(සමන් කුමාර)
හෘද රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ට් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම්පහ විද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ට් එකක් නව මිල අනුව රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් 350,000 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 150,000 ක් දක්වා මිල අඩු කර ඇත.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිබේ..
හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ට් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටි බැවින් ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ට් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේට නම් මේවා අවශ්‍ය නැත. මොකද මේවා අවශ්‍ය වන්නේ හදවත් ඇති මිනිසුන්ටය.
සුනඛයින් ඔබ තුමාට බිරුවට, මොළේ කලඳක් හෝ තිබෙන මිනිස්සු ඔබ තුමාට දොස් කියන්නේ නැහැ. බෙහෙත් වල මිල අඩු කරන එක හොඳ දෙයක් . නමුත් ඒ ඔක්කොටම කලින් මේ රටේ ක්‍රියාත්මක වෙන වෙද මාෆියාව මර්ධනය කර විනාශ කර දමන්න. එය කල හැක්කේ ඔබ තුමාට පමණයි. මාෆියා කාරයෝ මෝඩයින්ව රැවට්ටුවට ඔබ තුමාව රවටන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ නිසා තමයි සුනඛයින් ලවා, ඔබ තුමාට බුරවන්නේ.
මෙයාව තමයි මුලින්ම මේ ආණ්ඩුවෙන් අයින් කරන්න ඕන. බුරනවා විතරයි වැඩ නැහැ.
බද්රානි බෙහෙත් ගන්නේ පිටරටින්ද? ඇයි ලංකාවේ දොස්තරලාට ඔච්චර බනින්නේ? ලෙඩක් හැදුණාම බෙහෙත් දෙන්නේ ඔයාද?
මේ ප්‍රතිචාර දමන සමහරුන්ට දෙවියන්ගේ හාල් කැවිලද? මේකේ මිල අඩුකිරීම නරකද?
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට නිසි වෙලාවට පහුගිය අවුරුදු දෙකේම බෙහෙත් ලබා දුන්නට ස්තුතියි. පෙර ආණ්ඩුව කාලේ අවස්ථා 2 කදී අපට සිදුවුනා ලක්ෂ 3 ක බෙහෙත් මිලදී ගෙන අපේ මවට ලබා දෙන්න.
ස්ටෙන්ට් මිල අඩු කළ එක නම් හොඳයි. නමුත් ඒක කරේ කොහොමද කියන එකයි ප්‍රශ්ණය. එක්කෝ මේවා ආනයනය කරන්නන් අධික ලාභයක් ගත්තා විය හැකිය. නැතිනම් ආණ්ඩුව මේවාට ඇති බදු වලින් අධික ලාභ උපයාගෙන ඇත. වඩාත් විය හැකි කාරණය දෙවැන්නයි.
දැන් ඔබතුමා ස්ටෙන්ට් නිකන් දෙනවා කිව්වා නේද?
මේවා අඩු කළාට මදි. ප්‍රසිද්ධියක් දෙන්නත් ඕනෑ. නැත්නම් ජවිපය බොරු කියාවි. මේ සේරම කරලා අන්තිමට රජයේ වෛද්‍යවරු පුද්ගලික වෙදකම් කරන එකත් නැවැත්තු දිනයට තමයි ඔබතුමා නිවන් දකින්න පිනක් කර ගන්නේ....
බෙහෙත් මිල අඩුකිරීම හොඳ දෙයක් වන අතර එයින් බොහෝ රෝගීන්ට යහපතක් වෙනවා නොඅනුමානයි. කවුරු මොනවා කිව්වත්, අද පසු ගිය කාලෙට වැඩිය රෝහල් වල බෙහෙත් තිබෙනවා. එ්කයි යථාර්තය. සමහරුන්ට මේ යථාර්තය දිරවා ගැනීමට ටිකක් අමාරු බවයි පෙනෙන්නේ....
වැඩ කරලා මහන්සි ඇතිනේ. කරමුද පොඩි ස්ට්‍රයික් එකක්...
අරවින්ද ලංකාවෙ ඉස්පිරිතාල ගැනද කථාකලේ? දැන් ඉස්පිරිතාලවල ග්ලූකොමීටර ස්ට්‍රිප් වත් නෑ...ඒවත් පිටින් ගෙනත් දෙන්න ඕනෑ ...ඕකද දිරවන්න අමාරු යථාර්තය?
ඔක්කොම හොරු තමයි බලාගෙන යනකොට...
මිල අඩු කලේ අැයි? එයත් හෘද රෝගියෙක්ද? කියපු බොරු, සොරකම්, පම්පෝරි, බයිලා, තමන්ගේ සොරකම් වහ ගන්න අනුන්ට හොරා කිව්වට මහජනතාව දනී.
මිනිස්සුන්ගේ කුහකකම බලාගන්න පුලුවන් හොඳ අවස්ථාවක් මේ නිව්ස් එකෙන්. කොච්චර හොඳ දෙයක් වුණත් කරන්නේ තමන් අකමැති කෙනා නම් ඒකට විරුද්ධ වෙන එක තමයි අපේ අයගේ කුහකකම. ඒක මේ දාල තියන කමෙන්ට් වලිනුත් අපූරුවට පේනවා.
සිහලුනි, කරන හරි දෙයට හරි කියමු කතා කරන දේවල් ඉවත දාන්න. දේශපාලනය පිළිකුලෙන් ඉවත දාන්න. තම ආගම අදහන්න. වැරදි දෙයට දේශපාලනය පසෙකලා එරෙහි වන්න.
මෙන්න ඇමැතිවරු. මේ වසර 2 ට වෛද්‍ය සේවයට මොනතරම් සේවාවක් කළාද? වෛද්‍ය මාෆියාව මර්ධනය කර ජනතාවට සහන සලසන්න.
මෙතන කොහොමද මිල අඩුකරලා කියලා නැහැ. ටැක්ස් එක අඩුකරලා තමන්ගේ හිතවතුන්ට ස්ටේන්ට් ගෙන්වන්න දීලා ඊට පස්සේ මිල වැඩි කරලා ගාන ගහගනියි. රවී මහත්තයාගේ ගුදම් වලින් ගහන හැටි කිව්වා වගේ.