(චන්ද්‍රසේන ගමගේ)
ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කොට ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා රත්න මහතා අද(16) හුංගම බටඅත පැවැති ජනහමුවකදී පැවසීය.
2020 දී රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සදහා මේ රට තුළ දැවැන්තම බල වේගයක් ගොඩ නගා ඒ සඳහා සීනුව ලකුණ වෙනස්කොට පොදු ලකුණක් භාවිත කරන බවත් ඔහු කීය.
‘‘දැන් රට දැඩි ප්රපාතයකයි තිබෙන්නේ. මේ රට මේ පාලකයන්ට ගොඩ ගැනීමට නොහැකි බව නැවත නැවත පෙන්නුම් කරමින් යනවා. වසර හැත්තෑවක් පුරා මේ පාලකයො මේ රට විනාශය කරා ගෙන ගියා . මේ රට මේ විධියට තව දුරටත් යා යුතු නෑ. මේ රට ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒ සදහා අපි මේ වන විට රට ට ආදරේ කරණ විවිධ බුද්ධමතුන් සමග සංවාදයක නියෙලෙමින් යනවා. අපි ලබන වසර තුළ මේ රටට ආදරය කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගය ගොඩ නගනවා. ඒ ගොඩ නැගීම තුළින් මේ පාලකයන් වසර 70 පුරා විනාශ කරන ලද රට ගොඩ නගා මේ රටේ තැලෙන පොඩි වෙන ජනතාවට නිදහස් රටක් ගොඩ නගන්නට කටයුතු කරනවා‘‘ යැයිද සමන්ත විද්‍යා රත්න මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දම තමයි හොඳම ලකුණ ඔයාලට. එහෙම නැත්නම් පේන්ට් බ්‍රෂ් එකත් ගැලපෙනවා.
ඒක ඉතා හොඳ අදහසක්.
බිරි ජනතාවට සීනු ගහනල වැඩක් නැති නිසා අලි ඩෝං ලකුණ ගත්තා කියලා වැඩක් නැ. බත් පැකට් එකට කතිරය ගහන ජනතාවක් අපට ඉන්නේ .ඒ පැත්තෙයි මේ පැත්තෙයි හොරුන්ට ,රට කන්න දිල බකන් නීලා ගෙන ඉන්නවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කළ නොමැති වාතාවරණයක් අද රට තුළ පවතින්නේ .
හිවලෙක්ගේ ලකුණ ගත්තොත් නරකද?
හොරකමින් වංචාවෙන් ජාතික ධනය නාස්තියෙන් තොරව රට හදන්න පුළුවන් සැබෑ ජනතාවාදී පිරිස එක ගොඩකට ආවොත්, ජනතාව ලකුණ බල බල ඉන්නේ නැහැ. ඉහලින්ම ලකුණු දීලා 2020 ජනතා ආණ්ඩුවක් හදනවා අනිවාර්යෙන්. උන්ගේ හොර අල්ලන්න ආපු මුන් ඊටවඩා හොරු. මහින්දලා කෑගහනවා කෝ හොරු ඇල්ලුවද කියලා, පරීක්ෂණ කරන්න සී.අයි.ඩී හෝ එෆ්.සී.අයි.ඩී ගෙන්නුවම නුතන විහාරමහා දේවිලා මතුවෙනවා. රවීල කියනවා අපිව ඇල්ලුවනම් මහින්දලාගේ ඒවත් අල්ලන්න කියල. වීරවන්ශලා කියනවා අපි කලේ පොඩි ඒවා, ඊටවඩා ලොකු හොරකම් කරපු අය මේ ආණ්ඩුවේ ඉන්නවා කියලා. බැසිල්ලා කියනවා ඒ දේපොළ තමන්ගේ නෙමෙයි කියලා, බැඳුම්කර හොරු අවරුදු දෙකක්තිස්සේ අල්ලනවා, මිස්ටේර් ක්ලීන් කියාගත්ත අගමැතිලාගේ නමුත් ඒවාට ගැවිලා, විජේදාසලා කියනවා හොරුන්ට විරුද්ධව නඩු අහන්න විශේෂ උසාවි ඇතිකරන්න නීතියක් නැහැ කියලා. ඒකත් ජනතාවම කරන්න ඕනද . නීති හදන්නනේ මෙගොලන්ව පාර්ලිමේන්තු යැව්වේ.මොන වික්කරයක්ද මේ රටට වෙලාතියෙන්නේ. මේ හොර නඩ දෙකනම් දැන් මිනිස්සුන්ට තිත්තවෙලා තියෙන්නේ. මේ දෙපැත්තටම ගෑවිච්චවත් කෙනෙක් නැත්තම් 2020දි ජනතාව ඒ පැත්තේ ඉඳි කොන්දේසි විරහිතව.
සමන්ත, ඔබ රටට අවශ්‍ය කෙනෙක්. අනුන්ගේ සීනු වලට ටකය හොල්ලන්නෙ නැතුව ආණ්ඩුවක් කරන්න පුළුවන් පක්ෂෙකින් පාර්ලිමේන්තු ගිහිල්ලා අපිට වැඩක් රටට වැඩක් කරන්න.
සතෙකුගේ ලකුණක් නම් , දෙපැත් නයා, දිවෙදෙකේ කබරගොයා . බව්තික වස්තුන් නම් හිල්සහිත බාල්දිය, වදමල , බාදුරා මල .තව තියෙනවා ඕනේ නම් සහෝදරය .
ඔහොමයනකොට ජනතා විමුක්ති පෙරමුණත් එපාවේවි. මෛත්‍රී හංසයා තොර ගන්න .
අපේ බහුතරයක් ජනතාව තම ඉන්නේ ඉතාම ප්‍රථමික දේශපාලන බුද්ධියකින්. කොටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු දේශපාලුවන්ට ජය වේවා කියන්නේ. ජවිපෙ 88-89 කරපුවනම් හොදට මතකයි එත් මේ දේශපාලුවන් පහුගිය අවුරුදු 5හෙ මේ රටට කරපු විනාසේ මතක නෑ.
ලංකාවේ ඉන්න මෝඩ මහා ජනතාව නිල් සහ කොළ පාට බෙදාගෙන ඉන්නේ. මේ ගොල්ලන්ට රට ගැන වෙඩක් නැහැ, මේක දුෂ්ට චක්‍රයක්. දුප්පත් කම නිසා ඇමතිලා පස්සෙන් යන්නම ඕනේ ජොබ් එකක් ගන්න. ඇමතිලා එකෙන් ප්‍රයෝජන අරගෙන හොර කනවා. මේ වගේ තුන් වෙනි පක්ෂයකට උඩට එන්න හරිම අපහසුඉ. හබි මේක හොඳ වැඩක්.
ජවිපය වඩා ප්රජාතන්ත්රවාදී වී ඇති බව, දේශපාලනිකව මුහුකුරා ගොස් ඇති බව, අනුන්ගේ අදහස් ද ගරුකරන ප්‍රවණතාවකට පත්ව ඇති බවටද මෙය හොඳ ඉඟියක්.. ඔවුන්ගේ හොරා නොකෑමේ දේශපාලන වින්‍යාසය සහ සමාජසේවයක් ලෙස දේශපාලනය කර පෙන්වීමේ අධ්‍යාශයට මෙවැනි කාරණාත් එක්කාහුවීම ජනතාවට බලාපොරොත්තු තබාගත හැකි දේශපාලන ප්රවාහයක සලකුණක් සේ පෙනෙනව..
නාමල්ගේ මුණ ලකුණට ගන්න.
මේ රටේ වැඩි පුරම ඉන්නේ අප්පුහමිල සහ කුමාර් (ගල්ෆ්) ලා වගේ අය නිසා, මම හිතන්න බත් පැකට් එකකුය් අරක්කු බෝතලයකුය් හොඳය් කියලය්.
අදහස් ප්‍රකාස කිරීම වටී,,නමුත් කල්පනාවෙන් ,,48 සිට මේ දක්වා තටු මාරුව කලා,,හොද දේවල්වලට වැඩ සිදු උනේ නරක දූෂණය ,,,නාස්තිය ,,,මගේ ජීවිතේ රටේ උන්නතිය උදෙසා මේ දෙගොල්ලන්ටම දුන්න ,,නමුත් චන්දෙ ගෙන රැවට්ටීම මිස ,,කියනදේ ඉටුනොකරයි,,,යහපාලනය උදෙසා මහමැතිවරනයේදීත් මෛත්‍රී ජනාදිපති කිරීමටත් දුන්න ,,කෝ යහපාලනය ..නමුත් අපි මේක වෙනස් කලා යුතුය ,,jvp කීවට එගොල්ලන්ටත් මේ රජය ගත්තට පස්සේ ගෙනියාම අමරුයි ,,නමුත් අඩුතරමින් ජනතා හඩක් ,, යම් තරමකට මෙල්ල් කිරීමක් කරන්න JVP නියෝජනය අනිවාර්යයෙන්ම වැඩි කල යුතුය ,,මේ ගැන ජනතාව පෙලගැසී ඉවරය ,,,අනිවාර්යයෙන් ලබන මැතිවරණ වලදී JVP 100% වර්ධනය වීම කාටවත් වෙනස් කලනොහැකිය ,,කරුණාකර සටහන් කරගන්න ම JVP දේසපාලනය කරන අයකු නොවන අතර ම දේසපාලනයේ මධ්‍යස්ත මතදාරී පුද්ගලයෙක්මි ,,රටට වෙන යහපත මගේ මුඛ්‍ය පරමාර්තයයි.
ගල් කටස් එක නරකද
දැන් එල්ලිලා ඉන්න විදියට අපිට හොදම ලකුණ අලි වලිගය තමයි. සම්පුර්ණ අලියා දැම්මොත් වලිගය පෙන්නේ නැතුව යනවා වගේම නීති විරෝදී වෙනවා.
මටනම් හිතෙන්නේ "පොදු වැසිකිලිය " ලකුණ හොදි කියල. යුද්ධේ ජය පෙනෙන්න තියෙත්දී තමුන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු ටික අරගෙන පසුගිය ආණ්ඩුවෙන් එලියට ගියේ යුද්ධේ නිමවෙන එකට තමුන්ගේ පක්ෂය අකමැති නිසා නෙමෙඉද ? ඒ හේතුව නිසාම එම රජයට සිද්ධුන එදා විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු 17ක් රජයට ගන්න. එහෙම නොයා තමුන්ගේ මන්ත්‍රීවරු 39 දෙන දුෂණයෙන් තොරව, රටට වැඩක් කලානම් , ඒ ආණ්ඩුවේ හිටපු දුෂිතයන්ට එහෙම හොරකම් කරන්න බැරිවෙනවා වගේම මේ වෙනකොට JVP ආණ්ඩුවක් එන්නත් තිබුන. එත් දැන් නම් මහජනතාව දැනට තියෙන (ලගදීම ප්‍රධාන පක්ෂ 3 වෙන්නත් පුළුවන්) මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට යන්නේ නැහැ.
මාර ලස්සන වචන ටික..
රටට කාලින අවශ්‍යතාවයක්.... අනිවාර්යන්ම බොහම සංයමයෙන් අවංක / බුද්ධිමත් / පටු අරමුණ නැති / පුළුල් දැක්මක් ඇති අය පමණක් සමග විතරක් ගනුදනු කරන්න. එවිට සම්ප්‍රදායික කතිරය වෙනුවට ජනතාව හරි තීරණයක් ඉදිරියදි ගනී. සුබපැතුම්....
ඇත්තටම හොද තීරණයක් මේ කාලකන්නි දේශපාලන පක්ෂ දෙකම පරද කරලා පිරිසුදු දේශපාලනයක් කරන්නන පුළුවන් ආණ්ඩුවක් හදන්න ඇත්තටම පුළුවන් ජවිපෙ ට විතරෛ. අවුරුදු 70 මේ රට මේ දේශපාලන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට විනාස කල. අනිවාර්යෙන්ම රටේ බුද්දිමත් ජනතාව මේකත් එක්ක හිදී.
අලියගෙන්ම ඉල්ලන්නකෝ ආයෙම මොකටද සීනුවක්
සමාජවාදය අතහැරපුල , පංතිය අමතක කරපු ජවිපෙට සීනුවත් කජ්ජක්ද .
වැසිකිළියක සලකුණ ගත්තොත් නරකද
හොඳම සළකුණ තමයි , බෙල්ලේ සීනුවක් එල්ලගෙන ඉන්න රතු අලි පැටියා සලකුන.
මම යෝජනා කරනවා “හෙණ්ඩුව“.
හරිම අවාසනාවන්ත ලකුණක් වෙන්න ඇති නේද සහෝදරයා
ලකුණ වෙනස් වුණා කියල වැඩක් වෙන එකක් නැහැ. රුසියාව ඇතුළු මුළු ලෝකයේම අසාර්ථක වුණ පොතේ සමාජවාදය අතෑරල එංගලංතේ නව කම්කරු පක්ෂය නැතිනම් 1994 ශිලනිප කලා වගේ සෙන්ටර් ලෙෆ්ට් හැටියට ප්‍රතිපත්ති වෙනස් කළොත්, ආණ්ඩුවේ නැතිව පෞද්ගලික අංශ රැකියා ඇතිකරන එක පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකරන එක කරනවානම් මිනිස්සු එයි. ඒ ඔයගොල්ලො හොරකම් නොකරන බවට විස්වාසයක් තියෙන නිසා. එහෙම නැතිව පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධය, වැඩ වර්ජන සංවිධානය වගේ අන්ත වමේ වැඩ පමණක් නම් ඔයගොල්ලො කරන්නේ නම් හොරකම් සිදුවුණත් අනික් අය දිනයි.
කැලණිය ආසනයේ ජවීපෙ නියෝජිතයා තාම මට හොයාගන්න බැරි වුණා. ඡන්දේ ඔන්න මෙන්න කියලා මුණ පෙන්නලා ගියාට නම් වැඩක් වෙන එකක් නෑ සහෝදරයා.
තව අලුත් දේවල් කියලා තව තරුණ පිරිසක් කොල්ලෝ කෙල්ලෝ දෙමව්පියන්ට නැති කරන්න ද යන්නේ?