(තරිඳු ජයවර්ධන)
කිසිවකු පොලිසිය වද හිසා පමුණුවන බවට චෝදනාවක් ඉදිරිපත් කළහොත් පොලිස්පතිවරයාගේ හැසිරීම නිසා එම චෝදනාව සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
උදෑසන භාවන නොකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් මූලස්ථානයේ විදුලිසෝපාන ක්රියාකාරුගේ කොළරයෙන් ඇද බැණ වැදුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එලෙස කීවේය.
‘ශ්‍රී ලංකා පොලිසිය සැකකරුවන්ට වද හිංසා පමුණුවට බවට පසුගිය වකවානුවේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයෙන් චෝදනා එල්ල කළා. පොලිසියේ ප්රධානියාම මේ ආකාරයට ඇසිරෙද්දි අනිත් පහළ නිලධාරීන්ටත් ඒවා කරන්න දිරිමත් කිරීමක් වගේ නේද? මානව හිමිකම් කවුන්සිලයෙන් කරන චෝදනා සත්‍ය බව පිළිගන්න වෙනවා නේද? ‘ යැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.
‘ඔව්. ඒක වැදගත් කාරණයක්. එතන දෙයක් තියෙනවා. පොලිස් ප්‍රධානියා මෙහෙම කරනවා පම් එම චෝදනාව ගැන විශාල ගැටළුවක් තිබෙනව බවට එයාලට මේක අර්ථනිරූපනය කරන්න පුළුවන්.‘ යැයි රාජිත සේනාරත්න මහතා කීවේය.
උදෑසන ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව යම් මානසික ඒකාග්‍රතාවක් ඇති කිර ගැනීමට ක්‍රියාකාරකමක් කරන ලෙස පොලිස්පතිවරයා චක්රලේඛයකින් දන්වා ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට ඇතැම් අවස්ථාවල පොලිස්පති පොලිස් මූලස්ථානයේ සංචාරය කරන බව ද, මෙම සිදුවීම වු දා විදුලි සෝපාන ක්‍රියාකරු එලෙස කටයුතු කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ප්රශ්නය - ආගම් අදහන්නේ නැති පිරිසුත් ඉන්නවා. ආගමික කාරණා සම්බන්ධයෙන් මෙහෙම චක්‍රලේඛ නිකුත් කරන එක හරිද?
ඇමැති දයාසිරි ජයසේකර - ඒකේ ප්‍රශ්නෙකුත් තියෙනවා තමයි. මම නම් කියන්නේ පොලිසිය භාවනා කරන්නේ නෙමෙයි පීටී කරන්න කියලයි. මොකද හොරෙකුගේ පස්සෙන් එළවන්න ශක්තිය ඕනෑ.
ඇමැති රාජිත සේනාරත්න - මං මේ අහං ඉන්දි මට බය හිතුනේ පිටකොටුවේ බෝම්බයක් හරි තියෙනවා කියලා කවුරුහරි කියද්දි භාවනා කරනවයි කිව්වොත් ඇතිවෙන තත්ත්වෙ. අපේ ආරක්ෂාවට ඇතිවෙන තත්ත්වය. පොලිසියට තත්ත්පර 15ත් වටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම කල යුත්තේ තම මමත්වය අසීමිත ලෙස වැඩිකරගන්නා තම ෆේස්බුක් ගිණුම නවතන එක හෝ එය සාමාන්යාකාරව පවත්වා ගෙන යාමයි. තමන් පුම්බාගන්න ෆේස්බුක් පාවිච්චි කරන කෙනෙක් කොහොමද පොදු සේවයේදී සමානාත්මව ක්‍රියා කරන්නේ? අනිත් එක තමා හරි යයි හිතෙන හැම දේම නොකර පොදුවේ උචිත දේ පමණක් කරන්න. නුවර අපි කවුරුත් දන්නා ආදී දම්රජුවෙකුගෙන් මීට වඩා සේවයක් රටට විය යුතුයි.
භාවනා කරපු එක්කෙනාගේ හැසිරීම මෙහෙමනම් භාවනා නොකලටත් කමක් නැහැ වගේ හැඟීමක් එනවා.
භාවනා කරපු එක්කෙනාගේ හැසිරීම තමයි.
අනුන්ට භාවනාව කරවන්න යන මෙයාට සිහියේ නැහැ පොලිසිය ඇතුලේ කැමරා තියෙනවා කියලා. භාවනාව යනු තමා විසින් තම සිත ඒකාග්ර කරගන්නා කටයුත්තක් මිසක් ටොකු ඇන ඇන ලබා දිය හැකි දෙයක් නොවන බවවත් දන්නේ නැද්ද? අසිහිය නිසාම මොහු දැන් සමාජ මාධ්‍ය ජාලාවල 'හිට්' වුන නළුවෙක් වෙලා. ශාන්ත තෝමස් වැනි පුද්ගලික පාසල් වලින් බිහිවූ හිටපු ගුවන් හමුදාපති කෝලිත ගුණතිලක වැන්නවුන් තමාගේ සහ රටේ නම්බුව රැකගනිමින් මනා ලෙස රාජකාරිය කරා. පිටරට සිටින අපිටම දකින්න ලැබෙන වීඩියෝ සාක්ෂි අනුව මෙයා හිරේ නොගිහින් බේරුනොත් පුදුමයක්.
කම්බ හොරු ඇවිත් හොරු ගැන හොයන නීතිය නවන පොලිස්පතිගෙන් සාධාරණය හොයන අරුම පුදුම රටක් මේක.. බලන්න මේ වයසක මනුස්සයා කොච්චර අසරණ වෙන්න ඇතිද?
තදින් නැතුව මිනිස්සු හදන්න බැහැ. නමුත් ප්රශ්නය හරියට විශ්ලේෂණය නොකර අපිට බැහැ දෙපාර්ශවයට දොස් කියන්න.
මා අත්දැකීමෙන් දන්නා දෙයක් නම්, භාවනා කිරීමෙන් කෙනෙකුගේ මනස සන්සුන් කර ගත හැකියි. එබැවින්, එවැනි හොඳ දෙයක් අන් අයෙකුට පුහුණු කිරීමට උත්සාහ කිරීමේ වරදක් මා දකින්නේ නෑ. අද පාර්ලිමේන්තුව තුල වදුරන් මෙන් කෑ කෝ ගසන අයටත්, දවස ආරම්භයේදී විනාඩි 5 ක භාවනාවක යෙදිය හැකිනම්, රටේ ප්‍රශ්න ගැන මීට වඩා හොඳින් සාකච්චා කර නිරාකරණය කර ගත හැකි යයි සිතමි.
ඉහත චායාරුපයේ විදුලි සෝපාන ක්‍රියාකරුගේ බිරිඳට, දරුවන්ට මොනවා හිතෙනවා ඇත්ද මේ දේවල් දකිනකොට. පව්!
කරුණාකරලා පොලිසියට ගැලපෙන උසස් නිලධාරියෙක් මෙම තනතුරට ඉක්මනට පත් කරන්න.
පොලිස්පති කකුළු අම්ම වගේ.මහා එකා හරහට යමින් පැටියට කෙලින් යන්න කියනවා වගේ වැඩක්.අනිත් එක මේ මහත්තය හරියට භාවනා කලානම් කොහොමද කේන්ති ගන්නේ.මහා එකා මෙහෙම බොරු කරනවානම් පොඩි එකා ගැන කවර කතාද?
මේවගේ දෙයක් බටහිර රටක එහෙම වුනානම් බලාගන්න තිබුනා වෙනදේ. පොලිස් පති ඉල්ලා අස්වෙනකම් හෝ අල්ලලා අස්කරනකම්ම වුර්තිය සමිති වැඩවර්ජනය කරනවා. ඒ එහෙ හැටි.මේ මෙහෙ එකියන්නේ ධර්මද්වීපයේ නැතිනම් ලෝකෙන් උතුම් රටේ හැටියි...ලැජ්ජයි..
ටයි කෝට් දැම්මත් පොලිසියෙමනේ? අහල නැතිද, අර සිංහ හැම පොරවගත්තු නරියෙක් දැකල සත්තු තමන්ගේ රජ්ජුරුවෝ කියල හිතාගෙන සැලකුවට, හඳ පායන දවස් වලට එලියට බැහැල හූ කියන්න පටන්ගත්ත කියල?
මෙහෙම දේවල් කරන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න දන්නේ නැති උදවිය. එයාල බලනවා කොහොම හරි නමක් හදා ගන්න. ඕනෙවට වැඩිය ලොකු පාට් දමන්නේ අඩු උගත් කමක් තියෙන උදවිය . ඒ තමුන්ගේ ලගට එන ප්‍රශ්න ප්‍රමාණය අඩුකර ගන්න . හරි උගත් කමක් තියෙන මිනිස්සු කලබල වෙන්නේ නැහැ , එයාල දන්නවා ප්‍රශ්නේ හරියට අද්‍යනය කරලා නිවැරදි විසදුම දෙන්න. අපි දැක්ක කොබ්බැකඩුව මහත්තයට හමුදාවේ ඉහල සිට පහලට සිටි නිලදාරීන් කොතරම් ආදරය කලාද කියල. ඒ වගේම රටේ ජනතාව සිංහල , දෙමල සහ මුස්ලිම්. ඒ ගෞරවය ලැබුනේ නිලදාරින්ට , ජනතාවට පාට් දමල නෙමෙඉ. ප්‍රශ්න වලට නවදි විසදුම් දීල සහ මිනිසුන්ට ගෞරවයෙන් සලකල.
අයි.ජී.පී. මහතාගේ වැඩ වහාම තහනම් කල යුතුයි. අර අහිංසක දුප්පත් මනුස්සයට සලකපු විදිය ඉතාමත් කණගාටුදායකයි. ලෝකය පුරාම ලංකාවේ පොලිස් නිලධාරීන් ඉතාමත් නරකයි කියා දන්නවා. මෙම සිද්ධිය නිසා එය තවත් තහවුරු වෙනවා. ඔහුගේ හැසිරීම ඔහුගේ නමටත් නින්දාවක්...