( තිළිණි ද සිල්වා )
සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා මේ බව කීය.
එසේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන පනතෙහි 25 වැනි වගන්තිය අනුව උපාධි ප්‍රදාන ආයතන සම්බන්ධයෙන් බලයලත් නිලධාරියෙකු විසින් නිර්දේශ ලබා ගත යුතු බවත් , එම පනතෙහි 70 වැනි වගන්තිය අනුව එම බලයලත් නිලධාරීන් නම් කර ඇති බවද ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කීය.
අදාළ වගන්තිය මඟින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම බලතල පවරා ඇති බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේය.
නමුත් සයිටම් ආයතනය සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් හෝ අනුමැතියක් ලබා දී නැති බව පසුගිය වාර්තා පිරික්සීමේදී තහවුරු වන අතර සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස ප්‍රකාශ කිරීම නීතීවිරෝධී බවත් ,උසස් අධ්‍යාපන ඇමතිවරයා එසේ ප්‍රකාශ කිරීම හරහා නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා (04) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය සබාව මේවා කියන්න ආණ්ඩුව වෙනස්වෙනකම් හිටියේ මොකද දන්නේ නේ
ඕකත් තජුදීන් නඩුව වගේ ඔහේ ඇදී ඇදී යාවි...
රන්ජිත් මහත්මයා ඔබ දැනගෙනම බොරුකියනවද? නැත්නම් නොදැන කියනවද කියලා දන්නේ නැහැ කොහොම වුණත් පසුගිය ආණ්ඩුවෙන් තමයි මහාචාර්ය කාලෝ පොන්සේකා වෛද්‍යසභාවට පත්කරන්නේ.. එ්ත් එතුමා කවදාවත් ම ඒ සහතිකේ දුන්නේ නැහැ. එදා දුන්නෙත් නැහැ. මේ ආණ්ඩුවේදීත් දුන්නේ නැහැ.
ගරු අධිකරණයෙන් සාධාරණය ඉටුවේවා. නිදහස් අධ්‍යාපනය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට අවනීතියට කටයුතු කරන චන්ඩියන්ට නිසි දඩුවම් ලබාදෙත්වා. නීතියේ ගරුත්වය උත්තරීයත්වය රැකේවා.
අර බෙහෙත් විස වෙලා මැරුණු ළමය ගැන මොකද කියන්නේ? ප්‍රමිතිය වැඩිවෙලාද ?
මොන විකාරද? මේකට තියෙන සුදුසුකම් ලෝකේ වෙන කිසිම වෛද්‍ය විද්‍යාලයකට නැහැ. සයිටම් ආරක්ෂක බලකායේ ඇමැතිවරුම තුන් දෙනෙක් ඉන්නේ.. ඉතින් මොකද උපාධි දෙන්න බැරි?
සයිටම් ආයතනය උපාධි ප්‍රදාන ආයතනයක් ලෙස පිළිගැනීමට තරම් අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති වුණත් චීනයේ හෝ බංගලාදේශයේ හෝ නේපාලයේ තියෙන උපාධි ප්‍රදාන ආයතන වල කිසිම අඩුවක් නැති එකයි පුදුමේ....
සයිටම් කට්ටිය තම ඇහැරලා නැද්ද කොහෙද, තව ටිකකින් මේකේ සයිටම් විරෝදිව අදහස් දාන ඒවාට අකමැත්ත ප්‍රකාශ කරයි හොදට. එකත් ඉතින් හොර වැඩ තම, මොකද පුවත බැලුවට වඩා කට්ටිය අදහස් වලට අකමැත්ත ප්‍රකාශ කරලා
දැන් ආණ්ඩුවෙන් කරන වැරදි, ගිය ආණ්ඩුවෙනුත් වුනා කිය කියා ඒවා සාධාරනීකරණය කරන ගොන්නුන් ගැන කනගාටුයි. ගිය ආණ්ඩුවෙනුත් වුනා නම් මේ ආණ්ඩුවෙනුත් ඒ වැරදි කරාට කමක් නෑ කියන මේ මෝඩ පිරිස කව්රුද. රටේ උන්නතිය සහ අනාගතය ගැන නොසිතන, බඩ ගොස්තරය පමණක් සිතන, ස්වාධීනව සහ බුද්ධිමත්ව සිතන්නට හැකියාවක් නොමැති, පක්ෂ වලට වහල් වූ පිරිසයි. දේශපාලකයන් ජනතාව ඇන්දවීමට කියන ඕනෑම කතාවක් මොවුන් ඇත්ත ලෙස සිතයි.
මේ නීතිජ්න මහතා කියන්නේ උපාධි ප්‍රධානයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුමැතිය දිය යුතු බවයි. මේක මහා විශාල ප්‍රශ්නයක් නොවෙයි.
ඔය කිව්වට මඩකලපුව වගේ වෛද්‍ය විද්‍යාලවලත් හරි හමන් ප්‍රමිතියක් නෑ. ඉන්න ගොඩක් සිසුන් Z ස්කෝර් ප්‍රශ්නේ නිසා පිනට (බෝට්ටුවෙන්) අාපු අය. අනිත් අය සමහරක් හොර ලිපින දාල දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උසස් පෙළ ලියලා ගිය අය. වගකීමෙන් කියන්නේ. නම් ගම පවා කියන්න පුළුවන් ඕනෑනම්. මගේ පන්තියේම දෙන්නෙක් ඉන්නවා.
උපාධි සඳහා සයිටම් ආයතනය නිර්දේශ කර තිබේ. අගමැතිතුමාට ගැසට් වාර්තාව පිළියෙළ කිරීමට බලය ඇත.