(ඉන්දිකා රාමනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියත් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ පුතුන් දෙදෙනාත් අද (15) සහ බදාදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය කීය.
රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ.
රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් මෙම ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට (16) යෝෂිත රාජපක්ෂ මහතා හෙට (16) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා දෙකකදීම ප්‍රකාශ ලබා ගැනීමට කැඳවා තිබුණ ද අසනීප තත්ත්වය හේතුවෙන් ඔවුන් වෙනත් දින ඉල්ලා තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා හෙට (16) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති අතර රුපියල් මිලියන 320ට අධික වියදමකින් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් 1 නමැති චන්ද්‍රිකාව සම්බනධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට දඩුවම් දෙනු.
මේ පාරවත් බලමු නීතිය හරියට ක්‍රියාත්මකවෙයිද කියලා ?
ආණ්ඩුවේ මෙගා ඩීල් එලි වෙනකොට තාජුඩීන් අව්රුද්දකට විතර පස්සේ ආපහු වලෙන් නැගිටලා වගේ...
මේවා එකදිගටම අහල ඉවර කරන්න බැරි ඇයි. බොරුවට කාලේ නාස්ති කරනවා. හොරුනම් කෙලින්ම දඩුවම් දෙන්න. ඊ කොන්ද පන නැති වැඩ කරන්නේ. මිනිස්සුන්ට නිකන්ම තේරෙනවා මොන වගේ අපරාදයක්ද මුන් කරලා තියෙන්නේ කියල.
දැන් බලමු
බුදුදහම මොන තරම් සත්‍යද...! කල කර්ම තමා පිටුපස එන්නේ ගැලබැඳී ගවයා පිටුපස ගැල ගමන් කරන්නාක් මෙනි.
මා දන්නා පරිදි චීනය පවා රොකට් ඇරීමට උදව් ගත්තා යයි කියන මෙම පුද්ගලයා ලංකාවේ සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ සමත් නැති කෙනෙකි. මොහු එංගලන්තයට ගොස් හැදෑරුවේ විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට පුර්ව සුදුසුකම් නැති අයට එම විශ්වවිද්‍යාල වලින් දෙන 'ෆවුන්ඩේෂන්' පාටමාලාවකි. එයද අසමත් මොහු ලංකාවට පැමිණ මාධ්‍ය වලින් රොකට්, අභ්‍යවකාශය සහ එහි අපද්‍රව්‍ය ගැන කතා කලා. එහිදී ඔහු සමහර ඉංග්‍රීසි වචන වැරදියටයි උච්චාරණය කලේ.
එතකොට බැඳුම්කර අර්ජුන් සහ මිතුරෝ කොහෙටද?
ඒකාබද්දයේ කිසිවෙක් මේ ගැන කලබල වෙන්න එපා .. මේ අයට නීතිය ඉදිරියට ඇවිත් මේ චෝදනාවල ඇත්ත නැත්ත හෙළිකිරීමට ඉඩ දෙන්න. වරදක් කර නැත්තම් මාද්‍ය ඉදිරියේ නීතිය සමච්චලයට ලක් නොකර එයට කවුරුත් සහයෝගය දී මෙම පරීක්ෂණ සම්පුර්ණ කල යුතුයි.
සුපීම් සැට් සහ රෝහිත රාජපක්ෂ ගැන ඒ දවස්වල රුපවාහිනී වැඩසටහන් පවා තිබුණා. ඔහු මෙම වියාපෘතියේ ප්‍රදාන ඉන්ජිනේරුවා බවත් ඒ දවස්වල ප්‍රසිද්ධ කලා. නමුත් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් චන්ද්‍රිකාවට ලංකාවේ කිසිම සම්බන්දයක් නැති බව පසුව හෙළි වුනා.. ලක්ෂ 3200 ට මොනවද වුනේ කවුද එය මංකොල්ල කෑවේ කියල රෝහිතගෙන් දැනගත යුතුයි.
ජේ ආර් ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන හිටපු ජනාධිපතිවරුන්ගේ දු දරුවන් සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ බිරිඳ සහ පුතුන් අතර තියන වෙනස දිහා බලනකොට ඉතා ලැජ්ජයි.