සම්බාහන මධ්‍යස්ථානයට යන දරුවන් ගැන සොයයි කුලියාපිටිය පාසල්වල උසස් පෙළ සිසුන් උපකාරක පන්ති සඳහා යන බව කියමින් දෙමාපියන් විසින් දෙන ලද මුදල් වැයකර කුලියාපිටිය බෝහිංගමුව ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට යන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව වයඹ මහ ඇමැති ධර්මසිරි දසනායක මහතා අද(16) වයඹ පළාත් සභා රැස්වීමේ දී ප්‍රකාශ කළේය. 16 May 2017
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උසස්විම් දීමේ ක්‍රමයට එරෙහිව උද්ඝෝෂණ දෙපාර්තමේන්තු නිර්දේශයන්ට පටහැණිව වරදාන හා වරප්‍රසාද මත රාජ්‍ය සේවා කොමිෂන් සහාව විසින් උසස්විම් ලබා දිමට එරෙහිව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය අද (16) කොළඹ දේශීය ආදයම් දෙපාර්තමේන්තු මුලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. 16 May 2017
බීමතින් ගැටුණු පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ යාපනය නගරයේ ප්‍රසිද්ධ හෝටලයක බීමතින් ගැටුම් ඇතිකරගත් බව කියන යාපනය කොට්ඨාසයේ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ 16 May 2017
විමල්ට එරෙහි නඩුව සැප්තැම්බර් 28 ට කල්යයි අවලංගු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 28 තෙක් කල් තැබීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා අද(16) නියෝග කළේය. 16 May 2017
ලොව සැහැල්ලුම චන්ද්‍රිකාව ලබන මාසයේ උඩු ගුවනට ලෝකයේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරිමට ඉන්දියානු තරුණයකු සමත් වි ඇතැයි වාර්තා වේ. 16 May 2017
ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන්නැයි ඉල්ලති ඌව පළාත් ගුරු විභාගය අහෝසි කරන ලෙස හා සංවර්ධන නිලධාරීපත්වීම් හා ගුරුපත්වීම් ලබාදෙන ලෙස ඉල්ලා ඌව පළාත් රැකියා විරහිත උපාධිධාරීහු අද(16) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. 16 May 2017
ශ්‍රී ලංකාවට 19 දා සිට ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කරන අපනයනවලට අනිද්දා (19) සිට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය හිමිවන බව යුරෝපා සංගමයේ මෙරට යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පවසයි. 16 May 2017
ගුරුවරුන් ලෙඩ නිවාඩු දැමීමෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අදට වසාදැමේ බහුතර ගුරුවරුන් පිරිසක් ලෙස නිවාඩු වාර්තාකර සේවයට නොපැමිණිම හේතුවෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලය අද (16) වසා දමා ඇත. පාසල් පැමිණී සිසුන් පාසලට පැමිණ ටික වේලාවකින් තම නිවෙස් කරා යන ලෙස ගුරුවරුන් පැවසීම නිසා නිවෙස් කරා යන බව සිසුහු පැවසුහ. 16 May 2017
කීරමුන්දලම දූපත දෙකඩ වීමේ අවදානමක කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි කීරමුන්දලම දූපතේ සංචාරක හෝටල් හිමියකු විසින් අවිධිමත් ආකාරයෙන් වෙරළේ යොදා ඇති බව කියන ගල් වැටියක් හේතුවෙන් එම දූපත දෙකඩ වීමේ අවදානමක් පවතින බව දූපත්වාසීහු පවසති. 16 May 2017
රංජිත්ගේ පුරප්පාඩුවට සුසිල් ගුණරත්න එස්.එම්.රංජිත් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු උතුරු මැද පළාත් ඇමැති ධුරයට සුසිල් ගුණරත්න දිවුරුම් දෙයි 16 May 2017
ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. ඊයේ රාත්‍රී සිදුවී ඇති මෙම ප්‍රහාරයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්ත වලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇතැයි වාර්තාවේ. 16 May 2017
කුවේට්හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට කුවේට් හි ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්සේවය අද (15) වාර්තා කළේය. 15 May 2017
‘කළුකොඩි කට්ටිය මහ රෑ මෝදි හමුවුණා‘ - ජනපති ඉන්දියා අගමැති එන විට කළුකොඩි දමන්නැයි කී උදවිය ඉන්දියා අගමැති හමුවීමට රාත්‍රී 11ට පමණ ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා එලෙස කීවේ අරලගංවිලදී පැවැති උත්සවයකදී ය. 15 May 2017
මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිගෙන් රහසිගතව ප්‍රශ්න කරයි සුරැකුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දායකත්වයෙන් සකස් කළ රහසිගත තාක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චානක ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඒ පිළිබඳව රහසිගතව ප්‍රශ්න කරන ලදි. 15 May 2017
වැලි ට්රැක්ටරය යාල්දේවී දුම්රියේ වැදී දෙදෙනෙක් මරුට වවුනියාව, සිට යාපනය බලා ධාවනයවූ යාල්දේවී දුම්රිය වවුනියාව පුලියන්කුලම, පුත්තූර් දුම්රිය හරස් මාර්ගයයේදී වැලි ප්‍රවාහනය කළ ට්රැක්ටර රථයක ගැටී තරුණයන් දෙදෙනෙකු අද (15) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇතැයි පුලියන්කුලම පොලිසිය කියයි. 15 May 2017
බදුල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වය වෙල්ගමට බදුල්ල දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට කෙනෙකු නොමැති නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් පත් කරන ලද බැව් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය. මන්ත්‍රි වරයා මෙසේ පැවසුවේ වැලිමඬ බොරලන්ද ප්‍රදේශයේ පැවති පක්ෂ ක්‍රියාකාරි හමුවකදීය. 15 May 2017
වෛද්‍යවරුන් වර්ජනය කිරීම සුදුසු නෑ - නියෝජ්‍ය ඇමති එරාන් ත්‍රිවිධ හමුදාව හා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් භූමියේ ආරක්ෂාව සඳහා බැඳී සිටින්නාක් මෙන් වෛද්‍යවරුන්ද රෝගී ජීවිත ආරක්ෂා කිරීම උදෙසා බැඳී සිටින බවත්, ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට මෙන්ම වෛද්‍ය වෘත්තිකයන්ටද වැඩ වර්ජන සුදුසු නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. 15 May 2017
සයිටම් ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න‘යි වෛද්‍ය නිලධාරීහු කියති මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබෙන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්නැයි බලධාරින්ට බල කරන සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. 15 May 2017
අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීම ගැන මත දෙකක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ගොනු කළ අභියාචනය විභාග කර අවසන්වනතුරු අභියාචනාධිකරණ තීන්දුව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුණු තීන්දුවකින් අද නියෝග කැරිණි. 15 May 2017
අලියා ලකුණට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ් ඉකුත් මැයි 1 වැනි දා එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අලියා ලකුණට වෙඩි තබා හානි කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල් ඒ. ඒ. සුමිත් ජයවීර මැයි 29 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (15) නියෝග කළේය. 15 May 2017
දෙවැනි මනමාලයා ඇරලවා එද්දී රිය අනතුරෙන් දෙදෙනකු මරුට මංගලෝත්සවයකට සහභාගී වීමෙන් පසු දෙවැනි මනමාලයා ඉංගිරිය හඳපාන්ගොඩ නිවසට මෝටර් රථයෙන් ඇරලවා ආපසු එමින් සිටිය දී පාදුක්ක අංගම්පිටියේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් එහි සිටි දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ඔවුන් හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක සහ 25 ක තරුණයෝ වෙති. 15 May 2017
කෝටි ගණනක ස්කෑන් යන්ත්‍ර 5 ක් භාවිතයට නොගෙන ඉවතලයි ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ආරක්ෂක විමර්ශන අංශයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අධි සංවේදි ස්කෑන් යන්ත්‍ර 05 ක් වසර කීපයක සිට කිසිදු භාවිතයකට නොගෙන ඉවතලා ඇතැයි කටුනායක ගුවන්තොටුපලින් වාර්තාවේ . මෙම යන්ත්‍ර ජර්මනියේ හයිමන් ස්මිත් සමාගමේ නිෂ්පාදිත ඒවාය. 15 May 2017
උතුරුමැද මහ ඇමතිට එරෙහි විශ්වාශ භංග යෝජනාව ප්‍රතික්ෂේප වෙයි උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද (15) දින පස්වරුවේදි ප්‍රතික්ෂේප කරනු ලැබිණි. 15 May 2017
ශ්‍රී ලංකාව ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තය දැයි ගම්මන්පිල විමසයි වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙන යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 15 May 2017
බඹර ප්‍රහාරයකින් නාවුල පාසල් සිසුන් 4 ක් රෝහලේ බඹර ප්‍රහාරයක් හේතුවක් නාඋල ශ්‍රි නාග පාසසේ පාසල් දරුවන් සිවි දෙනෙකු අද (15) රෝහල් ගතකර තිබේ. ශ්‍රි නාග ජාතික පාසලේ ‘තාක්ෂණ පීඨ ’ ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කලක් තිස්සේ බැදතිබු බඹර කූඩුවක් සුළං හේතුවෙන් ඇවිස්සි තිබේ. එම අවස්ථාවේ යාබව පිහිටි ක්‍රිඩා පිටියේ රැදී සිටි පාසල් දරුවන් පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි. 15 May 2017
පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද(15) විරෝධතාවයක නිරත වුහ. ලුණු සමාගමේ සේවය කරන සියලුම සේවකයින්ට වසර හතරක කාලයකින් කිසිදු ආකාරයක වැටුප් වැඩි විමක් කර නැති බවත් අධික ලාභ ගනිමින් සේවකයින් නොසලකා හැර ඇති බවත් පවසමින් සියලුම සේවකයෝ අද පෙරවරුවේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වූහ. 15 May 2017
යුද සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනාධිපතිට ලිපි 7400ක් යුද සමයේ අතුරුදන් වූවන්සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපි 7400ක් යොමු කර ඇතත් ඉන් එකම ලිපියකට හෝ මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා පවසයි. 15 May 2017
මොළයේ සංඥා වලින් පාලනය වන ක්‍රෘතිම අතක් මොළයෙන් හා මාංශපේෂී මගින් නිකුත්වන සංඥා වලින් පාලනය කළ හැකි කෘත්‍රිම අතක් නිපදවීමට මොරටවු විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති. 15 May 2017
උතුරු කොරියාව අති නවීන මැදි දුර මිසයිලයක් අත්හදා බලයි විශාල න්‍යෂ්ටික පිපිරුම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු අති නවීන මැදි දුර මිසයිලයක් පසුගිය ඉරිදා සාර්ථක ලෙස අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි. 15 May 2017
‘වෛරසයෙන් ආරක්ෂාවීමට වින්ඩෝස් යාවත්කාලීන කරන්න‘ ලොව පුරා වේගයෙන් පැතිරෙන ‘වොන්නක්‍රයි‘ (WannaCry) රැන්සම්වෙයාර් පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීමට පරිගණකවල වින්ඩෝස් මෘදුකාංගය යාවත්කාලීන කර තබාගත යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. 15 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026