මියගිය දෙමළ වැසියන් සිහිකිරීමට ඉන්දියාවෙන් තහනමක් ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා අද(21) සවස ඉන්දියාවේ චෙන්නායි හි මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුම් උළෙලක් පැවත්වීම චෙන්නායි පොලීසිය විසින් වළක්වා ඇතැයි ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් සේවය පවසයි. 21 May 2017
හෙට කැබිනට් සංශෝධනයේ දී මුදල් ඇමැතිකම මංගලට ? හෙට (22) පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී බොහෝ දුරට මුදල් අමාත්‍ය ධූරය මංගල සමරවීර මහතාටත් විදේශ කටයුතු ඇමැති ධූරය රවී කරුණානායක මහතාටත් හිමිවීමේ ඉඩකඩක් පවතින බව රජයේ ඉහළ ආරංචි සඳහන් කරයි. 21 May 2017
‘කැබිනට් මණ්ඩලයේ සිතාගත නොහැකි වෙනසක් හෙට‘ - ඇමැති මහින්ද අමරවීර කිසිවකුටත් සිතාගත නොහැකි තරමේ වෙනසක් කැබිනට් මණඩලයේ හෙට (22) සිදුවෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. 21 May 2017
වැල්ලවත්ත ගොඩනැගිල්ලට යටවී මියගිය ගණන තුන දක්වා ඉහළට වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද(21) පස්වරුවේ සොයාගත් බව ගිනි නිවන හමුදාව පවසයි. 21 May 2017
දකුණු පළාත් මහ ඇමතිට දෝෂාභියෝගයක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රම්‍රඛ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරි සතියේ දී දෝෂාභියෝගයක් ගෙන එන බව දකුණු පළාත් සභා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. 21 May 2017
ජූලි 1 දා සිට බස් ගාස්තු වැඩිවෙයි වාර්ෂිකව ජූලි 1 වැනිදා සිදුවන බස් ගාස්තු සංශෝධනයේ දී රුපියල් 9 ක් වන අවම බස් ගාස්තුව රුපියල් 10 ක් දක්වා වැඩිවිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 21 May 2017
වෛද්‍ය වර්ජනයට දුම්රිය සේවයේ සහාය නෑ සයිටම් ආයතනයට විරුද්ධව හෙට(22) පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනයට මෙවර දුම්රිය රියදුරු හා නියාමකවරුන් සහාය නොදක්වන බව එම සංගම් පවසයි. 21 May 2017
ද්විත්ව පුරවැසිබව හිමි රාජ්‍ය තාන්ත්‍රිකයන් සිටිනවාද‘යි සොයයි ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් හා විදේශ රටවල සිටින මෙරට රාජ්‍ය ත්රාන්තිකයින්ගෙන් යම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිතනම් ඒ බව දන්වන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින්ට දන්වා යවා තිබේ. 21 May 2017
කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය. 21 May 2017
රතන හිමි ගමන්ගත් රියේ වැදී කාන්තාවක් තුවාල ලබයි පුත්තලම - අනුරාධපුර මාර්ගයේ අටවැනි සහ නව වැනි සැතපුම් කණුව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ගමන් කරමින් තිබූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් සමෘද්ධි නියාමකවරියක් තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. 21 May 2017
රජයේ වෛද්‍යවරු හෙට පැය 24 ක් වර්ජනයේ මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් රැසක් මුල්කරගෙන හෙට(22) උදෑසන 8.00සිට පැය 24ක වැඩ වර්ජනයක් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි. 21 May 2017
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය. 21 May 2017
මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද(21) අලුයම කරන ලදබව කියන පෙට්‍රල් බෝම්බයක් ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථානය පවසයි. 21 May 2017
ව්‍යාජ මුදල් නෝට්ටු සමග නමගිය අපරාධකරුවකු අත්අඩංගුවට කොල්ලුපිටිය රාත්‍රී සමාජ ශාලාවක කැසිනෝ ක්‍රීඩා කිරීම සඳහා ගෙන ආ බව කියන රුපියල් 75000ක ව්‍යාජ මුදල් තොගයක් සමග පස්සර ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 21 May 2017
විදුලි දුම්රිය දුවන්න දුම්රිය පාලම්වල උස වැඩිවෙයි කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බැවින් දුම්රිය මාර්ගය හරහා පවතින පාලම් තවත් අඩි කිහිපයක් උසින් යුතුව ඉදිකරන්නට නියමිත බව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය විය. 21 May 2017
අතුරුදහන් වූවන් ඉන්න තැන් කියනවා නම් ඒවා පරීක්ෂා කරනවා - ජනපති අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 20 May 2017
ලක්ෂ 18 ක දුම්වැටි ගෙනත් ලක්ෂයක් දඩකයි කුවේටයේ සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් අද (20 වැනිදා) කටුනායක ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගත් බැව් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසීය. මෙම දුම්වැටි නීතිවිරෝධීව රැගෙන ආ පුද්ගලයා 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 20 May 2017
සමුපකාර බැංකුවේ සභාපති දෙපැයක් ගොඩනැගිල්ලක රඳවාගනී හබරාදුව සමුපකාරයේ සභාපති සමන් දිලාන් වැලිගමගේ මහතා පැය දෙකක කාලයක් ගාල්ල හීනටිගල ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැගිල්ලේ රඳවා තබා ගන්නට හබරාදුව විවිධ සේවා සමිතියට අනුයුත්තව පිහිටි හීනටිගල හබරාදුව ග්‍රාමීය බැංකුවේ ගණු දෙනු කරුවන් විසින් අද 20 දහවල් පියවර ගෙන තිබිණි. 20 May 2017
සන්සුන් සංගා ලෝඩ්ස්හි සංදර්ශනයක එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (19 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගයේදී කුමාර් සංගක්කාර (නොදැවී 113) ලබාගත් අලංකාර ශතකය නිසා සරේ ප්‍රාන්ත පිල දිනය අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 265 ක් ලබා සිටියේය. 20 May 2017
දුමක් හේතුවෙන් කටාර් ගුවන් යානයක් හදිසියේම කටුනායකට බසී තායිලන්තයේ පුකෙට් නුවර සිට දෝහා බලා ගමන් ගනිමින් තිබූ කටාර් ගුවන් සේවයේ යානයක් ඇතුළත ගින්නක් සහ දුමක් ඇතිවූ බවට තොරතුරු වාර්තා වූ බැවින් එය හදිසියේම කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමට එහි නියමුවා පියවර ගෙන තිබේ. කටාර් ගුවන් සේවයට අයත් කිවු ආර් 841 දරණ මෙම යානයේ මගීහු 208 ක් සහ කාර්ය මණ්ඩලය 15 ක් සිටියහ . 19 May 2017
සම්පන්දන්ගේ කතාවට මුලතිව් සභාවෙන් අභියෝගයක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සව අවස්ථාවට පැමිණි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් සිටියදී සභාවෙන් නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙන් තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 19 May 2017
උතුරේ හමුදාවට ඉවත් වන්නැයි ජනතාව වීදි බසින දවස නුදුරේදීම - විග්නේෂ්වරන් උතුරේ රැඳී සිටින ආරක්ෂක හමුදාවට ඉවත් වන්නැයි කියා උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරේදීම උදාවෙනු ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පැවසීය. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සවයකදීය. 19 May 2017
ශිවාජිලිංගම් ජාතිවාදය වපුරනවා - ශාන්ත බණ්ඩාර සහජීවනය සමාජ සාධාරණත්වය ඇති සැමට නීතිය ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීම කාගේත් බලාපොරොත්තුව වුවත් උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් මහතා මෙන්ම උතුරු පළාත් මහ ඇමතිවරයා ද තමන්ගේ ඡන්ද වැඩිකරගැනීමේ අරමුණෙන් ජාතිවාදය අවුස්සමින් සිටින බව ශාන්ත බණ්ඩාර මහතා පවසයි. බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 19 May 2017
ගම්මන්පිලගේ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යයි නීතීපති කියයි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිඛෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළ යුතු යැයි නීතීපතිවරයා ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 19 May 2017
ගනුදෙණුකරුවන්ගේ මුදල් කෝටි 4 ක් අවභාවිතාවේ - දකුණේ සමූපකාර ඇමති හබරාදුව විවිධ සේවා සමුපාකාර සංගමයට අයත් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න මුදල් ප්‍රමාණයක් අවභාවිතා කිරීම නිසා ගනුදෙනු කරුවන් විශාල පිරිසක් විශාල අපහසුතාවයකට ලක්වී ඇතැයි අනාවරණයවේ. 19 May 2017
ලක්ෂ 32 ක රට මත්පැන් - සිඟරට් අත්අඩංගුවට මීගමුව - කොප්පරා හන්දියේ සුපිරි වෙළද සැළක අලෙවි කිරීමට ගබඩා කර තිබූ බව කියන විදේශීය මත්පැන් බෝතල් 207 ක් සහ දුම්වැටි ඇසුරුම් 27 ක් අද(19) අත්අඩංගුවට ගත් බව සුරා බදු දෙපාර්තමේන්තුව කියයි. 19 May 2017
මහබැංකුවේ හිටපු අධිපතිගේ බෑණා කොමිසම හමුවට ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන අර්ජුන් ඇලෝසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවන බව වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (19) දැනුම් දුන්නේය. අර්ජුන් ඇලෝසියස් මහතා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑණනුවන්ය. 19 May 2017
විල්පත්තුවේ නිධන් හෑරූ දෙදෙනෙක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික උද්‍යානයේ පල්ලිවාසම්කුලම් ප්‍රදේශයේ ඓතිහාසික නටඹුන් පිහිටි ස්ථානයක නිදන් හාරමින් සිටි බව කියන සැකකරුවන් දෙදෙනෙකු සහ ඒ සඳහා යොදාගත් ජල මෝටරයක්, ඇතුළු උපකරණ තොගයක් අත් අඩංගුවට ගත් බව එළුවන්කුලම වනජීවී කාර්යාලය කියයි. 19 May 2017
ළහිරු වීරසේකර ඇතුළු 6 දෙනකුට වරෙන්තු නිකුත් කරයි මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියකට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 May 2017
කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සිටි සේවකයෙක් තවමත් අතුරුදන් වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයා හසලක, කොළොන්ගොඩ පදිංචි 31 වියැති පුද්ගලයකු බව පොලිසිය කියයි. ඔහු එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අයෙකි. එම ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාවේ ගත් වීඩියෝ දර්ශන කිහිපයක් ද අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි ඇතුළත සිටි සේවකයකු මෙතෙක් හමුවී නැතැයි ද වාර්තා වේ. 19 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026