(ඩබ්ලිව්. ඒ. පියතිලක)
පොලොන්නරුවේ කුඩු රජා (බැදිවැව සුද්දා) ඇතුළු සැකකරුවන් 6ක් සමග පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 9කට අසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ පොලොන්නරුව මඩකලපුව සහ ති‍්‍රකුණාමලය ප්‍රදේශ සදහා හෙරොයින් බෙදාහරින බැදිවැව සුද්දා ලෙස හඳුන්වන බැදිවැව ප්‍රදෙශයේ අයෙකි. මෙම පුද්ගලයා නාවික හමුදාවෙන් පැන සිටින පුද්ගලයෙක් බවත් පොලොන්නරුව අධිකරණයේ පමණක් හෙරොයින් සඳහා පමණක් නඩු 4ක් පවතින බවත් පොලිසිය සදහන් කර සිටි. මොහු විසින් ඊසිකෑස් ක්‍රමයට හොරොයින් පොලොන්නරු මඩකලපුව ති‍්‍රකුණාමල ප්‍රදේශවල සිටින ගනුදෙනුකරුවන් වෙත සහ පාසල් සිසුන් සදහා අලෙවි කටයුතු සිදු කරන බවට අණාවරණය වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න රණවිරුවන්ගෙන් පලි ගන්නවා...
ඉස්සර නම් බදාගත්තා. වැඩේ යට ගියා...
ඔව්, ග්‍රෑම් 9 වුණත් ඇල්ලිය යුතුයි. හැබැයි කිලෝ 200 අල්ලපු ඒවාට මොකද වුණේ? නඩුත් නෑ, සැකකාරයොත් නෑ, නඩු භාණ්ඩ ටිකවත් තියෙනවද?
රජ වෙනකම් පොලිසිය බුදිය ෙගනනේ ඉඳලා තියෙන්නේ. හොරකන් කරනවා බලාගෙන ඉන්නවා, ඉල්ලලා අස් වෙනවා. ඔක්කොම ඉවරයි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා නිදි .......
මේ වගේ හොරු, කුඩුකාරයෝ මාධ්‍ය වලින් නම්පට බැඳලා ලොකු චරිත කරන්න නරකයි. අපට වැඩක් නැහැ මොන රාජාද කියලා... විධිමත් ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න ඉක්මණින්....
ග්‍රෑම් 9ක් තියන් ඉන්නේ කුඩු රජාලානම් කිලෝ ගණන් ටොන් ගණන් කොන්ටේනර් ගණන් කුඩු ගෙන උදවිය කවුරුද? කුඩු මහරජාලද?