(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස මුම්බායි ඔස්සේ ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ පුද්ගලයින් සිව් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඊයේ (04) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි 60,45,35,සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව රේගුව පවසයි .
මොවුන් ඊයේ (04) දින රාත්‍රී 9.35 ට පමණ මුම්බායි බලා පිටත්ව යන 9 ඩබ්ලිව් 252 දරන ජෙට් එයා වේස් ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ඔවුන් රැගෙන ආ ගමන් මලු සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 116 ක් බර මෙම වල්ලපට්ටා තොගය රේගුව විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර, මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජයදේව මහතා විසින් පවත්වා තිබේ.
එහිදී මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ අතර, මෙම පුද්ගලයින් සිව් දෙනාට රුපියල් ලක්ෂ 7 බැගින් රුපියල් ලක්ෂ 28 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කරන්න තියෙන හොඳම විසඳුම වල්ලපට්ට වාණිජ වශයෙන් වගා කිරීමට කටයුතු කිරීමයි. එවිට විදේශ විනිමය විශාල වශයෙන් ලැබෙන අතර ගෙයක් ගානේ වගා කරනු ඇත. එවිට තුරන් වී යාමද වලකිනු ඇත. මේ පිළිබඳ කැබිනට් තීන්දුවක් ගැණුනද ප්‍රගතියක් නොපෙනේ.
වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් නම්, දඩ මුදල ඇයි රුපියල් ලක්ෂ 28 ක්? මුළු වටිනාකමටම හෝ ඊට වැඩි ප්‍රමාණයක් දඩ ගැසිය යුතුයි. නැත්නම් මෙම හොර ජාවාරම් නවත්වන්න බෑ. අහු වුණේ නැත්නම් ලාභය කොපමණද? ඊළඟ පාර ඔය දඩයත් අල්ලන්න එක්කම ලාභ ගනී. රත්තරන් හොරෙන් පන්නන එකත් එහෙමමයි. පාලකයන් නීති ප්‍රතිපාදන සංශෝධනය කර හෝ දඩ මුදල භාණ්ඩයේ වටිනාකමට වඩා සිටින සේ දඩ ගැසිය යුතුයි. හිර දඬුවමකුත් එක්කම....
මේ කියන වල්ලපට්ටා අපේ අය තොග වශයෙන් පිට රට යවන්න තැත් කරන්නේ ඒ රටවල මෙයට ඉල්ලුමක් තිබෙන නිසානේ. ඇයි රජයට මේ දෙය නීත්‍යනුකුල ලෙස පිට රට යවන ක්‍රමයක් ගැන මහජනයාව දැනුවත් කරන්නට බැරි? එසේ කොලොත් මෙය වගා කොට කෙනෙකුට අදායමක් ලබා ගත හැකියි. එසේ නොකොට, හැමදාම ගුවන් තොටුපොළෙන් වල්ලපට්ටා තොගයක් අලාගත්තා යයි පුරාජේරු කීමේ අර්ථයක් නැහැ.
නොදන්න නිසා අහන්නේ. ඕවා රාජසන්තක කළා කියන්නේ රටකට වැඩක් වෙනවද? නැතිනම් විනාශ කරනවද? එහෙමත් නැතිනම් ඕවා අල්ලපු කට්ටියම හොර පාරෙන් විකුණනවද? මෙච්චර ආදායමක් තියෙනවා නම් ඇයි මේවා අතෑරලා දාලා තියෙන ඉඩම්වල හිටවන්නනේ නැත්තේ...? ව්කුණන ක්‍රම නීතිගත කරන්නේ නැත්තේ?
වල්ලපට්ට ගැන නොදන්නා අය මේක වගා කරමුලු. වල්ලපට්ට හැම ගහකම ඔය වටිනා කියන මදය නැහැ. ගස් 1000න් එකකට වගේ තියෙන්නේ. අනික ඔය දිලීරය හැදෙන්න වසර 20-30ක් හෝ ඊට වැඩි ගණනක් යනවා. වල්ලපට්ට නිකන් ඕකිඩ් මල් වවනවා වගේ කරන්න බැහැ.
වල්ලාපට්ටා හොරෙන් රට පටවනවා, ගංජා හෙක්ටෙයාර් ගණන් ගිනිබත් කරනවා. පර්යේෂකයෝ තුට්ටු දෙකට රට්ටුන්ට සේවය කරනවා. කුණුකඳුවලට යටවෙලා මිනිසුන් මැරෙනවා. අපේ පාලකයින් මේ රත්තරන් ආකරවලින් වැඩගන්නේ කවදාද.
වල්ලපට්ට නිසාම අවංකව රාජකාරිය ඉෂ්ට වෙලා වගේ??