(තරිදු ජයවර්ධන)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (4) පවත්වන පාගමන මහජන පිඩාවක් ඇති නොවන පරිදි සාමකාමිව පවත්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අධිකරණය එසේ නියෝග කළේ මෙම පෙළපාලිය නිසා මහජන පිඩාවක් ඇති වන බවත් කඩ සාප්පු වලට මගින් යාම අවහිර වන බවට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමිනි.
වෛද්‍ය පිඨ ශෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරින් වන සනත් බණ්ඩාර, විශ්ව ධනංජය ඇතුළු නවයකට එරෙහි ව පොලිසිය මෙම ඉල්ලීම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් උසාවියේත් පාලනයක් නැතිවෙලා වෙලා මේ යමපාලනය හින්දා.
පොලිසිය පුදුම බයකින්නේ ඉන්නේ, කාගේ අණින්ද ඔය උසාවි නියෝග ගන්න යන්නේ?
ලංකාවේ "කාලකන්නි" අන්තරේ කියලා තමයි කියන්න වෙන්නේ...
පොලීසිය මධ්‍යස්ථව කටයුතු කළාම ගැටුම් ඇතිවන්නේ නැත. මහජන හිරිහැරයක් වන්නේද නැත.
වෙදගේ මහත්තයෝ, ඔන්න ඔතන තමයි ගැටළුව. මධ්‍යස්තව කටයුතු කරනවයි කියන්නේ "ඕන විදිහට හැසිරෙන්න.... අපි අහක බලාගෙන ඉන්නම්" කියන එකනේ. ඇයි, ඊට වඩා වෙනස් දෙයක් කළොත් කියන්නේ ඔන්න පොලිසිය මේක කඩාකප්පල් කරන්න හදනවා කියලා. පෙළපාලි කාරයොත් මධ්‍යස්ත වුණොත් ඔන්න හරි. සිදු නොවෙන්නෙත් ඒකම නේ.
ඇයි මේකේ අදහස් දක්වා ඇති කිසිම කෙනෙක් මේ හොර සයිටම් උපාධි කඩය වසා දෑම්මනම් මේ ප්රශ්නය ඉවරයි නේ?