(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය.
කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සම්බන්ධව කොමිසමට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා - “ ‘ඇපල් ගිණුමේ මුරපදය’ ලබා දුන්නා නම් මෙම කතාව එතැනින් අවසන් නේද? ඇයි මේ තොරතුරු නොදෙන්නේ?“
ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා -“මෙම තොරතුරු ලබාදීමට මගේ සේවාදායකයා සෑම උත්සහයක්ම ගන්නවා. මේ සියලු තොරතුරු තියෙන්නේ සිංගප්පුරූවේ “
තම සේවාදායකයා ඇපල් ආයතනයට ගොස් ‘ඇපල් ගිණුමේ මුරපදය’ සොයා ගැනීමට උත්සහ කරන්නේ යැයිද මෙම තොරතුරු සොයා ගත් වහාම ඒවා කොමිසමට ඉදිරිපත් කරන්නේ යැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරපදය දීලා කොහොමද? එතකොට හොරු සේරම එළිවෙන බව මේ නඩුකාර මහත්වරුන්ට තේරෙන්නේ නැද්ද.? හොඳම උත්තරේ තමයි මම දන්නේ නැහැ, මට මතක නැහැ, එ්ක තියෙන්නේ වෙන රටක කියන එකයි. එතකොට ප්‍රශ්නේ ඉවරයි. කොමිසම තව මාස තුනක කාලයකට දික් කරන්න 2020 වෙනකල්...
දැන් ඉතින් කාපල්ලකො ඇපල්...
ගණකාධිකාරීවරයෙක්... රටේ මුදල් අමැති, හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙනවා. නමුත් තම බිරිඳ සහ දියණිය රුපියල් මිලියන 165 කට පවුලට පදිංචියට ගෙයක් ගන්න කොට තමන් දන්නේ නැත්නම්? තමන්ගේ ටෙලිෆෝන් එකට එන එස්.එම්.එස් පණිවිඩ ගැන දන්නේ නැත්නම්, එක්කෝ විශාල මානසික අබාධයක් තිබෙනවා. එහෙම නැත්නම් තමන් කියන්නේ බොරුවක්... තත්වය මෙසේ තිබෙද්දී විදේශ අමැතිකම දැරිය නොහැක. කරුණාකර ඉල්ලා අස්වෙන්න.
රටේ දුප්පත්, අහිංසකයකු මෙවන් ප්‍රතිචාරයක් දුන්නේ නම් මේ කියන මුරපදය මොහොතකින් අරගෙන, දුප්පත් ජනතාවගේ ඡන්දය අරගෙන මෙතුමන්ලා වැජඹෙන හැටි දැක්කහම අනේ අපට අපේ ගැන, මේ රට ගැන දුකයි.
පාස්වර්ඩ් එක දුන්නා නම් කතාව ඉවරනේ ඇත්තට ඇපල් ගිණුමේ පාස්වර්ඩ් එක අමතක නම් එය රිසෙට් කළ හැකියි. ඇපල් ආයතනයකට ගියාට ඒවා ගන්න බැහැ. මේ මොන විහිළුවක්ද. ඵෆ්. බී. අයි. එකෙන් ඉල්ලුවත් ඒවා දෙන්නේ නැහැ. මතකද ඇමරිකාවේ සිද්ධිය... ලංකාවේ ජනතාව ගැන මෙයාල හිතන් ඉන්න තරම තමයි...
මුර පදයක් හොයන්න ඇපල් ආයතනයටම යන්න ඕන කියල ඇහුවමයි මේ! මෙයාලගේ පට්ට කෙබර වලට අහුවෙන ලංකාවේ සිංහල මිනිස්සු ඉන්නකම් හොඳයි ඉතින්. ඕනෑම මුර පදයක් අමතක වුණොත් ඒවා නැවත ලබාගන්නේ. එහෙම නැතිනම් ඒක වෙනස් කරන ඒක ඉතාම පහසුයි. තත්පර 30ක් යන වැඩක් සේවාදායකයෙකුට. ඒකට මොකටද සිංගප්පූරුවේ කාර්යාලයට යන්නේ?
මුරපදය reset කරන්න කොහොමද මෙච්චර කල් යන්නේ? විනාඩි 5 පුළුවන් මේක කරන්න. සිංගප්පුරු කතාව කිසිම අදාල කමක් නැහැ. E-mail එක විතරයි ඕනේ ! කාලේ අරගෙන backup එක මකලා දාන්න මේ හදන්නේ. මෙව්වට අහුවෙනවනේ !
ඕක අමතක වෙන්න? කොහොමද දන්නැහැ එයා ඕක පාවිච්චි කරේ
මොන බොරැවක්ද. මොකටද ඇපල් එකට යන්නේ? පාස්වර්ඩ් එක අමතක නම් ෆොගොටිමයි පාස්වර්ඩ් වලින් හොයාගන්න පුලුවන්නේ
කාවද මේ රවට්ටන්නේ? ඕනෑම මුරපදයක් නැති වුණානම් එ්ක නැවත සකස් කරගන්න හැකියාවක් තියෙනවා. ඇපල් සමාගමෙන් විශේෂ දුරකතනයක් දීලද දන්නේ නෑ හැබැයි.
කාවද මේ රවට්ටන්නේ? ඕනෑම මුරපදයක් නැති වුණානම් එ්ක නැවත සකස් කරගන්න හැකියාවක් තියෙනවා. ඇපල් සමාගමෙන් විශේෂ දුරකතනයක් දීලද දන්නේ නෑ හැබැයි.
යහපාලනයට ජයවේවා !!!