(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.
සිරිලිය පදනම වෙත ලබා දී තිබු ඩිෆෙන්ඩර් රථයක වර්ණ අවස්ථා කිහිපයකදීම වෙනස් කර පරිහරණයට ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය හිතන්නේත් ලක්ෂ 62 ම මෝඩයි කියලා. මේ රවට්ටන්න හදන්නේ කාවද? රජයේ හෝ පසුගිය රජයේ කිසිම කෙනෙකුට දඬුවම් ලැබෙන්නේ නෑ. එ්ක ඉර හඳ වගේ විශ්වාසයි. මේ රටේ කොතනකවත් හරියට නීතිය ක්‍රියාත්මක නෑ. මේ රට විනාශ වෙලා ඉවරයි. සුද්ද මේ රට තාමත් පාලනය කළා නම් මේ රටේ මනුස්සයෝ සතුටෙන් ඉඳීවි... අපරාදේ අපිට නිදහස හම්බ වුණේ...
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පුතා ලද අවස්ථාවෙන් තම දැනුමෙන් කලේ දේශයේ මුර ගලක් බඳු එස්.ටී.එෆ් ආයතනය සැදීමයි. නමුත් කවදාවත් ඔහු එ්කේ ලොක්කා වූයේ නැහැ. අයුතු ලෙස රටේ මුදලින් ඔහු බනිස් ගෙඩියක් වත් කන්න ඇති කියා මම සිතන්නේ නැහැ. නමුත් සාමාන්‍ය පෙළ පමණක් ඇති උසස්පෙළවත් නැති යෝෂිත නාවික හමුදාවට බැඳී කල හරිය කවුරුත් දනී. නායකයකුගේ පවුල් පසුබිම රටකට වැදගත් වන්නේ මේ නිසයි.
මේවද මේ කියපු මහා පරිමාණ හොරකම් ?
පිටිගල මිලානෝ මහතාගේ අදහස මමත් අනුමත කරමි. රවී ජයවර්ධන මහතාගේ චරිතයත්, යෝෂිත රාජපක්ෂ මහතාගේ චරිතයත් අතර වෙනස අහසට පොලව මෙනි.
මේ රටේ මිනිසුන්ට දැවෙන ප්‍රශ්න ගොඩයි. යහපාලනය ජනතාවට විහිළු සපයනවා.. ඩිෆෙන්ඩර් රථයක වර්ණ මාරු කළාම මොකද වෙන්නේ? අර ලංගම බස් වල වර්ණ මාරු වෙන්නේ ආණ්ඩුව වෙනස්වෙද්දී. ඒ ගැණත් විමර්ශනයක් කරන්න. මහත්තයෝ හොර වංචා කල හැමෝටම දඩුවම් දෙන්න. බොරුවට රට හිනස්සන්නේ නැතුව.
යෝෂිත කියන්නේ මේ රට කොටින්ගෙන් මුදාගත් වීරෝදාර නාවික නිලධාරියෙක්.... එහෙම කෙනෙකුට මෙහෙම කරන එක හරිද?
පිටිගල සහ පැතුම් මහතාට මගේ හිස නමා ආචාර කරමි. අපේ රටේ තවම මිනිසත්කම හා කොන්ද තියෙන අය ඉන්නවා.
කැකිරාවේ බණ්ඩා මහත්තයෝ, වාහන වල වර්ණ තමන්ගේ වුණත් මාරුකරන්න අවසර ගන්න ගොඩක් තැන් තියෙනවා. වාහනේ පොතේ වර්ණය ගැන කියවෙනවා නේ...
යුද්ධය ඉවර කල එකට හිලව් වෙන්න රටේ සම්පත් ගෙදර ගෙනියන්න දුන්නම හරිද? ඕනෑම ජාතියක් තමන්ගේ රට ජාතිය බේරගන්න ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙනවා. එ්ක තමයි තමන්ගේ ජාතිකත්වය, ප්රභාකරන්ට මේ රටේ ජාතිකත්වය නැතත් ඔහුත් උත්සාහ කලේ එ්ක ඇති කර ගන්න. මහින්ද රාජපක්ෂ මහතා රට බේරගත්තා කියලා එයාට රටේ සියලු සම්පත් අයිති කරගන්න පුලුවන්ද?. මේ කියමන් මේ ආණ්ඩුවටත් වලංගුයි. ඉල්ලා අස්වුණා කියල රවී කරුණානායකට විරුද්ධව තියෙන සියළු පරීක්ෂණ අවසන් කර දඬුවම් දිය යුතුමයි. මේ හැමෝම ළඟ තියෙන මහජන මුදල් නැවත මහා භාණ්ඩාගාරයට ගෙන රටේ සංවර්ධනයට යෙදවිය යුතුමයි.
යෝෂිතව නාවික හමුදාවට බැඳුනේ නාවික හමුදපතිවත් මාණ්ඩලික ප්‍රධානී කරන්නවත් හිතාගෙන නෙමෙයි. ඒ වෙනකන් හිටි දේශපාලකයන් වවාගෙන කාපු යුද්දේ බොරුවක් බව තේරුම් ගෙන සිටි තරුණයන්ගේ ආරක්ෂක අංශයන්ට බැදෙන්න දක්වූ මැලිකම නැතිකර චිත්ත දහිරිය වැඩි කරන්න විතරයි. ඒ දේ හරියටම උනා. එකත් යුධ උපායමාර්ගයක්.
පිටිගල මිලානෝ සහ කමල් ඔබ දේපල හරියටම හරි. මෙය නාවික හමුදාවට බැඳිලා සති දෙකෙන් උප ලුතිනන් වුණා. සාමාන්‍යයෙන් අනිත් අයට ඒ සඳහා අවුරුදු තුනක් යනවා. අනික මෙයා තාජුදින් ඝාතනයට ඍජුවම සම්බන්ධ කෙනෙක් නමුත් තවම සාක්ෂි නැහැ. දන්නවා කියන්නත් බයයි. එක දෙයක් ඇත්ත කවදාම හරි එළිවෙනවා. එදාට මෙයා පෝරකයට යනවාම තමයි.
පිටිගල ඔබ වෙන රටක ජිවත් වුනාට අපි ඉන්නේ ලංකාවේ..
රුචිර, අනේ ඔබ වැනි මෝඩ වහලෙක්! ඔබ රටටම නින්දා සහගතයි.
අයෙක් කොණ්ඩය නැතිව අයෙක් බොරු කොණ්ඩයක් සමග