ජනපති නිවස වටලන්න තර්ජනය කළ අය සොයයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නිල නිවස වටලා කුඩු කරන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දුරකතනය මගින් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළ එම ඇමතුම ලබාදුන් පුද්ගලයා සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කර ඇත. 24 May 2017
කරුණාගේ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිට යවයි මන්තී‍්‍ර වරප්‍රසාද යටතේ ලබාදී තිබූ රුපියල් කෝටි 9ක වටිනාකමකින් යුත් ලියාපදිංචි නොකළ වෙඩි නොවදින ජීප් රථයක් ආපසු භාරනොදී සාපරාධී සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් ”කරුණා අම්මාන්” මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන අවසන් කර උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වෙත අද (24) කරුණු වාර්තා කළේය. 24 May 2017
ශ්‍රී ලංකාවට ජී.එස්.පී දීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයක් ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් ලබන 31 වැනිදා බ්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාදයක් පැවැත්වෙනු ඇතැයි බ්‍රසල්ස් තානාපති ආරංචි මාර්ග පවසයි. 24 May 2017
ගුවන්ගමන්වලදී අත්බෑගයේ ගෙන යන ද්‍රව්‍යවලට අලුත් නීතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන් සේවාවන්ට ආරක්ෂාව සැපයීමේ අරමුණින් ජුනි 1වැනිදා සිට නව ආරක්ෂක පටිපාටියක් ක්‍රියාත්මක කරන බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරචිචි මහතා පවසයි. 24 May 2017
විනය විරෝධීව මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය විරෝධීව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 May 2017
ඥානසාර හිමියන් ගැන නීතිඥවරියගෙන් පොරොන්දුවක් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෛද්‍ය සහතියක් සමඟ ලබන නඩු දිනට අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වන බව ඒ හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අනූෂා පේරුසිංහ මහත්මිය අද (24) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 24 May 2017
ගාල්ලේ නියාගමට ධාරාණිපාත වැසි පසුගිය පැය 24 පුරා ඇද හැලෙමින් තිබෙන මහ වැසි හේතුවෙන් දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම පොද්දිවෙලපර ප්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 24 May 2017
විදුහල්පතිවරයකු ඉල්ලා මහ ඇමති කාර්යාලයට කඩා වදිති මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල අධ්‍යාපන කලාපයට අයත් ඉගිනියාගල ඩී. එස් .සේනානායක විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් ඌව පළාත් සභාවට අද(24) හිටි හැටියේ කඩා වැදුණහ. 24 May 2017
සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී අද(24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. 24 May 2017
මැද පෙරදිග ගොස් හිංසනයට ලක්වූ 120ක් ආපසු එති මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වධහිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 120දෙනෙකු අද (24) දින අවස්ථා දෙකකදි ගුවන් මගින් මෙරටට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි 24 May 2017
දූෂිත ඇමතිවරුන්ට ඉඩ තිබිය නොහැකියි - මහාචාර්ය විජේසූරිය ‘‘දූෂණය පිටු දකිනවා කියල බලයට ආවා නම් දූෂීතයන්ට ඉඩක් තිබිය නොහැකියි. මේ වගේ දේවල් ගැන අපි ආණ්ඩුවේ අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම දිගින් දිගටම ආණ්ඩුවට අනතුරු අඟවනවා.’’ යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය. 24 May 2017
යාපනයේ කෝවිලක කොටි හොල්මන් යාපනය කෝපායි තිරුනෙල්වේලි කාලි අම්මා කෝවිලේ සිදු කෙරෙන වාර්ෂික දේව මංගල්‍යයක් අතුරතුර පුද්ගලයෙකු යුද සමයේදී කොටි සංවිධානය භාවිතා කරන ලද ඊලාම් සිතියමට සමාන සිතියමක් ප්‍රදර්ශනය කර ඇතැයි යාපනය පොලීසිය කියයි. 24 May 2017
කේරළ ගංජා කිලෝ 51 ක් වැල්වැටිතුරෙන් සොයාගනී ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනවිත් යාපනය වැල්වැටිතුරෙයි උදයසූරියන් ක්‍රිඩාංගනය අසල දමාගිය රුපියල් ලක්ෂ 62 ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 51 යි ග්‍රෑම් 800ක් අද (24) අලූයම සොයාගත් බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. 24 May 2017
නැගෙනහිර පළාත් මන්ත්‍රී අනතුරු අඟවයි මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් මහතා පවසයි. 24 May 2017
බද්දේගමත් වෙළෙඳසැලක් ගිනිගනී බද්දේගම කුම්මේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක ඊයේ(23) රාත්‍රී ඇතිවූ ගින්නකින් එහි තිබු සියලුම ද්‍රව්‍ය ගිනීගෙන ඇති අතර ගොඩනැගිල්ලටද බරපතල හානි සිදුව ඇතැයි බද්දෙගම පොලිසිය කියයි. 24 May 2017
උතුර නැගෙනහිර ණයගැති බව අධ්‍යයනය කරනවා-මහ බැංකු අධිපති දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන උතුරු හා නැගෙනහිර පළාත්වල වර්ධනය වෙමින් තිබෙන ණයගැති බව අධ්‍යයනය කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 24 May 2017
ජේම්ස් බොන්ඩ්ට පණ දුන් රොජර් මූර් දිවි රඟමඩලින් බැසයයි ජේම්ස් බොන්ඩ් සිනමා පට මාලාව ඔස්සේ ජනප්‍රියත්වය පත්වූ රංගන ශිල්පී ශ්‍රීමත් රොජර් මූර් පිළිකා රෝගය හේතුවෙන් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 1973 සහ 1985 අතර කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට 7කට එක්වූ ඔහු මිය යන විට 89 වැනි වියේ පසුවිය. 23 May 2017
ජාතිවාදය - ආගම්වාදය මැඩලීමේ බලය පොලිසියට ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද(23) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 23 May 2017
තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු හතරක් රිමාන්ඩ් නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23) නියෝග කළාය. 23 May 2017
අල්ලස් දැලේ පැටළුණු කොස්තාපල් රිමාන්ඩ් ලොරි රථයක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ඉන් රුපියල් 60000ක් මුලින් ඉල්ලූ බව කියන සිද්ධියකට අදාළ දැරණීයගල පොලීසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(23) නියෝග කළේය. 23 May 2017
ගම්පහ බණ්ඩාරනායකයේ විදුහල්පති පළාත් රාජ්‍ය සේවයට යවයි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතා එම තනතුරින් ඉවත් කළ බවත් ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් රාජ්‍ය සේවයට මුදා හරින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 23 May 2017
මැන්චෙස්ටර් ප්‍රහාරයට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට පුද්ගලයින් 22කට මරු කැඳවමින් මැන්චෙස්ටර්හි සඳුදා රාත්‍රියේ එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට එරට පොලිසිය විසින් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි. 23 May 2017
සංජය ලීලාරත්නගේ මෝටර් රථය ගිනිගත් ආකාරය සොයයි රංගන ශිල්පී සංජය ලීලාරත්න මහතාගේ කිරුළපන පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථය අබිරහස් ලෙස ගිනි ගැනීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි. 23 May 2017
කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අත්අඩංගුවට හෙළයේ බලය සංවිධානයේ සභාපති බව කියන කිරිඇල්ලේ සුධම්මජෝති හිමියන් අද(23) අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. 23 May 2017
ගාල්ලේ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මරුට හික්කඩුව බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගයේ හික්කඩුව ප්‍රාදේශීයලේකම් කාර්යාලය අසල ව්‍යාපාරික ස්ථානයකදී දී මීට සුළු මොහොහොතකට පෙර පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 23 May 2017
මහාචාර්ය කාලෝගේ නිල කාලය ජූනි 30 දා අවසන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිල කාලය ලබන ජුනි 30 වැනි දා අවසන් වේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ දී හිටපු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත් කරන ලදි. 23 May 2017
මන්ත්‍රීවරු 13 ක් උතුරු මැද මාසික රැස්විම වර්ජනය කරති උතුරු මැද පළාත් සභාව සදහා නව අමාත්‍යවරුන් පත් කිරිමෙන් පසුව අද (23) දින පැවැති මුල්ම මාසික රැස්විම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 13 දෙනෙකු විසින්ම වර්ජනය කර තිබුණි. 23 May 2017
විද්‍යා ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම සමුහ දූෂණයට ලක් කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතන නඩුව යාපනය මහාධිකරණයේදීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත. 23 May 2017
සෞදියේ සිරකර සිටින කාන්තාව වෙනුවෙන් තානාපති නිලධාරීහු මැදිහත් වෙති සවුදියේ හාම්පුතුන් බලහත්කාරයෙන් තම වකුගඩුවක් ලබා ගැනීමට තැත් කළේ යැයි කියැවෙන වීඩියෝ පටයක් තම නිවසට එවූ ශ්‍රී ලාංකික කාන්තාවට එරෙහිව නඩු පැවැරීමට සවුදි පොලිසිය සුදානම් වූ බවත් තානාපති කාර්යාල නිලධාරින් මැදිහත්ව එය වළක්වා ගෙන ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත දන්වා ඇතැයි කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (සමථ) මාධව දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය. 23 May 2017
සංගා පළමු පෙළ පිටියෙන් සමුගැනීමට සැරසෙයි එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ක්‍රිකට් සමය නිමාවේදී පළමු පෙළ තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. 23 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026