(ඩයනා උදයංගනී)
ප්‍රමුඛතා මංතීරු ක්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ක්‍රමවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීම අද (15) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද සිට මංතීරු ක්‍රමය කි‍්‍රයාත්මක වේ.
ගාලූ පාරෙත්, බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේත්, බොරැල්ලේ සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත් එය කි‍්‍රයාත්මක කරන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.
රටක දියුණුව මැනෙන්නේ පුද්ගලික වාහන ප්‍රමාණය මත නොව කොපමණ ප්‍රමාණයක් පොදු ප්‍රවාහනය භාවිත කරනවා ද යන්න මත බව අමාත්‍යවරයා කියයි.
දුම්රිය සේවය නවීකරණය කරමින් කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කිරීම,සැහැල්ලූ දුම්රිය හඳුන්වාදීම ආදිය ඉදිරියේදී සිදුකරන බව ද ඒ මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔය ඉස්සහ පුටුවේ වාඩිවෙන ගමන්ම බස් එකක සීට් එකක එක ළඟ දෙදෙනෙකුට වාඩි වීම අපහසු බව තේරුනේ නැද්ද ? . විශේෂයේම දුර ගමන් සේවාවල සීට් අතර පරතරය , දෙදෙනෙකුට වාඩිවිය හැකි පරතරය සහ බස් රථයේ මැදින් ගමන්කලහැකි පරතර වැනි අනික් රටවල මගී සේවා සඳහා බස්රතවලට ලබා දී ඇති නිර්ණායක ගැනවත් සැලකිලිමත් වී කරුණාකර අපේ රටෙත් නීති පනවන්න. අඩු ශබ්ද සංගීතය , සහ අනවශ්‍ය කරදර මගීන් පිළිබධ ගැටලුවලටත් නීති පද්ධතියක් දාමු. ඔය නුවර බස්වල වගේ කාර්ඩ් ක්‍රමය හඳුන්වල දෙන්න. බස් සහ දුම්රිය දෙකටම. එතකොට කොන්දොස්තර ජරා ඇදුම් ඇඳගෙන මිනිස්සු හතර පස් සැරයක් පාන්නේ නැතුව බස් එකේ එහෙ මෙහෙ යන්න ඕනේ වෙන්නේ නෑ .. දුම්රිය ඔන්ලයින් බුක් කරන්න හදන්න. සීට් බුක් නැනි ආසන්නම දුම්රිය පොලෙන් ඉතිරි සීට් බුක් කරන්න පුළුවන් විදියට. ආදායමත් වැඩිවෙයි.
මංතීරු වලට ප්‍රමුකතා දීමට පෙර රටට සරිලන මහාමාර්ග පද්දතිය සකසන එක නේද හොද
කොට කොට යන බස් වලට මොකද කරන්නේ. දැන් ඔක්කොම බස් කොට කොට යයි.
ටික දවසකින් ත්‍රී ව්හීල් ලොකු ලොකු අයගේ ලොකු ලොකු වාහන මේ වෙන්කළ පාරේ යනවා දකින්න පුළුවන්
මෙය ඉතාමත් හොඳ කාලෝචිත ක්‍රියාවක්. මේ ක්‍රියාවලිය රියදුරන් පිළිපදිනවාද යන්න සොයා බැලිය යුතු අතර, මගීන් ප්‍රවාහනය කරන අපේ බස් රියදුරන්ගේ විනය ගරුක බවත් මේ දෙයින් වැඩි දියුණු වනු ඇතයි මා සිතමි.
බොහොම හොඳ ක්‍රමයක් ......තව ක්‍රමවත් වෙන්නේ , හෙමෙන් යන වාහන වමට බරව ගමන් කිරෙමත්, වේගයෙන් යන වාහනවලට ඉස්සර කිරෙමට ඉඩදිමත්ය. සුබ ගමන්!
ඇමති තුමා සංවර්ධනය මනින්න යන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන ජන සංක්යවෙන්ද, ඔබතුමා ටිකක් ඉඳල ඔය පොදු ප්‍රවාහනය භාවිත කරන මගියෙක් දෙන්නෙක් එක්ක කතා කරලා බලන්නකෝ , කියයි රෙදි ගැලවෙන්න , පුද්ගලික බස්වල වැඩකරන රියදුරු, කොන්දෝ කීදෙනෙක් මත්ද්‍රව්‍ය පවිච්චිකරලද වැඩ කරන්නේ , මාර්ග නීති කැඩුවම නොදැක්ක වගේ ඉන්න අදාල පොලිසිවල උසස් නිලධාරීන්ට සංවිධානාත්මකව දෙන පගාව , මගීන්ගේ කාලය කාදමන හැටි , මගීන්ට කතාකරන ආකාරය , ඔය කොයි ඇමැතිත් සාමාන්‍ය ජනතාව කුඩුකාරයින්ට උගස්කරනවා කියල අපි තේරුම් අරගෙන ඉවරයි , පොදු ප්‍රවාහනය ඔයතරම් හොඳනම්, මගීන් දවසින් දවස ඔයතරම් පොදු ප්‍රවාහනයෙන් ඉවත්වෙයිද ? කෙටියෙන්ම කියනවනම් ඔබතුමා හිතනවද ලංකාවේ ඔක්කොම කොන්ඩෙ බැඳපු චීන්නු කියල . බොරුවෙත් අවසානයක් තියෙනවා එක කාටත් පොදුයි .
ලංකාවේ ත්‍රීවීල් අඩුකරලා දෙන්න.
හොඳ තීරණයක් , නමුත් මෙය මිට වැඩිය විධිමත් කල යුතුය. නියමිත සෑම බස් නැවතුම්පලකටම කාලසටහනකට අනුව බස්රථ ධාවනය විධිමත් කල යුතුය. නැත්නම් එක බස් එකක් කොට, කොට ගියොත් පස්සෙන් එන අනිකුත් සියලුම බස් මන්ධගාමී වන නිසා අනවශ්‍ය මාර්ග තදබද මෙන්ම , ප්‍රමාදවීම් සිදුවිය හැක
ඉස්සරහින් කොච්චර ඉඩ තිබුනත්, පිටිපසින් එන වාහන වලට බාධා කරමින් ගමන් කරන රථවලට ද දඩයක් නියම කලයුතුයි .බොහෝ විට දකුණත් මන්තිරුවෙන් වාහනයක් පසු කරයාමට බොහෝ වෙහෙසක් ගත යුතු වෙයි. මෝටර් සයිකලයක්. කාර් එකක් හෝ බස් එකක් එකවර මංතීරු සියල්ල වසා ගනිමින් පිටුපස ඇති වාහන වලට ඉස්සර කිරීමට නොහැකි අයුරින් ගමන් කරයි. ඉස්සර වීමට ඉඩ ඉල්ලීමත් වරදක් සේ දකිමින් පුප්පන රියදුරන් බොහෝ ය