(ඩයනා උදයංගනී)
බැඳුම්කර වංචාව සම්බන්ධව චෝදනාවට ලක් වී සිටින ඇමැතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සති දෙකක් ඇතුළත තීන්දුවක් ගනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
විශ්වාසභංගයක් ඒමට පෙර ඔහු විසින්ම ගත යුතු තීන්දුව ගන්නේ නම් එය රටට මෙන්ම ආණ්ඩු කරන පක්ෂ දෙකටම හොඳ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද(8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලාංශ දරුවෙක් වුනත් තමන්ට මුහුණදෙන්න වෙන ලොකු ප්‍රශ්නයකදී මීටවඩා වගකීමක් ඇතිව ක්‍රියාකරනවා. මේක රටේ ප්‍රශ්නයක් ජනාධිපතුතුමෝ. හෙළිවී තිබෙන මහාපරිමාණ හොරකමක් ඔප්පුකරගන්න තියෙන හොඳම අවස්තාවක් තමයි මේ උදාවෙලා තියෙන්නේ. කල්මරන්න යාමෙන් මේ හොරකම සදහටම වැළලී යන්නත් ඉඩතියෙනවා.
අපි හිටන් බල ඉන්නවා මුන්ගේ නාඩගම්
ජනාධිපති තුමනි, එක පාරක් හරි..හොද තීරණයක් ගන්නවා දකින්න ආසයි . කතා අහලම එපාවෙලා..
අවුරුදු දෙකක් ගන්නකො . තවටිකක් හොරකම් කරන්න දීල. අනේ මෙහෙමත් රටක්, කාලකන්නි
හැමදාම ජනාධිපතිවරු ඔහොම තීන්දු තීරණ ගත්තානම් කොච්චර හොඳද!
හා හරි .... ඔන්න අපි දින ගනින්න පටන් ගත්තා... මතක ඇතිව මේ ප්‍රකාශය තියෙන පත්තරේ එයාට පෙන්නන්න.... නැතිනම් ඔයත් නොන්ඩි වේවි....
දැනට දින දෙක තුනකට ඉස්සෙල්ල ජනපති කල ප්‍රකාශ බැලුවහම මට හිතුනේ ඔහු තීරණයක් අරන් කියල , පහුගිය කාලයේ වෙච්ච සිදුවීම් දිහා බැලුවම හොදින් පැහැදිලි වෙන දෙයක් තමා වැදගත් තීරණ ගතයුතු අවස්ථාවේ රටේ පාලකයෝ කිසිම තීරණයක් නොගෙන ප්‍රශ්න කාලයට විසදීමට ඉඩ හැර , මගුල් ගෙවල් , මල ගෙවල් වල යමින් , කාලය ගතකරමින් සිටින බව , ජයවර්ධන ,ප්‍රේමදාස , රාජපක්ෂ යන ජනාධිපතිවරු හරි හෝ වැරදි වේවා කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක කලා , එම කාලවල ත්‍රස්තවාධි , කැරලි තිබුනත් ඔවුන් යටතේ රට යම් යම් ශේස්ත්‍ර වලින් ඉදිරියට ගියා , ආර්ථිකය වර්ධනය වුනා , මේවගේ රට එකතැන කැරකුණේ නැහැ ,
"අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලය වහල"වැඩක් නැහැ ජනාදිපති තුමෝ.
අලියාගේ තරම අලියා නොදනී කිව්ව වගේ ජනාධිපති තුමාගේ බලතල එතුමා නොදෙනීම කණගාටුවට කරුණක් එතුමාද කල්මරන්නේ තමන්ගේ පුටුවඅහිමිවේවි යන බයට වෙන්න ඕන අගමැති වරයා රවී කියන පුද්ගලයා මෙතරම් වංචාවකට හසුවී තිබියදී රැකගන්න දඟලන්නේ තමන්ගේ නමද ඊට හසුවී තිබෙන නිසාය මේබව ජනපති හොඳාකාරවම දනී ජනපති මෙවෙලාවේ අනුගමනය කරනුයේ රැව්ලත් ඕන කන්ජිත් ඕන යන කියමන අනුගමනය කරමින් වෙන්න ඕන එ්ත් ජනපති අගමැති දෙපලම රටේ ජනතාව ගොනාට අන්දන්නට නොහැකිබව හොඳින් වටහ ගත යුතුය
රනිල් සහ මහින්ද දෙන්නම කරන්නේ හොරු රකින එක. ජනතාව සුදානම් වෙන්න ඉදිරි මැතිවරණයකදී මුන් දෙගොල්ලම පන්නන්න . කොල්ලකාගත් රජයේ දේපල අප්සුලබගන්න.
ඒ කියන්නේ ආප්ප පුච්චන්න සති දෙකක් යනවා කියලද? ඉස්සර නම් පැය ගාණෙන් කරපු වැඩේ.
කලබල වෙන්න කාරී නෑ. යෝජනාව ගේන්න කලින් උන්නැහේ ඉල්ලා අස්වෙනවා අස්වෙනවාමයි. දෙබරෙට ගල් ගහන්න ඇරලා කාගෙ කාගෙත් කිල්ලෝටවල තියෙන හුණු එළියට එන්න ඉඩදෙයිද වගකිව යුත්තෝ?