් නිවැරදි පිළිතුර හැටියට භාර ගන්න ඕනෑ.
දන්නේ නැහැ, මතක නැහැ. අපි රවීත් එක්කයි. රවී අපිත් එක්කයි.