( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් භාවිතා කිරීම තහනම් කිරිමට පොලීසිය ගෙන ඇති තීන්දුවට එරෙහිව පුද්ගලයින් තිදෙනකු ගොනු කළ පෙත්සම එම පෙත්සම්කරුවන් විසින් අද (04) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස් කර ගන්නා ලදී.
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන (ෆුල්ෆේස්) හෙල්මට් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය ගත් තීරණය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් යතුරුපැදිකරුවන් සඳහා ආරක්ෂිත හිස් වැසුමක් සකස් විය යුතු ආකාරය පිළිබඳ නව රෙගුලාසි මාලාවක් සකස් වී ඇති බවත් ,එබැවින් තවදුරටත් පෙත්සම පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොපවතින බවත් පෙත්සම්කරුවන්ගේ නීතීඥවරු අද අධිකරණයට දන්වා සිටියහ.
එබැවින් එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලෙසද එම නීතීඥවරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දෙන ලදී.
යම් හෙයකින් අදාළ නව රෙගුලාසි ක්‍රියාත්මක නොවුනහොත් යළි නඩු පැවරීමේ අයිතිය මත මෙම පෙත්සම ඉල්ලා අස් කර ගන්නා බවද පෙත්සම්කාර නීතීඥවරු අධිකරණයට දැන්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයෙ පෙරේදත් ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ගිහින් කොල්ල කෑමක් වාර්තා උනා. මේවට වග කියන්නේ කව්ද? පෙරකදෝරු ගැට ගහලා පොලිසියේ ඉල්ලීමට ඉඩක් නොදුන්නට හොරකමක් අපරාධයක් උනාම ඒවාට තැලෙන්නේ පොලිසිය.
ලංකාවේ පමණක් නොවේ, ලොව සියලුම රටවල යතුරුපැදි කල්ලි හොරම්කම් කරන්නේ ෆුල් ෆේස් හෙල්මට් දාගෙන ගිහින්. ඕනෑතරම් යූටියුබ් එකේ තියෙන්නේ, වෙන විකල්පයක් සොයාගන්න ඕනෑ මේකට...
ෆුල් ෆේස් හෙල්මට් වලට බය මංකොල්ලකරුවන්, අපරාදකරුවන් බව පොලිසිය දන්නේ නැද්ද? ඔය පෙරකදෝරුවෝ කියන සමහර හොරුනුත් ඒ අයගෙන් කප්පම් ගන්න අය... පෙත්සම දෙනකොටම මාන්චුදාලා කොටුකර ගත්තානම් ගොඩක් මංකොල්ල අල්ලගන්න තිබුණා.
ඔවු ඔවු තහනම් කරමු.හොරකම් වැඩි වෙනවනම්.ඒ වගේම රෙදි වලින් මුණ වහල හොරු එන නිසා ලංකාවේම රෙදි අඳින එකත් තහනම් කරලා,හොරු වාහන වලින් එන නිසා ලංකාවේම වාහන පාවිච්චි කිරීමත් තහනම් කරලා දාලා,අන්තිමට ඔය හොරු ඇවිල්ල හොරකම් කරන්නේ සල්ලි රත්තරන් වාගේ දේවල් නිසා ඒවත් තහනම් කරලා දැම්මා නම් හරි.එහෙම නැතුව ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය උසස් කරලා හරියන්නේ නෑ.අර දේවල් තිබුණොත් තමයි හොරකම් කරන්නේ.නේද පිටගල මහත්තයා ?????? ටිකිරි මොලේ අපූරුව