සියලු පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාලව ගෙන ඒමට යන විසිවැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහදී පැමිණි එකඟතාවයකට අනුව මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡාකීරීමට තීරණය කර ඇත.
විසි වැනි සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේදී එකඟතාවට ඵලකර එය අනුමත කර පසුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාවේදී එයට විරුද්ධවීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් දැඩි ලෙස විචේචනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයකින් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් මේ ආණ්ඩුව "ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ" කියන්නේ ඕකට තමා.
ඔය චංදය කල්දාන්න අටවන දහම් ගෙටයක්.යම් හෙයකින් පළාත් සැබෑවක් විසිරුවොත් හෝ අතුරු මෙතිවරනයක් ආවම කොහොමද පවත් වන්නේ .
ආණ්ඩුව බය වෙයිද? ජනතාව ප්‍රතික්ෂේප කල පක්ෂ අනුන්ගේ පිහිටෙන් බලයට එන්න දරන උත්සාහයට රනිල් මෛත්‍රී අහු වෙයිද? මුළු රටේම චන්දය එකම අවස්ථාවේ තැබිය යුතුයි. මහින්ද ඉස්සරහට දාගෙන තැන තැන වල චන්ද මංකොල්ලයට සැරසෙන ත්‍රී ව්හීල් පක්ෂ වල උවමනාවට වෙන දෙයක් මේක. ඕක තේරෙන්නේ නැත්නම් දෙන්නම මෝඩයෝ.
ත්‍රී ව්හීල් පක්ෂ වල උවමනාවට වෙන දෙයක් මේක. මුළු රටේම චන්දය එකම අවස්ථාවේ තැබිය යුතුයි