වනඅලි පහරදීමකින් දැරියක් මරුට වන අලි පහරදීමකින් ගල්කිරියාගම කරවිලගල ප්‍රදේශයේ දැරියක මියගොස් තවත් දැරියක හා කාන්තාවක තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 May 2017
අකුරැස්ස මහවංගුවේ බස් ගැටුමෙන් 52 ක් රෝහලේ අකුරැස්ස කියාඩුව මහ වංගුවේ දී ලංගම බසයක් හා පෞද්ගලික බසයක් අද (19) මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 52 දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි. 19 May 2017
දුන්හිඳදී වෑන් රියක් ප්‍රපාතයට යාමෙන් දෙදෙනෙක් මරුට බදුල්ල-මහිංයගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය ප්‍රදේශයේදී අද(19) අලුයම වෑන්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් එක් අයකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 19 May 2017
කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවූ අයෙක් මරුට කඩා වැටුණු වැල්ලවත්ත පස් මහල් ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිටි පුද්ගලයකු බේරාගෙන ඊයේ (19) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි පවසයි. 19 May 2017
පිළියන්දලදී වෙඩි වැදුණු සිසුවිය මරුට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. 19 May 2017
කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ. 19 May 2017
වසර හතරකට පසු රතුපස්වල මූනිස්සම් සොයයි ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළේය. 18 May 2017
මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් රවීගෙන් දින රහිත ලිපියක් මාර්ග සංවර්ධන කටයුතු සඳහා ගෙවීමට රුපියල් මිලියන 75ක මුදලක් අවශ්‍ය බව කියමින් දිනයක් රහිත ලිපියක් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මහා බැංකුවේ අධිපතිවරයාට යවා ඇතැයි බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් මහා භාන්ඩාගාරයේ මෙහෙයුම් අධක්ෂක ජනරාල් (විශ්‍රාමික) එම්.එස්.ඞී. රණසිරි මහතා පැවසීය. 18 May 2017
ආණමඩුව සමූපකාරයේ ඇතිවෙන්නට ගිය ගැටුම පොලිසියෙන් වළකයි ආණමඩුව විවිධ සේවා සමුපකාර ජන්දයෙන් තේරි පත්වු නියෝජිතයින් පිරිසෙන් අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අද (18) කැඳවා තිබු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බාධා කරමින් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුම පොලිස් නිලධාරින් මැදිහත්වීමෙන් වැළකී ගියේය. 18 May 2017
ලබන සඳුදා වරුවක් වෛද්‍යවරු වර්ජනයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) පැවැත්වූ සයිටම් විරෝධි පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය දැක්වීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ලබන සඳහා (22) වරුවක වෛද්‍ය වැඩ වර්ජනයක් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 18 May 2017
ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ලියාපදිංචිය දෙන්නේ නැහැ - මහාචාර්ය කාලෝ “ඔළුවෙන් හිටගෙන කිව්වත් ප්‍රමිතියෙන් තොර සයිටම් සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන්න් නැහැ“ යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මහාචාර්ය ෆොන්සේකා මහතා එසේ කීවේය. 18 May 2017
වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩාවැටී 21 කට තුවාලයි වැල්ලවත්ත සැවොයි අසල තට්ටු පහඩනැගිල්ලක් කඩා වැටී 21 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හතර දෙනකු තවමත් අතුරුදන් බවත් පොලිසිය කියයි. 18 May 2017
රජීව් ගාන්ධි ඝාතනයේ චූදිත මුරුගන්ට මව හමුවීමේ අවසරය ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙකු වන රජීව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන චූදිතයකුව එරට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින මුරුගන් නැමැත්තාට වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණ සිටින ඔහුගේ මව මුණගැසීමට මදුරාසි මහාධිකරණය විසින් අද (18) අවසරය ලබා දී ඇතැයි ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත්සේවය වාර්තා කරයි. 18 May 2017
මුතූර් පොලිසියේ ලොක්කා පුත්තලමට මාරු ත්‍රිකුණාමලය මුතූර් පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා ක්‍රියාත්මක වන පිරිදි පුත්තලම කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කරනු ලැබ තිබේ. 18 May 2017
කෝප් වාර්තාවට අභියෝග කළ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 8 දා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන සැප්තැම්බර් 08 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය. 18 May 2017
කෝටි තුනහමාරක රන් අබරණ ගෙනැවිත් රේගුවට අසුවෙයි රුපියල් තුන් කෝටි තුනහමාරක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ 27 හැවිරිදි ගුවන් සේවකයෙකු අද(18) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි. 18 May 2017
නුවරඑළියේ බසයක් මාර්ගයෙන් ඉවතට පැන 23 ක් රෝහලේ නුවරඑළියේ සිට පටිටිපොළ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් එම මාර්ගයේ රේන්දපොළ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැනිමෙන් බස් රථයේ ගමන් ගත් 23 දෙනකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. තුවාල ලැබූ අය අතර පාසල් ළමුන් කිහිපදෙනකුද සිටින බව පොලිසිය කියයි. 18 May 2017
ගස් කඩා වැටීමෙන් කැළණි මිටියාවතේ දුම්රිය ගමන් නවතී අධික වර්ෂාවත් සමග ගස් කඩා වැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇණ හිට ඇතැයි දුම්රිය පාලන අධිකාරිය පවසයි. උඩහමුල්ල, පැඟිරිවත්ත සහ නුගේගොඩ ප්‍රදේශවල දී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇතැයි කියති. 18 May 2017
පිටු 1200 ක නඩු වාර්තාව ගැන උපදෙස් ගැනීමට දීර්ඝ කාලයක් ඉල්ලයි හම්බන්තොට වරායේ චින සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට විරෝධය පළකරමින් අම්බලන්තොට දී ඉකුත් ජනවාරී 07 වැනිදා පැවැත්වූ විරෝධතාව සම්බන්ධ නඩුවේ පිටු 1200 කින් යුත් නඩු වාර්තාව පරිශීලනය කරමින් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට දීර්ඝ කාලයක් ලබා දෙන ලෙස නීතිපතිවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(18) ඉල්ලුවේය. 18 May 2017
කොටි සැමරුම් ප්‍රතිමාව විවෘත කිරීමට දින 14 ක වාරණයක් අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්‍රතිමාවක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන්නැයි නියෝග කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.අයි.එම්.සම්සුඩීන් මහතා අද(18) තහනම් නියෝගයක් පැනවීය. 18 May 2017
ඉදිරි වසරවලදී අධ්‍යාපන ක්ෂේත්රයේ වෙනස්කම් කරනවා - අගමැති ඉදිරි වසරවලදී අධ්‍යාපනය ක්ෂේත්රයේ සංශෝධන හා ප්රතිසංවිධාන කටයුතු රැසක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 18 May 2017
රන් බිස්කට් ඉන්දියාවට ගෙනන්න හැදූ 5 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 50 ක් වටිනා රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ මුම්බායි බලා රැගෙන යාමට උථ්සහ කළ පොට්ටනවුෆර්ගේ බිරිඳ , පුතා ඇතුළු 5 ක් කටුනායක අධිවේගී පිටවීමේ දොරටුව අසල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 May 2017
රජයේ ඉඩම් අක්කර 62,500 ක් උක් වගාවකට සිංගප්පූරු සමාගමකට දීලා - ජවිපෙ මන්ත්‍රී සමන්ත ඌව සහ නැගෙනහිර පළාත්වල ඇති රජයේ ඉඩම් අක්කර 62 500ක් උක් වගා කිරීමට සිංගප්පූරුවේ සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 18 May 2017
ආරක්ෂක ලේකම් - යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී ත්‍රස්ත ප්‍රහාරවලට ලක් නොවී ඊට සම්බන්ධ සෙසු ක්‍රියාකාරකම් වලදී ආබාධිත තත්ත්වයන්ට පත්වු අයට අවුරුදු 55 තෙක් වැටුප් සහ දීමනා ද, ඉන්පසු විශ්‍රාම ගැන්වීමේ හිමිකම් ද අහිමි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ආරක්ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාට ලබන සඳුදා (22) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ. 18 May 2017
එස්. එම්. චන්ද්‍රසේන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එයි අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මීට ටික වේලාවකට පෙර ප්‍රකාහයක් ලබාදීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 18 May 2017
සයිටම් විරෝධීන් 8 ක් රිමාන්ඩ් සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණ නියෝග කඩකළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක සහ තවත් ශිෂ්‍යයන් 7 දෙනකු හෙට (19) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 18 May 2017
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නව උපකුලපති පත්කරයි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ හය වැනි උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. 18 May 2017
මේ වසරේදීම එට්කා ගිවිසුම අත්සන් කිරීමේ අපේක්ෂා මේ වසර අග වන විට ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා එකඟතාව හෙවත් එට්කා අවසන් ගිවිසුම අත්සන් කිරීම දෙරටේම බලාපොරොත්තුව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දීය සාගර කලාප කටයුතු පිළිබඳ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාණ්ඩේ මහතා ප්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ෆයිනෑන්ෂියල් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි. 17 May 2017
පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. බල්බ විදුලිය තිබෙන නිවාසවලට පොලී රහිත ණය ක්‍රමයක් යටතේ එල්.ඊ.ඩී. (LED) බල්බ ලබාදීමට පියවර ගනිමින් සිටින බව විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි. 17 May 2017
පී.බී රත්නායකටත් අමාත්‍ය ධුරය අහිමි වෙයි උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පි.බි.රත්නායක මහතා අද(17) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම අමාත්‍ය ධුරයෙන් ඉවත්කර තිබේ. 17 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026