(හර්ෂණ තුෂාර සිල්වා)
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදීම සඳහා ටෙන්ඩර් කැඳවන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඇති ආපනශාලාවේ අලෙවියට ඇති ආහාර මාළු සහිත ආහාර ඇතුළත් නැතැයි එහි වෙළෙඳුන් අමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වෙළෙඳුන්ගේ පැමිණිල්ල සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ අවශ්‍යතාව සැපිරීමට ආපනශාලාව පවත්වාගෙන යන පාර්ශවයට නොහැකි නම්, නැවත ටෙන්ඩර් කැඳවා ආපනශාලාව පවත්වාගෙන යෑම වෙනත් පාර්ශවයකට ලබාදෙන්නැයි අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ දිනකට මත්ස්‍ය මෙට්‍රික් ටොන් 350ත් 400ත් අතර ප්‍රමාණයක් අලෙවි වන අතර ගැවසෙන වෙළෙඳුන් හා පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය 3000කට ආසන්න වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හරිනේ මාළු පාන් වල මාළු නෑ. ගල් බනිස් වල ගල් නෑ. කිඹුලා බනිස්වල කිඹුල්ලු නෑ.
පැරණි කියමනක් නිවැරදිබව මෙමගින් සනාථ වේ. වඩු කාර්මිකයාගේ ගෙදර ඉඳගැනීමට පුටුවක් නොමැත.
මාළු විකුණන අය දන්නවා එ් මාළු පරිභෝජනයට නුසුදුසුයි කියලා.
මෙම ස්ථානය මර්වින්ට සුදුසු තැන. එතුමාට කිව්වා නම් වැඩේ සාර්ථකව විසඳාවි...
හරියට පාර්ලිමේන්තුවේ දේශපාලකයෝ නැහැ වගේ තමයි. ඉන්නේ කසිප්පු කාරයොයි, තැබෑරුම් කාරයොයි, මාල හොරුයි හා එහෙම නෙවෙයිද ?