අංජුල මහීක වීරරත්න
එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වුවහොත් ඔවුන් ඉවත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැටන්හිදී අද පැවැසීය.
යහපාලන රජය හොරුන් ආරක්ෂා රකන්නේ නැතැයි කී අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවන බව ද කීවේය.
ඕනෑම කාරණයක් හෙළි වුවහොත් ඒ වාර්තා අනුව සොයා බලා කටයුතු කරන බවත්, ඕනෑම කෙනකුගෙන් ප්‍රශ්න කිරීමට දැන් ඉඩ කඩ ලබා දී ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මා පේන කියනවා.
මේ හාදයට මදුවැල් පෑගිලද කොහෙද? මෙච්චර හොඳ අවංක පක්ෂයක ඉන්න උදවියට මෙහෙම කියන එක... රවී උන්නැහේ වුණත් කිව්වේ ඇත්ත නොවැ. හෙට රවී මහත්තයා කොමිෂම ඉදිරියේ මට මතක නැහැ. ඉතින් ඒ වගේ අවංක මිනිසුන් ඉන්න පක්ෂයක උදවියට මෙතුමා අපහාස කරනවා නේද? ඔහෙත් බේගල් ඇදබානවා නේද?මොකටද පරීක්ෂණ? රටේ අවංක ජනතාව පරීක්ෂණ කරලා තීන්දුත් දීලා අවසාන වෙලා තියෙන්නේ...
ඔය ඉන්නේ, ඔප්පු කරන්න ඕනේ නැහැ. ගේ ගත්ත එකෙන්ම ඔප්පු වෙනවා මොනවා හරි මගඩියක් තියෙනවා කියලා. නැත්නම් තමන්ගේ අප්පොච්චිද කෝටි ගණන් වියදම් කරලා ගෙවල් අරන් දෙන්න. කතාව දෝලාවෙන් ගමන පයින්!!!
මුලින්ම ඔබතුමා ගියොත් හොඳයි නේද?
එහෙනම් ඉතින් මහබැංකු හොරකමේ වගකීම අරන් ඔබතුමාටම තමා මුලින්ම අයින් වෙන්න වෙන්නේ...
ඔබතුමා ඔය කතාකරන්නේ ලංකාවේ තිබෙන එජාපය ගැනද එහෙම නැත්නම්, වෙනත් රටක තිබෙන පක්ෂයක් ගැනද ? එහෙමත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයක් හෝ පක්ෂයක් ගැනද ?
අර රජහොරු නම් තවම නිදැල්ලේ. මේ කියන කතාව විශ්වාස කරන්න පුළුවන්ද?
"ඉන්නවා නම්" කියලා කියන්නේ ෂුවර් නැත්ද? දැන් ඔය සුඛෝපභෝගී නිවාස සමහරුන්ට සමහරුන්ගෙන් නිකම් ලැබෙන කාලේ ඒවා වෙන්නේ පිනටද? ඒවා දන්නෙම නැතිද? නැතිනම් අපිව ලෙහෙසියෙන් රවටන්න පුළුවන් කියාලා හිතන බබ්බුද?
හොරුන් ඉන්නවානම් කියන්නේ කට්ටිය කරපුවා ආරංචි වෙලා නෑ වගේ. හොරාගේ අම්මාගෙන් පේන ඇහුවානම් මීට වැඩිය හොඳයි.
කම්බා හොරුන් ගැන කතා කරනවා.
අර අර්ජුන්ගේ ෆෝන් එකේ ආර්.කේ. සහ පී.එම්. කියලම තිබුණලු මේ අය ගැන.....
"ඉන්නවා නම්" ඉහළම තැන ඉඳලා පහළම තැනට එනකම් ඉන්නේ හොරු. මිනිස්සු මේක දන්නා නිසා තමයි එජාපය දිගටම පැරැද්දුවේ. වැඩිම වුණොත් අවංක මිනිස්සු 10 ක් ඇති. විජේදාස මහත්තයා එක්කෙනෙක්. මෙකී නොකී වර්ගවල හොරු එජාපයේ ඉන්නවා. දැන්වත් හොරු එලවලා තමනුත් පක්ෂය අතහැරියොත් එජාපය නැවත ගොඩ එ්වි!!!
හොරු කෙසේ වෙතත් මංකොල්ලකාරයෝ නම් ඉන්නවා. එ්ත් ඉතින් මොකවත් කරන්න බැහැනේ ලිච්ඡවි පාලනේනේ තියෙන්නේ.
ඔයා මුලින් කිව්වේ වෙනින් දෙයක්...
අපේ පී.එම්. නේද මේ කතා කරන්නේ..?
ගෙදර මූණ බලන කණ්ණාඩියක් ඇත්තෙම නැද්ද?
හොරුන්ට වගකිවයුතු තනතුරු දුන්නේ කවුද? අර්ජුන් ආරක්ෂා කලේ කවුද? ඔහු ගැන වග වුණේ කවුද? යහපාලනයට ඡන්දේ දීපු අපට මේවාට පිළිතුරු දෙන්න.
මේවට තමයි කියන්නේ ජෝක් කියලා...
අන්න එහෙම තමයි තීරණ ගන්න ඕනෑ. මෙය සියලු දෙනාටම පොදුවිය යුතුයි.
අනිත් වටයට නිර්දේශිත නම් හැටියට දොස්තර රාජිත, කිරිඇල්ල මහත්වරුන් කියන්න පුළුවන් නේද?
කට්ටිය අපේ පී.එම්. මහත්තයාට මඩ ගහනවා. එහෙම නෙමෙයි. පී.එම්. කියන්නේ හවස. ඒ.එම්. කියන්නේ උදේ.. ඉතින් හවස කරපු හොරකම් පෙන්නේ නෑනේ.... කළුවරයිනේ.
එතකොට එජාපයේ ඉතිරිවෙන්නේ කව්ද?
ඔයා තාම දන්නේ නැද්ද හොරු ඉන්නවා කියලා..? පරීක්ෂණ අවසන් වෙනකන් අදාළ කෙනා වගකීම් වලින් ඉවත්කරන ක්රමවෙදෙකුත් තියෙනවා. එකත් දන්නේ නැද්ද? මේවා ඇහෙන කොට අපේ ඇගේ මාළු නටනවා. මුකුත් නොකිය ඉන්නවා නම් තවත් එකක්...
ලබන ඡන්දෙදි දෙන්නං ජම්බු...
මහබැංකු හොරකමේ ප්‍රධානියා මෙතුමා. ජනාධිපති කොමිසමෙන් සේරම එළියට එනකොට දැන් හොඳ වෙන්න හදනවා. ජනතාව සේරම දන්නවා. මෙතුමාගේ 2020 සිහිනයක් තමයි.
ඉන්නවා නම් කිව්වේ පක්ෂයේ ඉන්න කට්ටියට අමතරව අලුතෙන් ඉන්නවද කියලයි.
එතකොට අර භාර්යාව සේප්පුවේ මුල්ලක දමලා තිබුණ රුපියල් මිලියන 165 කට ගත්ත ගෙදර පදිංචිවෙලා හිටපු මුකුත්ම දන්නේ නැති අැමැතිතුමා ඔබතුමාගේ පක්ෂේ නෙවේ වෙන්න ඇති නේද?
අයියෝ, එහෙම තද තීරණ ගන්න එපා. එහෙම කළොත් අන්තිමට පක්ෂෙට කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැනේ.
යහපාලන රජය හොරුන් ආරක්ෂා කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවේ.
ඉතින් රවී මහතාව ඉවත් කරන්න. අර්ජුන රැකගන්න උත්සාහ කරන්නේ අයි? කතා වැඩක් නැහැ.
අගමැතිතුමනි, එක්සත් ජාතික පක්ෂයේ හොරුන් ඉන්නවා යැයි පරීක්ෂණවලින් තහවුරු වෙලා ඉවරයි. ජනතාව අවධානයෙන් ඉන්නේ. කතා වැඩක් නැත. ක්‍රියාවෙන් ඔප්පුකරන්න. මේ දේපොළ මංකොල්ලය නතර කරන්න.
ගෙදරින්ම පටන් ගත්තා නම් නේද වැඩේ හොඳ?
මෙයා තමයි මේ ගැන කතා කරපු අයව පාර්ලිමේන්තුවේදී විහිළුවට ලක් කරලා මේ හොරකම වහන්න හැදුවේ...
මේ පාර අල්ලන්න හොරකම් කරන්නේ නැහැ. ලිච්ඡවි ක්‍රමේට වැඩේ දෙන්නේ....
ඔබතුමා පරණ හොරුන්ට තවමත් දඬුවම් දෙන්න තියෙනවා. අලුත් අයත් ඉන්නවා. පරණ සහ අලුත් හොරුන්ට ඉක්මනින් දඬුවම් දෙන්න. නැත්නම් ආණ්ඩුවම ගෙදර තමයි.
දාන කමෙන්ට්ස් වලට ඩිස්ලයික් දාන්න... පක්ෂයෙන් වෙනම කට්ටියකුත් දාලා ඉන්න බව නම් පේනවා.
මේකට මෙහෙම කිව්වොත් හොඳද? හොරෙක් සහ හොර මුලක් කතාකරයි කියලා...
හොරු ඉන්නවා නම් නෙවේ ඉන්නවා. ඒ අය ඔබේ පිහිටෙන් ආරක්ෂා වෙලා ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාලා එකේ ඉන්න හොරු රකින්නෙත් ඔබ තුමයි. නිකම් බොරු එපා සර්. අපි දන්නවා ඔබතුමා ගැන.
ඔප්පු වෙන්න ඕනේ උසාවියෙන් නම්... අයින් කරන්න දෙයක් නැහැ.. එහෙනම් ඉන්න ඕනේ හිරෙනේ. එ්ක කවදාවත් වෙන්නේ නැහැ. අපි දන්නවනේ ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය.... කොහොමද කියලා.
ඉන්නවා නම් නෙවේ.... ඉන්නවා... ඕක තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද?
ලොකුම හොරාත් ගියානම් හොඳයි.
එතකොට මහහොරා කව්ද දන්නෑ... අර සිරිකොතේ සල්ලි හොරකම් කළැයි කියන කෙනා...
ඔබතුමා හරි විහිළුනේ කරන්නේ....
ඩී.එස්. සහ ඩඩ්ලි සේනානායකලාගේ කාලයේ තිබුණු යු. එන්.පී. එකේ නම් හොරු හිටියේ නැහැ.... නමුත් පස්සේ කාලයක ජේ ආර් ජයවර්දන හදපු යු.එන්.පී එකේනම් හිටියෙත්, ඉන්නෙත් ඔක්කොම හොරු... ඕනේනම් නමුත් එක්කම චෝදනා දෙන්නම්...
ඒ වගේම කෙනෙක් හොරු ගැන කියවනවා. මේවා කියන්නේ ඒ ගොල්ලන්ට ඡන්දේ දීපු අයට වෙන්න ඕනෑ.
ඔය කියන්නේ රවී ගැන නේ... ඔච්චර දේවල් එළිවෙද්දී තාම එයා සම්බන්ධයෙන් කෙලින්ම නොකියන්නේ, ක්‍රියා පිළිවෙතක් නොගන්නේ ඇයි? ඒ වගේම ඒ හුටපටේ අග්රස්ථානයේම ඉන්න අර්ජුන් මහේන්ද්‍රන්ව තාම තුරුල් කරගෙන ඉන්නේ මොකද? එයා තාම ඔබ තුමාගේ අති හිතේෂී උපදේශකයෙක් නේද? ඒ කියන්නේ ලැජ්ජා නහරේ කපලම දාලාද? එහෙම නැත්තම් ඔබතුමා තිරේ පිටිපස්සේ හිටිය බව එළිවෙයි කියලාද?
හොරු බේරන්න පාර්ලිමේන්තුවක් විසුරවපු එකම රට ලංකාව.. මහමැතිවරණයකින් පැරදුන අපේක්ෂයින්ට, ජනතාවගේ විරුද්ධත්වය නොතකා, මන්ත්රීකම් ලබාදුන්නා එකම රටත් ලංකාවයි
හා හා දැන්ම නෙමෙඉ. 2035 දී වගේ තමා
වාහන මිලට ගන්න අසාධාරණ මුදලක් රජයෙන් ගැනීමත් සොරකමක් නොවෙයි කිවහැකිද? අගමැතිට ඔපමණ මුදලකට වාහනයක් මොකටද? රජයේ මුදල් නාස්ති කිරීමත් සොරකම් කිරීමත් අතර වෙනසක් නැත. මහින්ද පවා අනික් සොරකම් වලට අමතරව මේ සොරකමටත් වගකියන්න ඕනා. කාර් පර්මිට් විකුණගෙන රටේ මුදල් සොරා කෑව සැම දෙනාත් හොරු නොවේද? දේසපාලනයේ මුදල් නාස්තිය සොරකමක්!!! ශිරානි ප්රන්සයේ දවස් දෙකට කාමර ගාස්තු ලක්ෂ දෙකකට වඩා ගෙවලා. ඇය හෙරක් නොවෙයිද? මහින්ද කරුට කතා කරන්නේ සුදන වගෙයි. බත් මුට්ටියත් කලුයි කේතලයත් කලුයි.
එහෙනම් ඉතින් මුලින්ම ඔයා අයින් වෙන්න බෑන්ක් කිලීනර් මහත්තයෝ ...!!!