(ඩයනා උදයංගනී)
ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වන බව ශ්‍රී.ල.නි.ප තරුණ පෙරමුණේ සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය දැන් අවුල් ජාලාවක් වී ඇතැයි කී ශාන්ත බණ්ඩාර මහතා ඒ හේතුවෙන් එහි බොහෝ දෙනෙක් කලකිරීමෙන් සිටින බව ද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා පසුගිය දා ජනාධිපතිවරයා සමග එක්වූවා මෙන් ඔවුන්ද එක්වනු ඇති බව කී ශාන්ත බණ්ඩාර මහතා ඔවුන් එක්වන්නේ ආණ්ඩුවට නොව පක්ෂයට පමණක් බව ද කීවේය.
තරුණ පෙරමුණු සභාපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී.ල.නි.ප පක්ෂ මූලස්ථානයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ පට්ටපල් බොරු,ඉදිරියේදී සිදුවෙන්නයන විලිලැජ්ජාව මකාගන්න දරන උත්සහයක් තරම. අනේ පව් ...තව තවත් වැඩිපුර රෙදි හේදුවොත් වැඩිපුර වරප්‍රසාද ලැබෙයි ඔයාට
එකබද්දේ ඔක්කොම ආවත් අපි නිදහස් පක්සේට චන්දෙ දෙන්නේ නැ. අන්තිම චන්දෙ 2015 අගෝස්තුවේ දුන්න. එක අත්ටද කියල ඊලග චන්දෙදේ පෙනේවි.
කොච්චර සල්ලි දීල ගත්තත් චන්දයක් තියල බලන්න කෝ ... අපත් නෑ
මෙච්චර කල් ඔහේ කියපුවගෙන් හරි ගිය එකක් කියන්නකෝ පුලුවන්නම්. කට පියාගෙන හිටියොත් තමයි මෝඩයද, පඬිතයද කියල හිතා ගන්න බැරි.
7 දෙනෙක් බැරිනම් 70 ගත්තත් අපිට කමක් නැහැ.හිතන්න එපා ඒ පනින එවුන්ට දුන්න චන්දත් ඒ විදිහටම පැණි කියලා..කය්වරු නැතුව චන්දයක් තියන්න.
ආපසු නම් කීයට වත් ඡන්ද දෙන්නේ නෑ ... දෙන ඡන්ද වැඩ ක් නෑ ආපසු එහෙ ට පනී මෙහෙ ට පනී ..
මෙයා කියන ඒවා ගැන එච්චර හිතන්න ඕනේ නැහැ. තියෙන ආණ්ඩුවට හේත්තු වෙලා එකේ කුණු අදින්න මෙයා හරි දක්ෂයි.
ශාන්ත මහත්තයෝ,"ගිලෙන නැවට පනින මීයට"වෙන්නේ මොකද කියල හිතන්න.ජනතා චන්දයෙන් ගිහිල්ල මුදලට,තනතුරට විලිලජ්ජාවක් නැතිව ආත්මය පාවාදෙන ඔහෙලට වෙන්නෙත් මීයට වුනු දේමයි.ඔබ එහෙන් මෙහාට එන අය ගැන බලාගෙන ඉන්න කොට,ඔහෙට වෙන්නේ,එළුවාගේ අර මොකක්ද එක වැටෙනකල් පිටිපස්සෙන් ගිය නරියට වෙච්ච දේමයි.