(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ බන්ධනාගාරය මිල්ලනිය දොඹගොඩ නිව්චැපල් වත්තේ අක්කර 35ක භූමියට රැගෙන ඒමට අවශ්‍ය මිනුම් කටයුතු සිදු කිරීමට අද(14) එහි පැමිණි මිනුම් නිලධාරීහු ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ ආපසු ගියහ.
මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැනුම් කටයුතු සදහා පැමිණීමත් සමග ප්‍රදේශයේ මහ සඟරුවන ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී තමන්ගේ දැඩි විරෝධය ආවේගශීලීව පැවසූහ.
එහි පැමිණි මිල්ලනිය ප්‍රාදේශිය ලේකම් සමන්තිකා ලියනගේ මහත්මිය කියා සිටියේ මෙම ගැටලුව ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවට හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දීමට කටයුතු යොදන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කයිට්ස් දුපතේ හෝ නයිනතිව්, මණ්ඩතිව් වැනි දුපතක හදන්න.
සිරකරුවන් කොන්කිරීමෙන් සමාජය ගොඩ ගන්න බැහැ. සිරකරුවන් සමාජයේ කොටසක්. සිරකරුවන් සමාජයේ පලදායි වැඩකටයුතු සඳහා යොදාගත යුතුයි. සමාජය විසිනුයි මිනිසුන් නීතිවිරෝධී වැඩ වලට යොමුවෙන්නේ. එම සමාජය තුලින්මයි එයට විසදුමක් හොයාගන්න ඕනේ. දුපත් වලට අරන්ගිහිල්ල තව තවත් නීතිවිරෝධී වැඩ සඳහා නිතිය අතට ගත්තු මිනිස්සුන් සිරකරුවන් යොදාගන්න පුළුවන්. සමනය ජනතාවගේ ඇහැට පේන තැනක තිබුනොත් හොඳයි. සිරකුවන්ට නැවත සමාජගත වීමට ක්‍රමයක් අවශ්ශ්‍යයි. සිරකරන්නම් වලේ සිරකරලා විසදුමක් ලැබෙයි කියල හිතන්න බැහැ. සිරකිරීමට යන වියදමවත් සිරකරුවන්ගේ උපාය ගැනීමට නිෂ්පාදන හා සේවා කටයුතු සඳහා යොදාගන්න ක්‍රමයක් තිබිය යුතුයි.