(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
බැඳුම්කර කොමිසමේ සාක්කි දෙන අවස්ථාවේදී හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ප‍්‍රශ්න කළ විලාසය පිළිබඳ සඳහන් කරමින් නීතීපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇඟිල්ල දිගු කිරීම සහ ඔවුන් උදහසට ලක් කිරීම වැරදි ක‍්‍රියාවක් බවත් පිටස්තර පුද්ගලයින් කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් කතා කිරීම කොමිසමට අපහාස කිරීමක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ උදය රෝහාන් ද සිල්වා මහතා පැවසීය.
බැඳුම්කර කොමිසමේ සිදුවු බව කියමින් ඇතැම් සිදුවීම් පිළිබඳව යම් යම් පුද්ගලයින් විවිධ අදහස් ජනගත කිරීම මඟින් නීතීපති දෙපාර්තමෙන්තුව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය පලූදු කිරීමට උත්සහ දරන බවක් පෙනෙන්නට ඇතැයිද දුෂණ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් නම් හෙළි වුවන් මෙමඟින් නීතීයේ ආධිපත්‍යයට හා එහි ස්වාධීනත්වයට පහර දීමට උත්සහ කරන බවක් පෙනෙන්නට ඇතැයිද වැඩිදුරටත් පැවසු සිල්වා මහතා අධිකරණ අමාත්‍යවරයාගේ අවශ්‍යතාවය මත අපරාධ චෝදනා ලැබු දේශපාලනඥයින් ගැන හෙළි වු ෆයිල් 50ක් හංගාගෙන සිටි බව පැවසීම මඟින් ඒ බව වඩාත් තහවුරු වන්නේ යැයිද පැවසීය.
‘‘කොමිසමක හෝ අධිකරණයක පැමිණිල්ල මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් මතයි. පැමිණිල්ල මෙහෙයවා තොරතුරු හෙළි කර ගැනීම සඳහා අධිකරණය හෝ කොමිසම හමුවට පැමිණෙන සාක්කිකරුවන්ගෙන් සාක්කි විමසිය යුතුයි. එලෙස සාක්කි හෙළි කර ගැනීම සඳහා සාක්කිකරුවන්ගෙන් ප‍්‍රශ්න අසන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියාට ආවේනික ක‍්‍රමයකට අනුවයි. එහි යම් යම් දුරවලතාවයන් තියෙනවා නම් ඒවා නිවැරදි කිරීමට එහි විනිසුරුවරුන්ට හැකියාව සහ බලය තියෙනවා. අධිකරණය හෝ කොමිසම හමුවේ ප‍්‍රශ්න කරන ආකාරය තීරණය කළ යුත්තේ අදාළ අධිකරණය හෝ කොමිසමයි‘‘ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපෙ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ වගේම අපෙත් ප්‍රාර්ථනාව, බැඳුම්කර කොමිසම වගේම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්
නීතිඥ සංගමය මෙතුමාටද විශ්වාස භංගයක් ගෙන ආ යුතුය.
වැඩිය ගනන්ගන්න එපා.
එතකොට මේක හැමෝටම පොදුද?
"සාක්කි හෙළි කර ගැනීම සඳහා සාක්කිකරුවන්ගෙන් ප‍්‍රශ්න අසන්නේ නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියාට ආවේනික ක‍්‍රමයකට අනුවයි. එහි යම් යම් දුරවලතාවයන් තියෙනවා නම් ඒවා නිවැරදි කිරීමට එහි විනිසුරුවරුන්ට හැකියාව සහ බලය තියෙනවා." 1. දුරවලතා ඇති බව පිලි ගනී. 2. අවේනික ක්‍රම බාවිතය ? SMS ක්‍රම Hon .RK ට පමණද? මල්වාන බැසිල්ට වෙන ක්‍රමද ? ජනතාව තුළ ඇති විශ්වාසය පලූදු වෙලා හමාරවෙලා බවද බව පිලි ගනී. අපරාධ චෝදනා ලැබු දේශපාලනඥයින් ගැන හෙළි වු ෆයිල් 50ක් හංගාගෙන සිටින බවද කියා සිටි. මොහු GMOA වගේ සංගමයක තවත් මහරජට කඩේ යන පොරක්ද?
ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩකරන උදවියට කැමති කෙනෙක් හොරෙක් කරන්නත් කැමති හොරෙක් හොද මිනිහෙක් කරන්නත් බලය තියෙනවා කියන එකද?
නීති පති දෙපාර්තමේන්තුවෙන් පිටු 8000 කියවන්න දවස් දෙකයි ගියේ. එතකොට අනිත් සුළු දේවල් එකියන්නේ පරණ රජතුමාගේ එතුමාගේ පරම්පරාවේ , අනිත් මිනිමරුවන්ගේ, ලසන්ත ගාතකයන්ගේ, තජුදීන් ගාතකයන්ගේ, සුදු වැන් කාරයන්ගේ, හොර පස්ස පොර්ට් හදල පස්ස්පෝර්ට් දෙක දෙක තියාගෙන හිටිය හොර අමිතලගේ බිරින්දා වරුන්ගේ ෆයිල් කොහොමද පරක්කු වෙන්නේ. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව කොහෙද තියෙන්නේ. ඔක්කොම මිනිස්සුන්ව පිස්සෝ මෝඩයෝ විදිහට හිතන්නේ ඔබ තුමාලා.
අර තප්පුල කියන මිනිහ නම් තප්පුලවම තම. එයාගේ තිබුනේ වෙන ගේමක්.
හොරාගේ අම්මගෙන් පෙන ඇහුව වගේ
ජනතාව වන අපි අසන්නේ දැන් අඋරුදු 21/2 මොනවද කරේ ?? විශ්වාසයක් තියන්නේ කොහොමද ?