අරණායක අවතැන් වු ජනතාව වෙනුවෙන් මිලියන 921 ක් අරණායක අවතැන් වු ජනතාව යථා තත්වයට පත් කිරිම වෙනුවෙන් මිලියන 921 ක් පමණ වියදම් කර ඇති බවත් එයින් වියළි සලාක සඳහා මිලියන 30 ක් නිවාස සඳහා මිලියන 614 ක් ද , යටිතල පහසුකම් සඳහා මිලියන 114 ක්, වන්දි ගෙවිම සඳහා මිලියන 163 ක් වැය කර ඇති බව කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අරණායකදි පැවසිය. 15 May 2017
කඩුගන්නාවේදී දුම්රියට ගල්ගැසූ තරුණයන් 4 ක් අත්අඩංගුවට කඩුගන්නාව හා බලන දුම්රිය ස්ථාන දෙක අතර පළමු බිංගෙය අසලදි කොළඹ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට ගල් ගැසූ තරුණයන් 4 දෙනෙකු කඩුගන්නාව පොලිසිය හා දුම්රිය විශේෂිත ආරක්ෂක ඡංගම සේවය මගින් කළ විශේෂ මෙහයුමකදි අත් අඩංගුවට ගන්නා ලද බව කඩුගන්නාව පොලිසිය කියයි. 15 May 2017
විග්නේශ්වරන් ෆෙඩරල් පාලනයක් ගැන ඇමරිකානු නියෝජිතයන් සමග සාකච්ඡාවක ඇමරිකානු කොන්ග්රස් මණ්ඩල සභිකවරයකු හා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපතිවරයා උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන් මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. 15 May 2017
එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වුවහොත් ඕනෑම අවස්ථාවක බලය ලබා ගැනීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයට පවතින බවත් සභානායක සහ මහාමාර්ග හා විශ්ව විද්‍යාල බාර අමාත්‍ය අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. 15 May 2017
සිවාජිලිංගම්ගේ නාඩගම් ඩයස් පෝරාවෙන් වාසි ගන්නයි - ඇමැති රුවන් ත්‍රිවිධ හමුදාව දිනාගත් නිදහස භුක්ති විඳමින් උතුරේ පහන් පත්තු කරමින් ත්‍රිවිධ හමුදාව හෑල්ලු කරන්න ඉඩ නොදෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද අරණායකදී පැවැසීය. 14 May 2017
සයිටම් සම්බන්ධ තීන්දු තීරණ රැසක් හෙට මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් හෙට (15) ප්‍රකාශයට පත්කරන බව මහා මාර්ග හා උසස් අධ්‍යාපනය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර දී අද(14) පැවැසීය. 14 May 2017
මහනුවර ප්රකාශනය එළිදකී එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය මුල් කරගෙන පුළුල් ජාතික සහ අන්තර්ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපට භාග්‍යය ලැබුණු බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ සමාප්ති උළෙලේ දී පැවසීය. 14 May 2017
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය කල්දමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ ඉල්ලීමක් මත කල්දැමූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 14 May 2017
පක්ෂයේ තීන්දු වලට පිටුපෑවොත් විනය පියවර ගන්න වේවි - සන්ධානයේ මහලේකම් එක්සත් ජනතා සන්ධානයෙන් ඉදිරිපත් වී මන්ත්‍රී ධූර ලබා ගත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රී වරුන් පක්ෂයේ තීන්දු වලට පිටුපා විනය විරෝධීව කටයුතු කරන්නේනම් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න සිදු වන බව එක්සත් ජනතා සංධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. 14 May 2017
‘කැබිනට් සංශෝධන ගැන මම නම් දන්නේ නෑ‘ - රවී කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. 14 May 2017
මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එජාපයට ගැනීමේ තැතක් මධ්‍යම පළාත් සභාවේ මහ ඇමැති ධූරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීම සඳහා අගමැතිවරයා සමග සාකච්ඡා කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා කියයි. 14 May 2017
‘ගීතාගේ ඉරණමෙන් අනෙක් මන්ත්‍රීවරුන්ට බලපෑමක් නෑ‘ ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් කුමන තීන්දුවක් ප්‍රකාශයට පත්වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ ධූරවලට කිසිදු බලපෑමක් සිදුනොවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.මොහොමඩ් මහතා පවසයි. 14 May 2017
අගමැතිගෙන් අවුන්සාන් සුකීට ආරාධනාවක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී මහත්මිය අතර අද(14) සාකච්ඡාවක් පැවැත්විණි. 14 May 2017
කෝටියක මත්කුඩු සමග පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ඩුබායි සිට කටුනායකට ගුවනින් රැගෙන එනු ලැබු රුපියල් කෝටියක් පමණ වටිනා බ්රව්රන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් මත්කුඩු කිලෝ 01ක් සමග පකිස්තාන ජාතිකයෙකු අද(14) රේගු මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගනු ලැබිණි. 14 May 2017
ඉන්දීය නෞකාවක් දකුණු මුහුදු තීරයේ ජලමාන සමීක්ෂණයක ශ්‍රී ලංකා-ඉන්දියා නාවික හමුදා අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කරමින් ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වැලිගම මුහුදු බොක්ක හා දකුණු මුහුදු තීරය ආශ්‍රිතව ඒකාබද්ධ ජලමාන සමීක්ෂණයක් පවත්වා ඇත. මාස දෙකක් පුරා කරන ලද මෙම සමීක්ෂණයෙන් නාවික සැතපුම් 7000 ක පමණ ජලමාන සමීක්ෂණ දත්ත එකතු කර තිබේ. 14 May 2017
මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අල්ලන්න මහජන සහය පතයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්ශන කණ්ඩායම් විසින් පොලිස් චිත්‍ර ශිල්පියකු ලවා සිතුවම් කරනු ලැබ තිබේ. 14 May 2017
කැබිනට් සංශෝධනය කරන තුරු කැබිනට් රැස්වීම් අත්හිටුවයි කැබිනට් සංශෝධනයක් කරන බවට තමන් ජනතාවට පොරොන්දු වී ඇති බැවින් කැබිනට් සංශෝධනයේ පොරොන්දුව ඉටුකරන තුරු සතිපතා කැබිනට් හමු නොපවත්වන බවට ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ. අගමැතිවරයාගේ චීන සංචාරයෙන් පසුව යෝජිත කැබිනට් සංශෝධනය කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්රිමසිංහ මහතා තීරණය කර ඇත. 14 May 2017
ගුරු - විදුහල්පති ගැටළුවලට විසඳුම් ඉල්ලා මහ සමුළුවක් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙතෙක් නොවිසඳූ ගැටළු විසඳීමට බල කරමින් මහ සමුළුවක් පැවැත්වීමට තීරණය කළ බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව කියයි. 14 May 2017
සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම නවත්වන්නැයි රජය ඉල්ලයි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරිම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනිම අත්හිටුවන්නැයි සයිටම් ආයතනයෙන් රජය ඉල්ලීමක් කර තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා රජය මෙම ඉල්ලීම කර තිබේ. 14 May 2017
දෙවොල් දෙකක් බිඳ ලක්ෂ 5 ක බඩු සොරකම් කරති මඩකලපුව කාත්තාන්කුඩි ආරයම්පදියේ දේවාල දෙකක් එකම අවස්ථාවේ කඩා වටිනා පහන් හා දේවාලයේ භාණ්ඩ සොරකම් කර ඇතැයි කාත්තාන්කුඩි පොලිසිය පවසයි. 14 May 2017
හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී ඇතිවූ දේපළ හානිය ගැන පැමිණිලි 10 ක් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැමිණි එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ තාප්පයක් කඩා වැටිමෙන් නිවාස වලට සිදුවු අලාභය සම්බන්ධයෙන් සමනළගම ගම්වාසින් 10 දෙනකු හැටන් පොලිසියට පැමිණීළි 10 ක් ඉදිරිපත් කර ඇතැයි හැටන් මුලස්ථාන පොලිස් පරික්ෂක පුෂ්පකුමාර හෙට්ටිආරචිචි මහතා පවසයි. 14 May 2017
ඉන්දීය අගමැතිගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් - විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නෝර්වුඩ් කතාව බෙදුම්වාදයට රුකුලක් යැයි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය චන්න ජයසුමන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 14 May 2017
අධිවේගී මාර්ගයේ අනතුරෙන් කතක් මියයයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර දකුණ ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් හා වෑන් රථයක් ගැටී සිදූවූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇත. දානමය පිංකමක් සඳහා යමින් සිටි වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක බරපතල තුවාල ලබා ඇති අතර එහි රියදුරු කම්පනය හේතුවෙන් රෝහල් ගත කර සිටී. 14 May 2017
සයිටම් විරෝධී රැළියට බාධා කිරීමෙන් ගම්පහ උණුසුම් වෙයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 13 May 2017
රබර් කර්මාන්තශාලාවේ ගින්නෙන් නිවාස වලටත් හානි මහරගම ඇරැව්වලදී අද අලුයම රබර් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් අසල නිවාස කීපයකට ද හානි සිදුව ඇතැයි මහරගම පොලිසිය කියයි. 13 May 2017
කහ ඉර මතදී යතුරු පැදියේ හැපුණු දරුවා මියයයි ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ඉදිරිපිට පදික මාරුවෙන් ගමන් ගනිද්දී යතුරු පැදියක ගැටී අනතුරට පත් නව හැවිරිදි දරුවා අද මාතලේ රෝහලේ දී මිය ගියේය. 13 May 2017
නේපාල ජනාධිපතිනී සැපැත්වෙයි එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් සමාප්ති උළෙලට සහාභාගී වීමට නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී භන්දාරි මහත්මිය මීට සුළු මොහොතකට කලින් කටුනායක ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියාය. 13 May 2017
නිධාන් ගන්න ගිය හතරක් අත්අඩංගුවට බිබිල නාගල නාමිරිත්තකැටිය ගම්මානයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් හාරමින් සිටි බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු පෙරදින 12 දින රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 13 May 2017
වෛද්‍ය සභා භූමියෙන් අත්බෝම්බයක් සොයාගනී කොළඹ මරදානේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා භූමියේ තිබී පුපුරා නොගිය අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය කියයි. 13 May 2017
අගමැති රනිල් චීනයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය. 13 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026