(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක,ඡායාරූප රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරාන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (15) පැය දෙක හමාරක් පුරා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රහස් පොලිසිය කළ දැනුම් දීම අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (15) උදෑසන 10.05ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියාය. දහවල් 12.35 පමණ වන තුරු ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව රහස් පොලිසියේ ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මීට පෙර මේ දෙදෙනාම රහස් පොලිසියට කැදවා තිබුණු අතර ඔවුන් ඒ සදහා වෙන් දිනයක් ඉල්ලා තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා ලොකු වරදක්ද? මේ වගේ දේවල් ද අද රටේ වෙන්නේ.
ජනතා විරෝදය නිසා නැවත මේ නඩු කරලියට ආව.ජනතාව අවදියෙන් බව ආණ්ඩුව දැනගත යුතුයි.දැන්වත් විජේදාසව අයින් කරලා හංගපු ඒවා එලියට ගන්න.එතකොට යහපාලනය ජනතාව හොදයි කියයි.
රවී කරුණානායකට තරම් සෙනග නැහැ. ඩීල් දාස වැඩේ ඉක්මන් කරලා වගේ . බය්ලා තමා, අහිංසක ජනතාව රවට්ටනවා දියවන්නාවේ උන් ඔක්කම එකතුවෙලා. අබසරනය් ශ්‍රී ලංකා .
මේ කෑ ගහන්නේ වහල්ලුද කොහෙද.
සල්ලිදීලා හරි සෙනග ගෙනාපු එක හොඳා අනුකම්පාව ලබාගන්න. කරන කලට පවු මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩිවෙය් ගිනිසේ.
මට ලංකාවේ මිනිස්සු ගැන හරිම දුකයි...රුපියල් 100 ට කසිප්පු බාගෙට නොමිලේ දෙන ට්‍රාන්ස්පෝර්ට් එකට පින්සිදුවන්න ඕනෑම හොරෙකුට මාරයෙකුට මිනිමරුවෙකුට ස්ත්‍රී දුෂකයෙකුට දේශපාලුවෙකුට පක්ෂව ඕනෑම තරමක් ගැහැණු මිනිස්සු සපයගතහැකි මේ ලෝකයේ තියෙන එකම රට මේ ධර්මදිපය නිසා.
ලොකුම වරද වාහනයේ පාට වෙනස් කරපු එකද? කැකිල්ලේ රජ්ජුරුවොන්ටවත්, අන්දරෙටවත් බැරි උන හරිය තම මේ ආණ්ඩුවෙන් කරන්නේ.
පැය තුනක් නෙමෙයි දවස් තුනක් ඇහැව්වත්, අවුරුදු ගණනාවක් කාපු දිගේ ළමයි තුන්දෙනෙකුත් එක්කල අත් හැරලා දාල එයිද? රජවෙන්න බැරිවෙලා තියෙන්නේ බිසවගේ නරක වෙලාව නිසා නොවෙයි, තමුන්ගේම නරක වෙලාව නිසයි කියල මේ මනුස්සයට තෙරුම්කරලා දෙන්න කෙනෙක් නැතිද?
පාර්ලිමේන්තුවේ ඉන්න එකට කන බොන පක්ෂ විපක්ෂ දේශපාලකයෝ වැඩි හරියක් කරන්නේ තම දේශපාලක බලය උපයෝගී කරමින් විවිධ අයත ක්‍රම වලින් මුදල් උපයමින් රටේ ජනතා මුදල් සොරාගැනීම , චන්දෙට ඉදිරිපත්වනකොට අතේ සතේ නැතුව හිටපු ඔවුන් සහ ඔවුන්ගේ පවුලේ උදවිය බලයට අවට පසු ගමන් කරන වාහන , ඉදිකරපු ගෙවල් , හිමිකාරිත්වය දරන වියපර දිහා බැලුවහම මේක හොදින් ඔප්පු වෙනවා , මොවුන් එකම පැලැන්තියක් , බොරුවට ජනතාවට පෙනෙනේන ප්රලිමෙන්තුවේදී සහ මාධ්‍ය හරහා දබර වුනාට එකට කන බොන , එකට මගුල් ගෙවල් වල ප්‍රිය සම්භාසහන වලට සහභාගී වෙන මොවුන් එකම කණ්ඩායමක් , ඔක්කොම එකතුවෙලා හොර කන්නේ , මේකත් දෙගොල්ලෝ කතාකරගෙන අපිව රවටන්න කරන රඟපෑමක් , මටනම් මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ
මිනිස්සුන්ගේ දුප්පත්කම නිසා වැඩි දුර අධ්‍යාපනයක් ලබාගන්න උනන්දුවක් වෙන්නේ නැහැ. කරදඬු උස්වෙද්දීදීම කුලීවැඩක් හරි කරලා ගෙදර වියදම පිරිමහගන්න උදව්වක් දෙන්න තමයි බලන්නේ. ඒනිසා ඔව්න් දුප්පත්කමින් දුප්පත්කමට සහ නුගත්කමින් නූගත්කමට යනවා. ඒවගේ අහිංසක මිනිස්සුන්ව මේවගේ ජහ ජරා වැඩවලට පොළඹවගන්න කපටි දේශපාලකයෝන්ට ඉතාමත් පහසුයි. අද මෙතන බෝර්ඩ් උස්සන් ඉන්න කීදෙනාද දන්නේ ශිරන්තිට තියෙන චෝදනාව මොකක්ද කියන එක. එදා රවීව වටකරගත්ත කීදෙනෙක් දන්නවද රවී හොරා කෑවා කියල කියන්නේ තමන්ගේම සල්ලි බව. තමන්ගේ පොඩි දරුවා කිරි ඉල්ලලා කොයිතරම් ඇඬුවත් නැතිකම නිසා දවසටම දෙන එකම කිරිවීදුරුවෙනුත් අයකරගත්ත බදු මුදල් බව. මේ මිනිස්සුන්ව දැනුමෙන් පෝෂණය වෙනකම් මේදේවල් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔව්න්ව දැනුමෙන් පෝෂණය කරන්න මේ කපටි දේශපාලකයෝ ක්‍රියාකරන්නෙත් නැහැ. මුන්ට හෙණ ගහන්න ඕන කියන්නේ මේනිසයි. මේ මිනිස්සු පව්.
මේ ජනතාව පාරට බැස ඇත්තේ කුමක් අරබයාද? මේ කියන්නේ මෙතුමන්ලා නිවැරදි කියාද ?සිතේ බැදී ඇති පක්ෂ පාට බේදය අතහරින්න ,හෙට උපදින ඔබේ ආදරණීය දරුවාට සෙනෙහසක් ඇත්නම් අප මේ අයට දක්වන්න ඕනේ මෙවන් ප්‍රතිචාරයක් නොවේ ,හිතට එකගව අප විමසිය යුතුයි.අද රට ඇත්තේ කොතනද කියා ,ඔබට කුමන හෝ වරප්‍රසාදයක් ලැබුන වෙන්න පුළුවන් ඒ ගැන සිතලා ඔබල මේ ආකාරයෙන් වීදි බැස්සනම් හෙට උපදින දරුවාට හිමි වන්නේත් කිසිදු වරප්‍රසාදයක් නොලැබ මහපාරේ ලැගීමටය.දෑස හරින්න ? අප මීට වඩා බුද්ධිමත් විය යුතුයි .
රොමේෂ් මහතාගේ කතාව සම්පුර්ණ ඇත්ත. රටේ විවිධ දේශපාලකයන් සහ පක්ෂ රටේ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු අධ්‍යාපනය විනාශ කිරීමට පෙළ ගැසී ඇත. ජනතාවගේ උගත්කම අඩු වන තරමට ඔවුන්ව හැසිරවීමට දේශපලකයාට පහසුය. ලෝකයේ දියුණු රටවල දේශපාලන පක්ෂ පාසල් සහ විශ්ව විද්‍යාල තුලට දේශපාලනය ගෙන යාමෙන් වැළකෙති. අපේ පාසල් සහ විශ්ව විද්‍යාල පද්ධතිය තුල දේශපාලනය නමැති පිළිකාව උඩු දුව ඇත. තමන් කැමති වුනත් අද විශ්ව විද්‍යාල සිසුන්ට තම ඉගෙනීමේ කාලයෙන් 20-30% දේශපාලනයට සම්බන්ධ වර්ජන උද්ගෝෂ වැනි දේවලට කැප කිරීමට සිදුවී ඇත. අපේ රටේ අනගතය අදුරේ
කරන්න වෙන වැඩ නැද්ද. අද වැඩ කරන දවසක් නේද මේ රටේ. අනේ මන්ද රට කොහොමද ඉස්සරහට යන්නේ.
ඔය බයීලා කර කර ඉන්නේ නැතුව එක්කෝ නඩු දාන්න එහෙම නැත්නම් එලියට දාන්න! අන්තිමට හොරු වීරයෝ වෙලා පස්සේ ආයේ රජවනවා ! අනේ අපේ හොරා අපිට නම් හොදා!
විනෝද සමයේ නැවත විකාශනය දැන් ඇරබුන.වෛරය , ක්‍රෝධය , පලිගැනීම.
පුදුමය කියන්නේ 'ශිරන්ති අම්මා අපේ - අපි රැක ගමු නෙත් වගේ' කියන්න තරම් මිනිසුනුත් ලංකාවේ ඉන්නවා නේ.
රජයේ ජනතා අප්‍රසාදය අඩු කරගනේමට මෙවෙනි මාධ්‍ය සන්දර්සන පවත්වනවා. දෙපැතතම ජනතා දේපොළ මන්කොල්ලකනවා. හරිම පුදුම ආකල්පයන් තිබෙන ජනතාවක් ලංකාවේ ඉන්නේ..
මෙය අම්ම කෙනෙක්නම් වෙන දෙමව්පියන්ගේ දරුවන්ව වැඩ දීල මරන්නේ ඇයි. ශාප වේවා මුන්ට.
ශිරන්ති අම්මා මහින්දට සුම්මා ......බලය තියෙනකොට ඉදිමුන ඔලුවේ ඒ ඉදිමුම තවම අඩුවෙලා නැහැ වගේ. ජයගග්රහී විධිහට අත උස්සල වනන කොට මෙයාව බේරගන්න එන්න කුලියට මෙතනට ගෙනාපු කාටවත් බැරි වුනාට.....හ්ම්ම් කොතන වුනත් නැත මාරු හට බාධා.