(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ විමසීම ලබන 29 වැනිදා සිදුකිරීමට කොළඹ දිසා අධිකරණය අද (03) තීන්දු කළේය.
එම පක්ෂයේ සාමාජිකයින් දෙදෙනකු විසින් එම පැමිණිල්ල ගොනු කර තිබිණි.
අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අතර එහිදී එම විරෝධතාව පිළිබඳ විමසීම් විභාගය එදිනට කල් තැබීමට ප්‍රධාන දිසා විනිසුරුවරයා තීන්දු කළේය.
වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවත් දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.
ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව පක්ෂයේ සාමාජිකයින් රටපුරා විසිරී සිටින අවස්ථාවක එනම් දුරකථනයෙන් පවා සම්බන්ධ කර ගැනීමට නොහැකි අවස්ථාවක දෙවැනි වගඋත්තරකාර පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා අත්නෝමතික හා නීතීවිරෝධී ලෙස ඔහුට පමණක් සීමාවූ හේතු මත හිතුවක්කාර ලෙස සභාපතිවරයෙක් පත් කර ගත් බව පැමිණිල්ලේ සඳහන් වේ.
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එම පක්ෂයේ සභාපතිවරයා බවට අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් , 2015 ජනවාරි 16 වැනිදා දක්වා විධායක සභාවේ හා මධ්‍යම කාරක සභාවේ පැමිණිලිකරුවන් දැරූ තත්ත්වයේ වෙනසක් නොමැති බවට අධිකරණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම විවාද වලදී හා ඒ දවසවල පැවැත්වුණු ගොඩක් සාකාච්ඡාවලින් ම දැනගන්න ලැබුනේ ශ්‍රීලනිපයේ ජනාධිපතිවරයකු අලුතෙන් පත්වන විට එතුමා නිතරගයෙන්ම පත්වෙන ලෙසට හිටපු ජනපති ගරු මහින්ද මහතා විසින් ම නීති වෙනස් කළ බවක් හා එය එතුමා සමග සිටින බොහෝ දෙනෙක් එය පිළිගත් බවකුයි. එය ඊට පෙර ජනපතිගේ උපන් දිනය යෙදෙන දිනට බලපැවැත්වෙන පරිදි කාලය කියලයි දැනගත්තේ. ඉතින් එහෙම නම් දැන් වෙනස් මතයක් හෝ ගිජු බවක් දක්වන්නේ අැයි?
ජනතාවට හැමදාම දකින්න තිබෙන්නේ මොවුන්ගේ පක්ෂ දේසපාලන ප්‍රශ්න මිස රටේ සංවර්ධනය ජනතා ශුභ සිද්ධිය වෙනුවෙන් කෙරෙන දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙම නැහැ. උදේට පක්ෂ විපක්ෂ දොගොල්ලන්ම එනවා පාර්ලිමේන්තුවට මොන්ටිසෝරි දරුවන් වගේ හැසිරිලා නිකන් දෙන බත් පිඟාන කාලා ගෙදර යනවා. හැබැයි මොවුන් සියලු දෙනාම අඩු නැතුව සියලුම වරප්‍රසාද ලබනවා. වෙන රටවල ලංකාවේ තරම් දේශපාලකයන්ගේ මේ වගේ නොමනා හැසිරීම් දකින්න ලැබෙන්නෙම නැහැ. අපේ ජනතාව ඉතාමත් පව් කරලා වගේ.
අපිට නම් මතක මහින්ද විසින්ම පක්ෂ සභාපතිකම මෛත්‍රීට බාරදුන්න කියලා. මැදමුල්ලනේ අර ගෙදර තිබෙන දිග පුටුවේ වාඩිවෙලා ඉඳගෙන කීවා කියලයි... ... දැන් මේ සභාපතිකම ඉල්ලන්නේ මහින්ද මහතා නොව ඔහුගේ අනුගාමිකයෝ නේද? මහින්දත් ඒකට කසාය බීව අර කව්ද වගේ නිශ්ශබ්දව දෙනවා නම් අරන් දෙන්න කියන ලෙසට ඉන්නවා.
බලයේ ඉන්නකලේ හරියට කලානම් මේවගේ තැනකට වැටෙන්නේ නැත.
මතක නැද්ද මධ්‍යම කාරක සභාවෙදී යෝජනා කළා චන්ද්‍රිකා මැතිණිව යාවජීව සභාපති කරන්න. එතුමිය ඒක ප්‍රතික්ෂේප කළා.. එදා එතුමිය ඒ යෝජනාවට කැමති වූවානම් අදටත් පක්ෂයේ සභාපති එතුමියයි.