කොළඹ නගරයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය හෙට සිට කි‍්‍රයාත්මක කරන බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කියයි.
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව, ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක සමාරම්භක දිනය වන හෙට දින (15) මොරටුව කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප්රවාහන සේවා එක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.
සතියේ දිනවල පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ පමණක් පොදු ප්රවාහන සේවා ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුවවල අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.
සීසීටීවි සහ GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශ්‍ය කියයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොද තීරණයක් සහ වියාපෘතියක හැටියට නොව දිගටම මෙසේ වියහැකිනම් මාර්ග තදබදය හොදින් පාලනය කරගත හැක.
සාර්ථකව ක්රියාත්මක කල හැක්කේ නම් මෙය මාර්ග තද බදයට හොඳ විසඳුමක් වනු ඇත.
මේක ඉතාම හොද වැඩක්. කරුණාකරලා පිස්සෝ වගේ කෑගහන්නේ නැතුව මේකට උදවු කරන්න. දියුණු රට වල මේක ඉතාම හොදින් ක්රියාත්මක වෙනවා. වාහන තදබදයට මේක ඉටේම හොද පිළිතුරක්. එත් අපේ ඉන්න මෝඩ රියදුරන්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්. පුළුවන්නන් මේ සම්බදයෙන් වැඩමුළු තියන්න බස් රියදුරන්ට. රජයෙන් මේකට වැඩපිළිවෙලක් හදන්න කරුණාකරලා. මහා ජනතාවට තියන හොදම ප්රවාහන සේවය තමා පොදු ප්රවාහන සේවය.
ඉතාම හොඳ වැඩක් ජයවේවා