(ඩයනා උදයංගනී)
මාර්ගවල මැද තීරුව භාවිත කරමින් සීඝ්‍රගාමී බස් සේවයක් හඳුන්වාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක කර ඇති ප්‍රමුඛතා මංතීරු සඳහා ද සුඛෝපභෝගී බස් සේවාවක් හඳුන්වා දීම සඳහා තමන් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා කියයි.
ඇමතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දීම තුළින් දින දෙකක් ඇතුළත එම මාර්ගවල විනයක් ඇති වී ඇති බව කී අමාත්‍යවරයා මාර්ගයේ විනය ඇති කළ සේම ඉදිරියේදී දේශපාලන කේෂේත්රයේ ද විනයක් ඇති කළ යුතු බව ද ප්‍රකාශ කරයි.
ඊට විශේෂ අධිකරණ එකක් නොව දහයක් හෝ පිහිටුවා අවශ්‍ය පියවර ගත යුතු බව ද ඇමතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගෙ අදහස ඉතා හොඳයි
පොලිසියෙන් දාල හරි පාරේ මැද්දේ කොට කොට යන වාහන ටික අයින් කරන්න. බොහොමයක් අනතුරු සිදුවන්නේත් කොට කොට යන වාහන ඉස්සර කරන්න ගිහින්
රට ඉන්න උදවිය මේවට රැවටුනාට ලංකාවේ ඉන්න මිනිස්සුනම් මේවට රැවටෙන්නේ නැහැ.. ලංකාවේ 99% තියෙන්නේ මංතීරු 2 පාරවල්.. ගාලු පාරේ සහ රාජගිරියේ පොඩි කොටසක පමණයි මං තීරු 3 පාරක් තියෙන්නේ.. එකෙත් උදේ ඉදන් ට්‍රැෆික් ..කාවද මේ රවට්ටන්නේ ?
එතම හොද අදහසක්. කොලබට එන බහුතරයක් මෝටර් රථ වල ඉන්නේ එක පුද්ගලයි. ඒවගේ අයට සුකොකබෝගී බස් සේවාවක් හදුන්වල දෙන්න. තවත් කැලණිවැලි දුම්රිය මාර්ගය අඩුම ගානේ කොට්ටවටවත් ද්විත්ව මාර්ගයක් කරලා කාර්යාල වෙලාවට දෙපසටම දුම්රිය ( හෝ රේල් බස් ) යොදවන්න.
මෙයාගේ කතාව හරියට රටේ හැම තැනම මංතීරු තුනක් තියෙනවා වගේ. මෙයාට හරියට කටින් බතල කොළ හිටවල පුරුදු බව අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඉඳන් දන්නවා. රටේ මිනිස්සු තණකොළ කනවය් කියල හිතාගෙන ඉන්නවා ඇති මේවා පිළිගන්න
මේ මිනිහගෙ විනය ගැන ඉතිං දන්නෝ දනිති. කාවද රවටන්නේ කියල තමයි මටත් අහන්න තියෙන්නේ
අපිට හැමතැනම වගේ මන් තීරු 5 ක් 6 විතර තියෙන පාරවල් තියෙන නිසා එක එච්චර අමාරු වැඩක් වෙන්නේ නැහැ.
ලංකාවේ ප්‍රමාණයට වාහන වැඩියි.