(තරිඳු ජයවර්ධන)
රටේ අධිකරණ ඇමතිවරයා සිය වගකීම් හරි හැටි ඉටු කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
වංචා දූෂණ පරීක්ෂණ 88ක් අවසන් කර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නිතිපති දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබ ඇතත් ඉන් නඩු පවරා ඇත්තේ නඩු 15කට පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
ප්‍රශ්න ඇත්තේ පොලිසියේ නොවන බවද ප්රශ්නය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණයේ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව කීවේ මහජන පුස්තකාලයේ පැවැත්වෙන ව්‍යවස්ථාව ගැන සම්මන්ත්‍රණයක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාදයගෙ මුනෙනුත් පේනවා හරිම අවංක " මහත්තයෙක් "කියල .මෙයාල නේද කෝප් වාර්තාවට අනං මනං ලිව්වේ .
හරි හරි. අනෙක් අයගේ වගකීම ඉටුවෙන හැටි අපි දන්නවා.
කොමිසමේදී බොරු ඇද බෑවානම් කරුණාකර පාර්ලිමේන්තුවෙන් නෙරපා දමන්න. එජාපෙ මේ අවනම්බුවෙන් ගැලවෙන්න ඕනේ නම්, මොහුව ඉවත්කර ඡන්දය දෙන්න.
ඇමැතිතුමනි, නිකන් කටින් විතරක් කියලා මදි.. රංජන්, පාලිතලත් එක්ක සටනට බහින්න. නැතිනම් ඊ ළඟ ඡන්දයේදී උත්තර ලැබේවි!!!
බණ්ඩාරගම පැත්තේ කුඹුර ඉඩම් ගොඩකරලා දාන්නේ යහපාලකයෙක් හින්දා වෙන්න ඇති...
ඕකටත් ෆුට් නෝට් එකක් දමන්න. විජේදාස මැතිතුමාට කියන්න. බැඳුම්කර කොමිසමේ ඔයාලාට ලැබුණු සන්තෝසම් එළිවෙනකන් අපි බලාගෙන ඉඳිමු.
අන්න එක්කෙනෙක් ප්‍රසිද්ධියේම මහා බැංකුව මංකොල්ලකාලා. සිය වගකීම් හරි හැටි ඉටුකරනවා නම් ඒ ගැනත් හොයලා බලන්න. මොකද ඒ වංචාව රටේ ආර්ථිකයට තදින්ම බලපානවා.
මෙතුමාත් බැඳුම්කරයෙන් වාසි ලැබුණු කෙනෙක් කියලා ෆේස්බුක් එකේ තිබුණා.
මේ අර බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හරියට කළ ෆුට් නෝට් කල්ලියෙන් නේද?
ඔබ හරි
අධිකරණ ඇමැතිතුමෝ, පුංචි ප්‍රශ්නයක් අහන්නම්!!! කවුද එතකොට දැන් දරුණුම හොරා?
මූණ බලලා අවංකකම කියන්න තරම් ඔහේලා දක්ෂ වුණ හින්දා තමයි කලින් නායකයෝ මුළු රටම විකුණන් කාලා විනාශ කරලා ගියේ. අපිව අවුස්සගන්න එපා. අවංක හින්දා තමයි කතා කරන්නේ. පුළුවන් නම් නෑ..., කියලා ඔප්පු කරන්නකෝ.
අධිකරණය මන්දගාමී. අධිකරණ ඇමතිවරයාට කිසිදු උවමනාවක් නැත වේගවත් කිරීමට.
ජනපතිතුමාට අනීවාර්යයෙන්ම තීරණයක් ගන්න වෙනවා
විජේදාස මහතාගේ නොහැකියාව අලුත් දෙයක් නෙමෙයි.
මම හිතනවා අධිකරණ ඇමති විජේදාස මහතාට ආචාර්ය උපාධියක් තියෙන්නේ නීතිය සම්බන්ධව කියා. එ්නිසා ඒ මහතාගේ දැනුම හා අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන නඩු ප්‍රමාදවීම් වැලක්වීමට ක්‍රියාදාමයක් සකස් කරනවා නම් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක මහතුන්වගේ ඉතිහාස ගතවෙනවා. දශක ගණනාවක සිට බලයට පත්වන හැම ආණ්ඩුවක්ම මේගැන කතාකරනවා. ජනතාවත් හැමදාම මැසිවිලි නගනවා. මේක ඔබතුමාට හොඳ අවස්ථාවක් ඉතිහාස ගතවන වැඩක් කරන්න.
අධිකරණ ඇමතිවරයා ඉවත් කරදමා වහාම හොරු නීතිය ඉදිරියට ගේන්න.