සයිටම් විරෝධී උද්ඝෝෂණයෙන් පසු 21ක් රෝහලේ - 10 ක් අත්අඩංගුවේ අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධී උද්ඝෝෂණයට එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයයන් හඹා ගිය පොලිසිය අවස්ථා 15 කදී පමණ කඳුළු ගෑස් ගැසූවත් විරෝධතාකරුවන් පාලනය කරගත නොහැකි විය. 17 May 2017
වාහන තදබදය අඩු කිරීමට කාර්යාලයීය වේලාවේ වෙනසක් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාලවල සේවකයින්ට පෙරවරු 7.30 සිට 9.15 දක්වා රාජකාරියට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 17 May 2017
අධිකරණ නියෝගය නොතකා සයිටම් විරෝධය ඇරඹෙයි සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය. 17 May 2017
ෆොන්සේකාගේ මන්ත්‍රීධූරයට අභියෝග කළ පෙත්සම සලකා බැලීම ජූනි 12 දා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය. 17 May 2017
අපනයනය මූලික කරගත් ආර්ථිකයක් කරා යා යුතුයි - අගමැති ජී.එස්.පී ප්ලස් සහනය හිමිවීමත් සමඟ මෙරට ආර්ථිකය අපනයන මූලික කරගත් ආර්ථිකයක් බවට පත් කිරීමේ අවස්ථාව උදා වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (17) පැවැසීය. 17 May 2017
සයිටම් විරෝධීන් නීති කඩ කළොත් පොලිස් බලතල දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය. 17 May 2017
යෝජිත විදුලි ජනන සැළැස්ම ගැන මහජන අදහස් විමසයි ඉදිරි වසර 20 සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. 17 May 2017
පූර්ව දැනුම්දීමකින් තොර වැඩවර්ජනයකට සැරසෙති පසුගිය අප්‍රේල් 24 වැනිදා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවය මත අත්හිටවූ නමුත් තම ඉල්ලීම් ඉදිරි සතිය ඇතුළත ඉටු කිරීමට ක්‍රියා නොකරන්නේ නම් පූර්ව දැනුම්දීමකින් තොරව අඛණ්ඩ වැඩවර්ජනයක් යළි ආරම්භ කරන බව ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. 17 May 2017
වැඩ වර්ජනය සාර්ථක බව අධ්‍යක්ෂකගේ ලිපියෙන්ම පේනවා - ගුරු සංගමයේ ලේකම් සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් සිදු කළ වැඩ වර්ජනය ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය බව අධ්‍යාපන ඇමැති කීවද එම වැඩ වර්ජනය සාර්ථක වූ බව ජාතික පාසල් අධ්යක්ෂ යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව ලංකා ගුරු සංගමය කියයි. 17 May 2017
9 දෙනෙකුගේ මව රැකබලා ගැනීමට බැරියයි පොලිසියට ගෙනත් දාලා ඇල්ල දොඩම්ගොල්ල උඩවැඩිය ප්‍රදේශයේ 82 හැවිරිදි නවදරු මව රැකබලා ගැනීමට නොහැකි හෙයින් අනාථ නිවාසයකට බාරදෙන ලෙස ඉල්ලා ඇගේ පුතකු විසින් ඔහුගේ මව ඇල්ල පොලිසියට ගෙනවිත් බාරදෙනු ලැබ ඇතැයි පොලිසිය කියයි. 17 May 2017
අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනයාට යුද හමුදාවෙන් වෙඩි තැබීමෙන් මිය ගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ගැනීමට අද(17) රහස් පොලිසියට අවසර ලැබිණි. 17 May 2017
පානදුර වෙළෙඳසල් දෙකකට පැට්ට්‍රෝල් බෝම්බ ගහති පානදුර නෙලුම්විල ප්‍රදේශයේ දී වෙළඳසැල් දෙකකට අද (17) අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය පවසයි. එක් වෙළඳසැලකට පහර දෙන අයුරු සිසිටිවී කැමරාවේ සටහන් වී තිබේ. 17 May 2017
උතුරු මැද පළාත් සභාවෙන් සේමසිංහත් ඉවතට උතුරු මැද පළාත් සභාවේ පවතින බල අරගලය තවත් උග්‍ර කරමින් පළාත් වාරිමාර්ග අමාත්‍ය එච්.බි.සේමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට තිබේ. 17 May 2017
කෝටියක මත්කුඩු මුන්දලමෙන් සොයාගනී රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 17 May 2017
අන්තරේ පෙළපාළියට උසාවියෙන් තහංචි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ අධ්‍යාපනික ගැටලූ විසඳන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුලූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව බදාදා (17) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. 16 May 2017
වැඩ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරුන් ගැන සොයයි සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය පැවැති පසුගිය පස් වැනි දා සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 16 May 2017
ලංකා ඊ නිව්ස් කර්තෘගේ පෙත්සම් 14 ම සංශෝධනය කිරීමට අවසර ඉල්ලයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද(16) ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වූවේය. එම නිවැරදි ලිපිනය සොයා ගැනීමෙන් පසුව සඳරුවන් සේනාධීර මහතාට එරෙහි පෙත්සම් 14 සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. 16 May 2017
ලක්ෂ 17ක සිගරට් සහ කසිප්පු සමඟ චීන ජාතිකයෙක් සැකපිට රුපියල් ලක්ෂ 17ක පමණ රට සිගරට් තොගයක් සමඟ චීන ජාතිකයකු (40) අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. සැකකරු සතුව කසිප්පු ලීටර 15ක් පමණ ද තිබී ඇත. 16 May 2017
18 සම්මත කිරීමත් ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමත් වැරදියි - මහින්ද අමරවීර අවුරුදු 26ක තම දේශපාලන ජීවිතයේ නින්ද නොගිය එකම රාත්‍රිය 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දා බවත්, පසුගිය රජයේ ඇතැම් ක්‍රියාමාර්ග තමා අනුමත නොකළත් කණ්ඩායමක් ලෙස කටයුතු කරද්දී එකඟ වීමට සිදුවූ බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. 16 May 2017
උතුරු මැද පළාත් විපක්ෂ මන්ත්‍රීවරු දෙකට බෙදිලා - අනිල් රත්නායක උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස හා මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා නියෝජනය කරන පිරිස අතර මේ වන විට අර්බුදයක් හටගෙන තිබෙන බව උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ නායක අනිල් රත්නායක මහතා පවසයි. 16 May 2017
එකම විසඳුම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම බව ඉන්දීය අගමැතිටත් කිව්වා - සිවඥානම් ශ්‍රීධරන් දෙමළ ජනතාවගේ අර්බුදයට ස්ථීර විසදුම උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම බවත් වෙනත් ආකාරයේ විසදුමක් කිසිදු අයුරින් පිළිනොගන්නා බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවේදී ද පැවසූ බවත් ඒ මහතා කියයි. 16 May 2017
විද්‍යා ඝාතනයේ නඩුව යාපනයට ගෙනෙන්න යයි විරෝධතා සමූහ දූෂනයට ලක්කර මරා දැමු යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුව යාපනය මහාධිකරණයේ විභාග කරන ලෙසට සහ පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපන සරසවියේ සිසුන් දෙදෙනාට නීතියෙන් සාධාරණයක් ඉටු කරන ලෙසට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසූහු එම සරසවිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 16 May 2017
ගංජා කිලෝ 270ක් සමග අයෙක් අත්අඩංගුවට පනාමුර හීන්දලුක්හින්න කළුකොටුව ගම්මානයේ නිවසක් තුළ අලෙවි කිරීමට සකසා තිබු බව කියන වියළි ගංජා කිලෝ 270ක් සමග පුද්ගලයෙකු අද(16)අත්අඩංගුවට ගත් බව පනාමුර පොලීසිය පවසයි. 16 May 2017
ඥානසාර හිමිට එරෙහි පැමිණිල්ල 24 වැනිදා විභාගයට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාග කිරීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය. 16 May 2017
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නීති කැඩීමෙන් රජයට රුපියල් කෝටියක ආදායමක් ගතවු මාස 5 ක කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන නීති කැඩු බව කියන රියදුරන් 19,837 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. 16 May 2017
‘දරුණු අසමත්වීම් සිදුව නැතත් සියල්ලම සම්පූර්ණ නෑ‘ - යුරෝපා සංගම් තානාපති වත්මන් ආණ්ඩුව යටතේ දරුණු ගණයේ අසමත්වීම් සිදුව නැතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා කොළඹ දී අද (16) ප්‍රකාශ කළේය. අසමත් වීම් සිදුව නැතැයි කීමෙන් සියල්ල සර්ව සම්පූර්ණ බව අදහස් නොවන බව ද හෙතෙම කීවේය. 16 May 2017
භාවිතයට නොගන්නා ධීවර බෝට්ටු විනාශ කරයි වෙරළ ආශ්‍රිතව තිබෙන භාවිතයට නොගන්නා හා ඉවත් කරන ලද (ජලය එක්රැස් විය හැකි) සියලුම ධීවර බෝට්ටුල ඔරු හා උපකරණ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට හෝ පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට අද (16) උපදෙස් දී ඇත. 16 May 2017
මාලක සිල්වාට එරෙහි නඩුව ඔක්තෝබර් 24 දාට කල්යයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා විසින් බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුවේ උදෘත නිතිපති වෙත යොමු කර ඇතත් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා වෙත අද (16) කරුණු වාර්තා කළේය. 16 May 2017
ලොරි ටිපර් ගැටී අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඕමාරගොල්ලේදී ලෝහ පටවාගත් ටිපර් රථයක්, ගඩොල් පැටවූ ටිපර් රථයක් හා කෙසෙල් පැටවූ ලොරි රථයක් එකින් එක ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතයි ගලේවෙල පොලිසිය පවසයි 16 May 2017
අඩියක් උස ගංජා පැළ 40 ක් ගෙවත්තේ තම ගෙවත්තේ ගංජා වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි. වැටලිම කරන අවස්ථාවේ එම ගෙවත්තේ අඩියක් පමණ උස ගංජා පැළ 40 ක් තිබුණු බවද පොලිසිය පවසයි. 16 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026