(රංජන් කස්තුරි)
සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය සහ 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට සකස් කර තිබේ. ඒවා ගැසට් කිරීමට හා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පළාත් පාලන ඡන්ද 2019-2010 වෙනකම් කල් දාගන්න අලුත්ම උප්පරවැට්ටිය! කතාව නම් යහපාලනය, ප්රජාතන්ත්රවාදය ගැන, හැබැයි මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අමු අමුවේ අවුරුදු ගණන් උල්ලංඝනය කරනවා. 2025 වෙනකම්වත් අාපහු මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් තියන්නේ නෑ. මෙයාල, 88-89 සෙල්ලමකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන බව පේනවා.
ඉතා හොඳයි. මැතිවරණ එකම දිනයක පැවත්වීමෙන් මුදල් විනාශය මෙන්ම බලයේ සිටින රජය බලය යුතු ලෙස යොදවා මැතිවරණ දුෂණය අවම කල හැක.
ඉතින් ඔච්චරම කරුණාවක් තියෙනවා නම් ඉතිරි පළාත් සභා ටිකත් විසුරුවලා මැතිවරණය එකට තියන්නකෝ. නගර සභා, ප්‍රාදේශීය සභා තියන්නේ නැතිව කල් දමලා රටම ඩෙංගු විමානයක් කරලා. තාමත් මේ අයට කත් අදින්න. කුලියට කහින්නත් මිනිස්සු ඉන්නවනේ.