(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය.
එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී කරුණානායක මහතා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.
කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ඔහුගෙන් සාක්කි විමසීය.
කොමිසමේ සාක්කි කූඩුවට ගොඩ වු විගස කොමසාරිස්වරුන්ට ‘සුභ උදෑසනක්’ ප්‍රාර්ථනා කළ කරුණානායක මහතා මීට පෙර කොමිසමෙන් කළ දැනුම් දීමට අනුව කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් කොමිසමෙන් සමාව ඇයැද සිටියේය.
ඒ අවස්ථාවේදී කරුණානායක මහතා ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ඔබගේ නීතීඥවරයා කොමිසම හමුවේ පෙනී සිටිමින් ඔබට ඇති අපහසුතාවය දැනුම් දුන්නේ යැයි කීය.
අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයට අදාළව ලබාගත් ඩිජිටල් වෝහාරික පරීක්ෂණ වාර්තාවේ රවී කරුණානායක මහතාට අදාළ කොටස කොමිසමට ඉදිරිපත් කරමින් ‘ගරු රවී’ සහ ‘ආර්.කේ.’ යනුවෙන් සඳහන් කරමින් යවනු ලැබු එස්.එම්.එස්. පණිවුඩ ගැන කරුණානායක මහතාගේ අවධානය යොමු කරනු ලැබුවත් ඒ පිළිබඳ කිසිවක් තමා නොදන්නේ යැයි පැවසීය.
අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන් ඇලෝසියස් එක හා සමාන කාල පරාසයක් තුළ අවස්ථා 13කදී සිංගප්පුරූ ගිය බවටද එක් අවස්ථාවකදී අමාත්‍ය රවී කරුණානායක මහතා සහ අර්ජුන් ඇලෝසියස් එකම දින එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිය බවටද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා වාර්තා පෙන්නුවේය.
තමාගේ මතකයට අනුව අර්ජුන් ඇලෝසියස් සිංගප්පුරූවේදී හමුවුයේ එක් අවස්ථාවකදී පමණක් යැයි කී කරුණානායක මහතා අර්ජුන් ඇලෝසියස්ගේ සීයාගේ කාලයේ සිට ඔහුගේ පරම්පරාවේ අය දන්නා නමුත් අර්ජුන් ඇලෝසියස් සමඟ පෞද්ගලික හෝ ව්‍යාපාරික සම්බන්ධතා පවත්වන්නේ නැතැයි වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.
මේ අතර කොමිසමේ සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අමාත්‍ය රවී කරුණානායක මහතා අමතමින් මේ සියල්ලටම තමන්ගේ පිළිතුර වන්නේ ‘මා කිසිවක් දන්නේ නැහැ’ නේදැයි විමසු විට ඊට ‘ඔව්’ යනුවෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා පිළිතුරු දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ තමගේ පවුලයි, ළමයයි, කරන දේ වත් නොදන්නා කෙනෙකුට අමාත්‍යංශයක් දීල කොටි දෙකක් ජනතාවට වෙන දේ මොකක්ද කියල තේරෙන්නේ නැතිද? මොකද ඔය කලිසමේ පැල්ලමක් කියල ඇහුවම කියයි එකත් මම දන්නේ නැහැ කියල.
අනේ මේ අහිංසක රවී " මහත්තයට " මේ මඩ ගහනවා නොවැ. බලන්නකෝ තොත්ත බබා වගේ සතර ගැනගන්න බැරි විදියට ඉන්න විදිය.
තොත්ත බබා
අපි තොත්ත බබාලා........දුමින්ද සිල්වා මගේ මස්සිනා වගේ.........
මෙවන් මිනිසුන් රටට මහත් විපත් ගෙනෙයි. හොර තක්කඩි ගති උපතින්ම ගෙනා බව මනාවට පෙනෙයි.
රටේ වගකීමක් දරන ඔබතුමාගේ මතක ශක්තිය හීන වෙමින් යන බව පෙනෙනවා ,විශ්‍රාම ගැනීමට කාලය ඇවිල්ලා ?ඔබලා බලයට ගෙනා අපි හදවතින් වැළපෙමු
මෙයාවත් අර මට මතක නැහැ කියපු කෙනා ඉන්න බෝඩිමටම යවන්න වටිනවා.
බබෙක් කතා කරයි...
ප්‍රශ්නයක් ඇතිවූවිට, දැන් අලුත්ම විදිය තමයි, "මේ කිසි දෙයක් මා දන්නේ නෑ, මේවා මට අය්ති දේවල් නොවේ" යයි කීම. පහුගිය ආණ්ඩුවේ කීපදෙනෙකුත් මේ කතාවම කිව්වා නේද?
අනේ මම බබා.
අනේ තොත්ත බබා මොකුත්ම දන්නේ නැහැ. මේකේ ඉන්න ලෝයර් ලා බාලාංශ පන්තියේ කියල හිතුවද?? මේ මොංගල් කතා පිලි අරන් මෙයාව තවත් තියා ගන්නවද ? කොහොමද මේ අයගේ උප්පරවැට්ටි. විදේශ අමාත්‍යංශයේ වෙබ් සයිට් එක මෙයා බදු අරන් වගේ, ආණ්ඩුවේ දේවල් එළිපිටම මිස් යුස් කරන හැටි එ්කෙම්ම පේනවා. මේ වගේ අය ඉන්න කල් මේ රටට දෙවියන්ගේම පිහිටයි.
කොටු පැන්නත් දන්නේ නැහැ, වැට් මෑන්
මේ බොරුව ගොතන්න තමි දවස් කීපයක් මගහැරියේ ,,,මම මුකුත් දන්නේ නේ ,,,මුකුත් දන්නේ නෙති යෝනිසෝ මනසිකාරයක් නැති පුද්ගලයකුට ඇමතිකමක් තිය කිසිම දෙයක් කළහැකිද,,, මොහුගේ ශ්රීක විද්‍යාව හොදින් නිරීක්සනය කල විට මොහු පැහැදිලිවම මෙම වන්චාවට සම්බන්ද බව පැහැදිලිය
මම දන්නේ නැත. මට මතක නැත!! නිමි!!!
එන්න පස්ස පැත්තට රෙදි කෑල්ලක් තියල වඩා ගන්න
රවී කරුණානායක යහපාලන රජයේ පළමු යවය කියවන්න හිටිය දවසේ ඔහුට විනිමය පනත උල්ලන්ඝනයකලා කියා නඩුවකට පෙනී සිටින්න සිදුවතිබුන. ඔහු නඩුව මගහැරලයි අයවැය කියෙව්වේ. මෙවන්නෙක්ට මෙවැනි තනතුරක් දීපු අය ගැන තමයි ජනතාව සිතිය යුත්තේ.
මේ හැමෝම කරන්නේ ජනතාව ගොනාට අන්දන එකයි. අපි හැමෝම රැවටිලා.
තමුන්ගෙයි කියන ළමයි තුන් දෙනා කාගේද කියල ඇහුවා නම් කියයි මම දන්නේ නැහැ... එ්ක මගේ බිරිඳගේ වැඩක් කියලා. අනේ අපේ හිටපු මුදල් සහ ඉන්න විදේශ ඇමතිතුමාගේ අතීතය මතක නැති හැටි.
ජනාධිපතිතුමාගේ පිරිසිදු ආණ්ඩුවේ සුපිරිසිදු ඇමැති බබා...
එතකොට වැසිකිළි ගියහම ඒ කටයුත්තත් අමතක වෙනවද දන්නේ නැහැ...
මෙතුමාගේ නෝනා නොකියන තව දේවල් තියෙනවාද මන්දා..?
තමන්ගේ බිරිඳ, දරුවන් කරන දේ දන්නේ නැති මනුස්සයෙක් කොහොමද වගකිවයුතු ඇමති කමක් දරන්නේ?
මෙයා නම් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්...
මෙයා කිසිම දෙයක් දන්නේ නැති කුක්කු පැටියා... පව්...
පොලිසියට ගෙනිහිල්ලා කකුල් දෙකෙන් බාල්කයේ එල්ලලා, ඔළුවට මිරිස්කුඩු බෑග් එකක් දමලා, 2x2 පොල්ලකින් ගැහුවා නම්... හරි හරි මම ඔක්කොම පිලිගන්නවා කියාවී... අපේ රටේ පොලිසිය මේ වැඩේට හරිම දක්ෂයි... හැබැයි දුප්පත්, අහිංසකයින්ට විතරයි... බලපුළුවන්කාර පොහොසත් අය දැක්කාම... බාල්කයේ එල්ලෙන්නේ පොලිසියයි...
"මම දන්නේ නෑ, හඳුනන්නේ නෑ, කාගේද මේ ළමයා.... අහලවත් නෑ. දැකලවත් නෑ. කාගේ කව්ද කියා ... " - එම්. එස් . ප්‍රනාන්දු ගේ පැරණි ගීතයක්...
විදේශ ඇමතිතුමාගේ මතකය නම් ඇලේ දාල ගන්න වෙනවා! විදේශ ඇමතිතුමා ඔයාට ලෝක සිතියමේ ලංකාව තියෙන තැන දැන් මතකද?
ඇත්තෙන්ම මහත්තයා ,ඔයාලාට ලැජ්ජාවක් එහෙම නැතිද?
අනේ මම කුලී නිවාසයකට යනකොට මාස්පතා කුලියක් ගෙවන්න ඕනෙද කියලවත් දන්නේ නැහැ?
අපි කොන්ඩේ බැඳලා කියල හිතන් ඇති.
රට චීනෙට විකුණුවත්, ලංකාවේ ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු නම් නෙවෙයි, එයාගේ කතා විශ්වාස කරන්න.
මෙයාට මොනවත් වෙන්නේ නෑ .... මොනවා කරත් !!!
රටේ ඡන්ද දායකයන් නුගත් මෝඩයින් බව මෙතුමා දන්නවා. මෙවන් නඩුවක් තියෙද්දී තමයි මෙතුමාට පාර්ලිමේන්තුවට යන්න ජනතා ආශීර්වාදය ලැබුනේ. තව ටික කලකින් අපි ගන්න පඩිය කන්න කෙසේවෙතත් බදු ගෙවන්න මදි වේවි
මෙයාලා දන්නේ නැහැ. අපි තමයි දන්නේ. දුකයි මේවට මොනවා කරන්නද අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා!
මට මගේ නොවන මගේම මාලිගාවක් තිබුනා මම ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිකම දැරුවා
මේ ගැන අපි දන්නේ 1990 ඉඳලා... ඒක දැනගෙනත් මුදල් ඇමැතිකම දුන්නේ ඇයි? මට "ශ්‍රී ලන්කන් " ඕනේ..... මට "ලොතරැයි මණ්ඩලය" ඕනේ .......කිව්වේ තවත් හොරා කන්න කියල මුළු ලංකාවම දන්නවා. අපේ රටේ නායකයෝ නිහඬ නම් "දෙයියනේ සුදුසු දඬුවම දෙන්න"
මහත්තයෝ, ඕක දැන් වහගන්නම බෑ. මහින්දගේ කාලේ මහේම දෙයක් වුණානම් සක්කරයා වත් දන්නේ නෑ. අන්න එතන පොඩි වෙනසක් තියෙනවා. නටපු නැටුම් අපිට මතකයි.
මේ වගේ කෙනෙකුව පාර්ලිමේන්තු යවපු අයත් ඉන්නවනේ රටේ...
මෙවැනි අය වෙනුවෙන් පෙනී සිටින දේශපාලකයන් ගැනත් ජනතාව තීන්දුවක් ගත යුතුයි.
ලංකාවේ තියෙන නීතියෙන් ලේසියෙන් රිංගල යන්න පුළුවන් නිසයි " මම දන්නේ නැහැ, මට මතක නැහැ " වගේ දේවල් කියන්නේ. ඔය අයගෙන් ප්‍රශ්න අහන්න නම් කපටි සහ බුද්ධිමත් විනිසුරුවන්, නීතිඥයින් අත්‍යාවශ්‍යයි. ඔය කියන පවුලේ උදවිය ගෙනැල්ලා, වෙන වෙනම එකම ප්‍රශ්නේ විවිධ විදිහට ඇහුවා නම් වැඩේ කෝට් වෙනවා ෂුවර් එකටම. පවුලේ හැමෝම එකවගේ කපටි වෙන්නේ නැහැ. මේ වගේ අයම බේරගන්න කියලා.. එයටම නමගිය කළු කෝට්කාරයොත් ඉන්නවනේ රටේ. ඒකත් එක හේතුවක්.. මේ අයට හිතේ හැටියට රටේ සම්පත් කාබාසීනියා කරන්න. මොනවගේ ප්‍රශ්න කරත්.., අගමැතිවරයාගේ සමීපතමයෙක් නිසා කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙදී අපිට බලාගන්න පුළුවන් රටේ ජනපතිද, අගමැතිද වඩා බලගතු සහ බුද්ධිමත් කියලා.
මුළු ලංකාවම 99 අවුරුදු බදු දුන්නත් පාලනය ගෙනියන්න මුදල් මදි වෙනවා. මේ විදිහට වියදම් කළාම.
බිරිඳ ගැන මෙතුමා නොදන්න තව කොපමණ දේවල් ඇත්ද? මිලියන ගණනක ගොඩනැගිල්ලක් ලැබුණේ කොහොමද? එතකොට අර්ජුන් මහත්තයගේත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? මම හිතන්නේ ඒකත් නොදන්නවා ඇති. පව්...
අම්මපා අපිට නැහැනේ මෙහෙම ගෑණු.....!
පිට මිනිහෙක් තමන්ගේ ගෙදර උන්දෑ ගත්ත ගෙට.., ගෙවල් කුලී ගෙවනකොට මොකවත්ම හිතුනේ නැද්ද හැබෑටම....
ගෙදර මුදල් පාලනය ගැන දන්නේ නැති කෙනා කොහොමද දන්නේ නෑ... රටේ මුදල් පාලනය කලේ? අනේ මෙහෙමත් හතර බීරි කතා.. මෙහෙම කෙනෙක්ට මුදල් පාලනයත් දුන්නනේ. ඕකට ජනාධිපති කොමිසමක් අහවල් එකටද?
මේවට කොහෙන් හිනා වෙන්නද කියලයි කල්පනා කරේ.
මුන්ව හිටුව පස්ගසා රජකාලේ දඬුවම් පැනවිය යුතුයි . දරිද්‍රතාවය ඒ සමග එන ළදරු සහ වැඩිහිටි මරණ දැන් වැඩිවෙලා තියෙන්නේ මුන් රටේ සල්ලි මංකොල්ල කන නිසයි !! චන්ද්‍ර වීරසිංහ