(මනෝප්‍රිය ගුණසේකර)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී සහ ප‍්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා බැඳුම්කර කොමිසම හමුවට කැඳවීමට කොමිසම පියවර ගෙන ඇත.
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී වංචාවන් සිදු කරන ලදැයි ඇඟිල්ල දිගුවී ඇති පාර්ශවයන් වෙනුවෙන් සාක්කි ඉදිරිපත් කිරීම අද (08) සිට ආරම්භ වන බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනපති පරීක්‍ෂණ කොමිසමේ පැමිණිලි පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටින නීතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්කි විමසීම අවසන් කළ බවයි.
2015 පෙබරවාරී 01 වැනි දා සිට 2016 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හොද මග යවන්න මහින්ද මහත්තයට අවස්ථාවක් දුන්නා අපි. එයා එය කැත විදිහට මගහැරියා. ඉන් පස්සේ අපි හිතුවා මෛත්‍රි හරියට කරයි කියලා ඒත් එයාත් මගහැරිය වගේ පේනවා. දැන් කොමිසමේ වැදගත් වූ මහත්වරැනි ඔබට පුලුවන්. රාජකාරියට එරෙහිව හෘද සාක්ෂිය මෙහෙයවන්න අකුරටම හා අන්තිම ලේ බිදුව දක්වා. එ සදහා ඔබට මගේ පුද්ගලික ආශිර්වාදය
අපි බලන් ඉන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව රාජපක්ෂලා ගැනත් මේ කලා වගේ මහන්සිවෙලා පරීක්‍ෂණ කරලා හරස් ප්‍රශ්න අහලා පත්තර වලටත් පොර ටෝල්ක් දීලා හොරකම් වල ඇත්ත හෙළි කරාවි කියලා.
ඔහුත් කියයි මම දන්නේ නැහැ. මට මතක නැහැ.