අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන් වීරසිංහ සිසුවා සමත්විය.
අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලිය 2017 එක්සත් රාජධානියේ වාර්වික් විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණු අතර ඊට රටවල් 61ක් නියෝජනය කරමින් සිසුහූ සහ ජූරි සභිකයෝ 250ක් සහභාගී වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මාතර රාහුල විද්‍යාලයේ නිසල් පුන්සර, කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ අනගි කොට්ටහච්චි, මහනුවර මහාමායා විද්‍යාලයේ සචිනි මයන්කා හෙට්ටආරච්චි යන සිසු සිසුවියන් සහභාගී වූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එම්.එජේ.එස් විජයරත්න සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර සහ නිස්සංක ද සිල්වා යන මහත්වරු ජූරි සභිකයෝ ලෙස අන්තර්ජාතික ජීව විද්‍යා ඔලිම්පියාඞ් තරගාවලියට සහභාගී වූහ.
055



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ, දුවේ නුබලාට අපගේ උණුසුම් සුබ පැතුම්. හොදින් ඉගෙනගෙන ලක්මවට අවංකව සේවය කිරීමට ඔබසැමට හැකිවේවා !!!!!!!!!!!
අපිට ඔබ ආඩම්බරයි පුතා.
දුවේ පුතෙ හරිම සතුටු හිතෙනවා, අපේ රට ජාතිය ආගමට හොද සේවයක් කරන්න හිතා ගන්න
බොහොම සන්තෝසයි පුතේ දුවේ, ඔබලාවත් මේ රටේ අලුත් පරම්පරාවට වෙලා තියන මන්ද මානසික වියරුව දුරු කරන්න පෙරට ඇවිත් කටයුතු කරන්න. ළමා අපචාර, මිනීමැරුම් වලට නොපෙළඹී රට දියුණු කරන්න සැවොම එකතු කර ගන්න.
මගෙනුත් උණුසුම් සුබ පැතුම් පුතේ....
අපේ උණුසුම් සුභ පැතුම්
ඔබ ගැන මට ආඩම්බරයි...
ඔබ සියලු දෙනාට අපේ ප්‍රණාමය රට වෙනුවෙන් සහබාගි උණු එකට සහ මේ ජයග්‍රහණයට.