තරිඳු ජයවර්ධන සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි
වේයන්ගොඩ ගුවන් පාලම මතදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි.
කාර් රියකින් පැමිණි පිරිසක් වෑන් රියකට වෙඩි තබා ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මේ වන විට එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ පැමිණ සිටිති. වේයන්ගොඩ ගුවන්පාලම තාවකාලිකව වසා දමනු ලැබීය.
සැකකරුවකු අල්ලා ගැනීම සඳහා පොලිසිය වෙඩි තබා ඇති බවත්, වෙඩි වැදී ඇත්තේ මව සමඟ පාරේ ගමන් කළ පුතකුට බවත් ස්ථිර නොවූ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හස්තයන්ගේ අවරණය තියෙනවනම් අපේ රටේ ඕනෑම දෙයක් කරන්න පුළුවන් බව නීතිය ඕන අතකට නවගන්න පුළුවන් බව මේ අය දන්නවා. ඉස්සරහට උතුරෙනුත් දකුණෙනුත් මේවගේ සෙල්ලම් බලන්න පුළුවන් වේවි.
මම ඉල්ලන්නේ එක දෙයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වගේ සාමාන්‍ය ජනතාවටත් ගිනි අවි මිලදී ගැනීමට අවස්ථාව දෙන්න , එවිට අපේ ආරක්ෂාව අපිටම හදාගත්තැකි, මේ දේශපාලන ක්‍රමය වෙනස්කරන්න බැහැ හැමෝම අතේ ගිනි අවි ඇති නිසා අපරාධකාරයෝ වුනත් එන්නේ නැහැ